IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ලංකාවට එන නැවක් හැපී ඇමෙරිකාවේ සැතපුම් දෙකක් දිග පාලමක් කඩා වැටේ

(විමුක්ති එස් රුද්‍රිගු)

සිංගප්පූරු ධජය යටතේ ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීම හේතුවෙන් අද(26) අලුයම එම පාලම කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඩාලි නම් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව අද(26) අලුයම 1.30 ට පමණ  ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ එක් කණුවක ගැටීම හේතුවෙන් කිලෝ මීටර 2.5 ක් දිග පාලම පැටප්ස්කෝ ගංගාවට කඩා වැටී ඇත.

ඩාලි නෞකාව පාලමේ ගැටෙන මොහොතේ මෝටර් රථ සැලකිය යුතු ප්‍රමාණයක් පාලම මත ගමන් කරමින් තිබී ඇති බවත් පාලම කඩා වැටීම හේතුවෙන් මෝටර් රථ කිහිපයක් ගංගාවට වැටී ඇති බවත් මේරිලන්ඩ් ආණ්ඩුකාර වෙස් මුවර් ප්‍රකාශ කළේය.

පැය 5 සෝදිසි මෙහෙයුමකින් පසු ගංගාවට වැටුණු පුද්ගලයන් දෙදෙනකු බේරා ගැනීමට හැකි වුවත් ඉන් එක් අයෙකුගේ තත්වය යහපත් නොවන බව ආණ්ඩුකාරවරයා පැවැසුවේය.

එසේම අවම වශයෙන් තවත් හත් දෙනකු ගංගාවට වැටි අතුරුදන් වී ඇති බවත් මේ වන හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබෙන බවත්  ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කපිතාන් හිතාමතා නෞකාව පාලමේ ගැටෙන්නට සැලැස්වූ බවට හෝ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට කිසිඳු සාක්ෂියක් මේ වනතුරු හමුවී නොමැති බවද බැල්ටිමෝර් පොලිසිය පැවැසුවේය.

නමුත් නැවේ යම් දෝෂයක් තිබුණාදැයි තවම පැවැසිය නොහැකි බව බැල්ටිමෝර් පොලිසිය ප්‍රකාශ කළේය.

ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) සමග එක්ව සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු වෙරළ ආරක්ෂකයන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ඉදිරියේදී සියලු තොරතුරු අනාවරණය වනු ඇති බවත් බැල්ටිමෝර් පොලිසිය පැවැසුවේය.

ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම පැටප්ස්කෝ ගංගාවට අඩි 184 ඉහළින් පිහිටා ඇති බවත් තවමත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත්  බැල්ටිමෝර් පොලිසිය ප්‍රකශ කළේය.



අදහස් (6)

ලංකාවට එන නැවක් හැපී ඇමෙරිකාවේ සැතපුම් දෙකක් දිග පාලමක් කඩා වැටේ

Nandalal DE SILVA - France Tuesday, 26 March 2024 04:46 PM

මේ භාණ්ඩ නෞකාවේ, ශ්‍රී ලංකාවේ නාවිකයින් සිටි බවක් දැනගන්නත් තිබේද? ඔවුන් අනතුරට පත්වී නැද්ද කියා දැනගැනීමට පවුල්වල අය විශ්වාස බලාපොරොත්තු තබාගෙන සිටිනවා....!

:       0       0

චන්දන Tuesday, 26 March 2024 05:38 PM

ඒකටත් ලංකාව ගෑවිලා... පුදුම කරුමයක්..

:       0       0

Nimal Tuesday, 26 March 2024 05:53 PM

එතැනත් ලංකාවේ නම තිබ්බා...!

:       0       0

Prabha Tuesday, 26 March 2024 06:07 PM

නැවේ ලංකාවට අරන් ආවේ මොනවද කියන්න එපා... අපේ කළු කඩකාරයෝ ඒවා හිඟයි කියලා මිල ඉහළ දාවි...

:       0       0

පාඨකයෙක් Tuesday, 26 March 2024 07:34 PM

සැතපුම් 2ක් නොව, සැතපුම් 1.6ක් ලෙස ශීර්ෂ පාඨය නිවැරැදි කරන්නේ නම් මැනවි...

:       0       0

chandima Tuesday, 26 March 2024 11:26 PM

අනතුර වනවිට වතුරේ උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 4 (40 faranhite) පමණ වූ බැවින් වතුර යට සිටින්නාවුන් මේ දක්වා දිවි ගලවාගෙන ඇතැයි සිතීම අසීරු බවයි පවසන්නේ .කෙසේ වෙතත් මෙයට සමාන්තරව තවත් පාලම දෙකක් ඇති නිසා ගමනාගමනය නැවතී නැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත
2024 අප්‍රේල් මස 27 695 0

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකි


නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 486 4

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 1934 8

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 971 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 2262 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 3111 22

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 356 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1753 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1584 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site