ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට තහනම් කරන ලෙස ඉන්දියා දෙමළ තරුණ හා දෙමළ ශිෂ්‍ය ෆෙඩරේෂනය හා තවත් කණ්ඩායම් තුනක් ඉල්ලා ඇත.
මේ අරබයා සකස් කෙරුණු පෙත්සමක්ද ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට භාරදීමටද ඔවුන් කටයුතු කර තිබේ.
පෙත්සමින් ඔවුන් ප්‍රධාන වශයෙන්ම ඉල්ලා ඇත්තේ ඉන්දියාව හා ශ්‍රිලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබෙන සියලූ තරගයන් අවලංගු කර දමන ලෙසයි.
පසුගියදා ඉන්දියා ධීවර පිරිසකට ශ්‍රී ලංකාවේදී නියම වුනු මරණ දණ්ඩනය ගැනද සඳහනක් කර ඇති ඔවුන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණය ඉටුවනතාක් කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හෝ වේවා වෙනත් කිසිදු ආකාරයක ක්‍රීඩා කණ්ඩායමකට හෝ වේවා ඉන්දියාවේ ක්‍රීඩා කිරීම තහනම් කළ යුතුයැයිද කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභියෝග වලට මුණ දෙන්න බැරිනම් එයාල ක්‍රීඩකයෝ නෙමෙයි.නියම ක්‍රීඩකයෝ වගේ තමන්ට ලැබුණු අභියෝගය පිළිගන්න ඕන.(හේ)
ක්‍රිකට් තහනම් කරා කියලා වැඩක් තියෙනවාද?(හේ)
රුවන් මහත්තයෝ, ඔබ තුමාගේ ඔය සද්ද දාන්න ගෙදර උන්දැට. මාව නතර කරන්න ඔබ තුමා මොකෙක්ද? ක්‍රීඩකයෝ කියන්නේ ක්‍රීඩකයෝ. වෙලවල් වල ඉන්න පඹයෝ නෙමෙයි. (නදී)
අපේ අය මැච් තුනම දින්නනම් මේ කිසි කෙනෙක් බනින්නේ නැහැ. ඇත්ත කතාව ඉන්දියන් කණ්ඩායම අපිට වැඩ ශක්තිමත්. ඇත්ත එකයි. අනික ඔය මොකෙක් කෑ ගැහුවත් මැච් පහම තියෙනවා අනිවා. (බ)
නැගෙනහිර තුල වැඩියෙන් ධිවර කර්මාන්තයේ යෙදෙන්නේ දෙමල ජනතාව.ඉතින් ඉන්දියාවේ දෙමල අයට ලංකාවේ දෙමල අය ගැන ඔච්චර කැක්කුමක් තියනවනම්. අපේ රටට ඇවිත් මාළු බන්නේ ඇයි. එත කොට මාළු අඩු වෙන්නේ ශ්‍රී ලංකා දෙමල ජනතාවටනේ.ඉන්දීය හැමදාම කියන්නේ විහිලු කථා (බ)
අපේ ක්‍රිකට් පරිපාලකයන්ටනම් ඔය කියන තහනම හොඳයි කියල හිතෙයි අපේ අය පරදින විදිහට. කොහොම නමුත් ක්‍රීඩකයන්ගෙන් නොවිමසා මුදලට තන්හාවේ අපේ ක්‍රිකෙට් ක්‍රීඩකයන්ව අසරණ කරපු අයට රජකාලේ දඬුවන් දෙන්න ඕනි. කොහොම නමුත් අපි හැමදාමත් අපේ ටීම් එකට ආදරෙයි (බ)
හුසේන් මහත්තයෝ..අභියෝග වලට මුණ දෙන්න බැරිනම් එයාල ක්‍රීඩකයෝ නෙමෙයි.නිවටයෝ..නියම ක්‍රීඩකයෝ වගේ තමන්ට ලැබුණු අභියෝගය පිළිගන්න ඕන..ඕනෑම අවස්තාවක දස්කම් අතර ඉන්න හැකිවෙන්න ඕන.එහෙම බැරිනම් ඔය ක්‍රිකට් ගැහිල්ල අත ඇරලා වෙන රැකියාවක් හොයාගන්න ඕන..පහම පරදීවි..ඒකට ප්‍රශ්නයක් නැහැ..තමන්ට තමන්ගේ අඩුපාඩු වටහාගන්න මැතිව්ස්ට අහසින් පොළොවට බහින්න ජෙෂ්ටයන් කියාගන්න අයට සමුගන්න කාලේ හරි කියන එක මතක් කරවල දෙන්න මේ වගේ සංචාර තියෙන්න ඕන..මට දුක මේ සංචාරයට මාලිංග නැති එක..හිටියනම් මාලිංගට අහසින් පොළොවට නෙමෙයි අපායටම ගිහින් තමයි නවතින්න වෙන්නේ. (බ)
මේවා කරලා අපිට වට්ටන්න නම් ලැබෙන්නේ නැහැ (නි)
මේවා මෙහෙම වෙන්නේ නිලධාරීන්ගේ වරදින් අපේ කොල්ලන්ට මේකේ බලපෑම එන්නේ ලෝක කුසලාන තරඟාවලියේදී මෝඩ පාලකයෝ පත් කළාම ඔහොම තමයි (බ)
ලංකාවේ ඉන්න දෙමළ ජනතාවට ඇත්තටම ආදරේ නම් ඔය කෑගහන අයම කෑගහනව ලංකාවේ දෙමළ ජනතාවට මුුහුදු තීරේ මාළු අල්ලන්න දෙන්න කියල දේශපාලන බඩගෝස්තරේට ඔය කෑගහන්නේ ඒ මිසක් දෙමළ ජනතාවට ආදරේට නෙමෙයි (බ)
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ
හුසේන් මහත්තයෝ, අපි ක්‍රීඩාවේදී ඉගෙනගෙන තියෙන්නේ තරග කරන්න. දිනන්න උත්සහ ගන්න. බැරිනම් ඇයි බැරි වුනේ කියල වටහාගෙන ඊ ලග පාර ඒ වැරදි අඩු පාඩු හදාගෙන තරගෙට මුණ දෙන්න.(නදී)
අනේ බන්දුල යනවා හලෝ යන්න.දන්නා දෙයකුත් නැහැ.පුදුම ඊර්ෂ්‍යාවක්නේ මේ මනුස්සයට තියෙන්නේ.මේක වැදගත් පත්තරයක් නිසා මම තමුන්ට හරියට කියන්න ඕනෑ දෙය ලියන්නේ නැහැ (නි)
බන්දුල පෙරේරා මහත්මයා ටිකක් ඇස් ඇරල බැලුවා නම් නේද හොඳ. ඔබතුමා වලිගය පාගාගෙනයි ඉන්නේ. මට හිතෙන ආකාරයට ඔබට ක්‍රිකට් ක්‍රීඩාව ගැන තිබෙන දැනුම ඉතා අල්පයක් පමණයි. මුදලට කෑදර වෙලා මේ තරඟාවලිය ගත්තේ ක්‍රීඩකයෝ නෙවෙයි. ලෝක කුසලානයකට හොඳින් සුදානම් වෙමින් සිටි ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හෑල්ලුවට ලක් කරලා සැලසුම් සියල්ල අපතේ යවපු ක්‍රිකට් ආයතනයේ ඉන්න පාලකයෝ මේවට වගකිව යුතුයි. අපේ ක්‍රීඩකයෝ මෙහෙම දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන්නෙ නෑ මේක හදිසියේ යෝදා ගත්ත තරඟාවලියක් නොවුන නම්. ඕනම දෙයක් කිරීමට මනා සැලසුමක් වගේම හොඳ පෙර සුදානමක් ද අවශ්‍ය වෙනවා. ඒ දේ තේරුම් ගන්න. (නදී)
මේ පාර මොකක්ද වෙන්න යන්නේ ? (නදී)
කෙදෙව්වන් ගියා වගේ අපේ අයටත් එන්න තියෙන්නේ.(හේ)
සද්දෙට බය වෙන්න එපා.අපි ඊලඟ මැච් දෙක දිනලා එමු.(හේ)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
අයි මේ ක්‍රීඩාව එක්ක ජාතිවාදයක් පටලවා ගෙන තියෙන්නේ .(හේ)
මේවා කරලා අපේ වීරයින් වට්ටන්න බැහැ (නි)
එහෙම හරි වෙනවනම් විදුලි පැය, මිනිස් පැය කීයක් අාර්ථික කටයුතු වලට යෙදෙයිද? (බ)
ඉන්දියාවේ වැඩිපුර ඉන්නේ බුද්ධියෙන් අඩු අයයි.(හේ)
ඔය තරඟාවලිය නැවැත්තුවොත් ඉන්දියාව තරඟාවලිය දින්නට වඩා වෙන අවනම්බුව වැඩියි.(හේ)
කොහොම කිව්වත් ඉතිරි මැච් දෙක ගහනවා.(හේ)
ක්‍රිඩාවට මේ ප්‍රශ්න මැදිහත් කර ගන්න එපා.(හේ)
අද හෙටම එක්කෙනෙක් දෙන්නෙක් ගිනි තියා ගනියි විරෝධය පාන්න.(හේ)
අනේ මෙයාලා මහ ලොකු රටනේ.(බ)
ලංකාවේ මේ ඉල්ලීම සාධාරණයි (දී)
ක්‍රීඩකයෙක් කියන්නේ අභියෝග වලට මුණ දීල ඒවා ජය ගන්න හැකි අයෙක් මිස අභියෝග වලින් පැනල ගිහින් ප්‍රතිවාදියා තරගෙන් ඉවත් කර ගන්න හදනා දේශපාලන බියසුල්ලෙක් නෙමෙයි. මම ඒකයි කිව්වේ ..පහම පරදීවි..එක ප්‍රශ්නයක් නෙමෙයි..අවශ්‍ය තමන්ට වඩා ප්‍රබල පිලක් සමග ගැටීමෙන් ලබන අත්දැකීම..අපේ පිලේ සමහරු ඉන්නේ අධිමානෙන්..ඒ අය අහසින් පොලවට බහින්න ඕන ලෝක කුසලානෙට පෙර..විශේෂයෙන් නායකයා සහ ජ්‍යෙෂ්ඨයින් කියා ගන්නන්..ඉන්දියාව එයාලාව අහසින් පොළොවට බස්සාවී තරග පහ ඉවර වෙනකොට..ඒක ලෝක කුසලානයේදී අපිට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. (බ)
අපේ ක්‍රීඩකයන්ට කරන මේ හෑල්ලුවට මම නම් ක්‍රිකට් ප්‍රේක්ෂකයකු හැටියට කියන්නේ මින් පස්සේ අපි ඉන්දියාවත් එක්ක ඔවුන්ගේ රටේ තරග නොකළ යුතුයි ආරක්ෂාව උදෙසා. නමුත් ඉන්දියාව කාරුණිකව ඉල්ලීම් කලොත් අපේ ක්‍රීඩකයන්ට සුපිරි ආරක්ෂාවකුත් ලැබෙනවා. ඔවුන්ගේ ආත්මාභිමානයත්, ගෞරවයත්, රටේ ගෞරවයත් කෙලෙසන මේ උද්ගෝෂණ කරන කොටියන්ට විරුද්දව එවෙලම නීතිය ක්‍රියාතමක කර ඔවුන්ට දඩුවම් කල යුතුයි. මේකට එකග නම් ඉන්දියාව අපි කැමති නැත්නම් ලෝකයේම ගෞරවයට පාත්‍රවූ අපේ ක්‍රිකට් අපේ ක්‍රීඩකයෝ. නිකන් අනුන්ගේ රටේ අවමානයට ලක්වීම බලාගෙන ඉන්න පුලුවන්ද? (නදී)
අපේ ක්‍රීඩකයන්ට කරන මේ හෑල්ලුවට..මම නම් ක්‍රිකට් ප්‍රේක්ෂකයකු හැටියට කියන්නේ මින් පස්සේ අපි ඉන්දියාවත් එක්ක ඔවුන්ගේ රටේ තරග නොකළ යුතුයි.(හේ)
දන්නා තරම් තමයි. සමගිය, සෙල්ලම නොහඳුනන මිනිස්සු! (නි)
ක්‍රීඩකයෝ කියන්නේ ක්‍රීඩකයෝ. අපි ක්‍රීඩාවේදී ඉගෙනගෙන තියෙන්නේ තරඟ කරන්න..දිනන්න උත්සාහ ගන්න..බැරිනම් ඇයි බැරි වුණේ කියලා වටහාගෙන ඊළඟ පාර ඒ වැරදි අඩුපාඩු හදාගෙන තරඟයට මුහුණ දෙන්න කියලයි. නන්දන මහත්තයෝ, වතුරේ ගැඹුර කියන්න වතුරට බහින්නම ඕනෑ නැහැ. ප්‍රබල පිලක් එක්ක මිසක් දුබල පිලක් එක්ක හැපිලා ජයක් ලබා මොකටද මහත්තයෝ? අනේ ඔයයි මායි දන්න ක්‍රිකට් .. (නි)
ක්‍රීඩාව දැන් හෑල්ලුවට පත් වෙලා තියෙන්නේ. කාටත් ඕනේ සල්ලි (නදී)
බන්දුල පෙරේරා හිතන්නේ තමන් කියන හැමදේම හරි කියලා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට නිහඩව ඉන්න හිතුනේ නැහැ බන්දුල පෙරේරාගේ මෝඩ අදහස් දැකලා. දිනන පරදින එක අපි හැමෝටම පොදු දෙයක්. හැමදාම දිනන්නත් බැහැ, හැමදාම පරදින්නේත් නැහැ. බල්ලෝ බිරුවට කඳු පාත්වෙයිද? අපේ ක්‍රිකට් විරුවෝ අපිට වටිනවා. (නි)
බන්දුල පෙරේරාගේ මානසික පීඩනය ලංකාදීපයෙන් නිවාගන්න හදන එක කනගාටුවට කාරණයක්. (නදී)
බන්දුල පෙරේරා මහත්තයෝ මට කියනවද ක්‍රිකට් ගහල තියෙනවද කියලා. මෝඩ චූන් දෙන්න එපා. (නදී)
මේක එක එක්කෙනාට විවිධ කෝණවලින් බලන්න පුලුවන් විදියේ ප්‍රශ්නයක් (නි)
"උඹලට ඕනේ නැත්නම් අපිටත් ඕනේ නැහැ" කියලා ආපහු එන්නයි තියෙන්නේ.(හේ)
අනේ බන්දුල මහත්තයෝ, ගහෙන් ගෙඩි එන්නා වගේ එකපාරටම ඉන්දියාව වගේ ප්‍රබල කණ්ඩායමක් එක්ක, ඔවුන්ගේ බිමේදී තරගාවලියකට දවස් හතරක් පහක් වගේ ඉතාමත් කෙටි කාලෙකදී ලෑස්ති වෙනවා කියන්නේ කෙලින්ම ක‍්‍රීඩකයන්ව මානසිකව වට්ටනවා කියන එකයි. එකනේ, සංගත් ඔහුගේ අකමැත්ත වහෙන් ඔරව ඔහුගේ ට්විටර් පණිවිඩයෙන් එවෙලේම කියල තිබ්බේ. පොඩ්ඩක් සාධාරණව හිතන්න පුරුදුවෙන්න. (ර)
ඉන්දියාවේ ඉන්නේ මොනවගේ අයද කියලා අපි දන්නවා. නැත්නම් ජයලලිතා වෙනුවෙන් ගිනිතියා ගන්නවාද? (නි)
අපේ අය දක්ෂ බව ඔය කවුරුත් දන්නවා (නි)
තහනම කෙසේ වෙතත් කොන්ද පන නැති අපේ ක්‍රිකට් නිලධාරියෝ සල්ලි ගැන විතරක් හිතපු එකේ ආනිසංස දැන් අපේ ක්‍රීඩකයෝ විඳිනවා.ඔහොමම ගිහිල්ලා 5-0 හැටියට පැරදුනත් නිලධාරියෝ මාධ්‍ය සංදර්ශන තියලා නාඩගම් නටාවි. වෙන්නේ අපේ ක්‍රීඩකයෝ හෑල්ලු වේවි. ඔවුන්ගේ මානසික මට්ටම රින වේවි.රසිකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව ආයෙමත් එපා වේවි. ඔය කිසි දෙයක් ගැන නොහිතා සල්ලි ගැන විතරක් අපේ නිලධාරියෝ ඔච්චර උනන්දු වුනේ රටට සල්ලි ගේන්නද ? ඕවට තමයි කොම්ෂන් පත්කරන්න ඕන. හැබැයි අතේ පැලවෙන කොම්ෂන්වලින් නම් එත් වැඩක් නැහැ. අනේ රටකට ගිය කලක්. (හේ)
ලෝකෙටම තියෙන්නේ ඔය රට විතරද ? (නදී)
එයාලට ඕනේ නැත්තම් අපිට ප්‍රශ්නයක් නෑ.(හේ)
මෙම ඉල්ලීමේ හරි වැරැද්ද කෙසේ වෙතත්, හමේ පාට, දුප්පත්කම, කතා කරන භාෂාව දරන දේශපාලන මතය වගේ හේතු නිසා තමන් උපන් බිමේ සම තත්ත්වය අහිමි සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ශ්‍රීලාංකික ජනතාවට සම තැන් හිමිවන සාධාරණත්වය ඉටුවන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .(හේ)
ඒක අසාධාරණයි.(හේ)
කාට රිද්දවන්නද මෙයාල මේ හදන්නේ. ඔය ගුප්සිස්ලට මොලයක් නැතුවට ඉන්දීය මධ්‍යම රජයට මොලයක් තියෙනවා මේවා තේරුම් බේරුම් කරගන්න.පුදුම කොඩිවිනයක්නේ මෙවුන්ගේ අපේ රට තියෙන්නේ.(හේ)
මේක පුදුම වැඩක්නේ..සංඛ මහත්තයෝ..දැන් එක එක්කෙනාට එක එක තැන් තියෙනවද? කවුද මේවා බෙදලා දුන්නේ අපි නම් දන්නා විදියට මේ රටේ සෑම පුරවැසියෙක්ම සමාන අයිතිවාසිකම් භුක්ති විදිනවා.(දිල්)