ඇය වඩාත් පරිත්‍යාගශීලී කාන්තාවකි. මේ කාන්තාව කිසිම දෙයකට කිපෙන තැනැත්තියක නම් නොවේ. ඇය ආදරය කරන්නේ පුංචි රූහිටය. පුංචි රූහිද ඇයට පණ මෙන් ආදරය කරන්නීය. රමන් මේ පරිත්‍යාගශීලී කාන්තාවගේ සැමියාය. එතැනින් එහාට ඇය කවුදැයි කියා ටෙලිනාට්‍ය පේ‍්‍රක්‍ෂක ඔබට අමුතුවෙන් කිවයුතු නැතැයි අපි දනිමු. සිරස දිනපතා ගෙන එන ”මේ ආදරයයි” කතාවේ ඉෂිතා ඇයයි. එහි ඉෂිතා වුවද, ඇයගේ සම්පූර්ණ නම වන්නේ දිව්‍යංකා ත‍්‍රීපතිය. මේ සුන්දර දිව්‍යංකා පසුගියදා හදිසියේම ලංකාවට පැමිණියාය. ඒ ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධනගේ ”මනාලියන්ගේ මහගෙදර” කොළඹ ශාඛාවේ (නවීකරණය වූ) විවෘත කිරීමේ උත්සවය වෙනුවෙනි. එලෙසින් පැමිණි ඇය චම්පි වෙතින් මනාලියක ලෙස හැඩවීමටද අමතක නොකළාය. දිව්‍යංකා සඳහාම වූ මනාලියක පළඳින සාරි මෝස්තර නිර්මාණය, මල් කළඹ ඇතුළු ස්වර්ණාභරණ සියල්ලම අලූතින්ම නිර්මාණකර තිබිණි. එලෙසින් ලංකාවට ඇවිත් උඩරට සුන්දර මනාලියක ලෙස හැඩවූ දිව්‍යංකා හෙවත් ඉෂිතා ගැන කියැවෙන විස්තරයකි මේ.
ඉෂිතා (දිව්‍යංකා තී‍්‍රපති)
දිව්‍යාංකා උපත ලැබුවේ 1984 වසරේදී ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ බෝපාල්හිදීය. පාසැල් අධ්‍යාපනය නිම කළේ බෝපාල් විද්‍යාලයෙනි. නරේන්ද්‍ර සහ නීලම් ත‍්‍රීපති යුවළ ඇයගේ මාපියන්ය. අයිෂ්වර්යා තී‍්‍රපති සහ ප‍්‍රියංකා තිවාරි සොයුරියන් වෙති. වෘත්තීය රූපවාහිනී රංගන සහ අනෙකුත් වැඩසටහන්වලට දායක වන ශිල්පිණියකි. කෙසේ වෙතත් ඉන්දීය කෝටි ගණනක මහා පේ‍්‍රක්‍ෂකාගාරයක ඇය දිදුලන තාරකාවක් වූයේ, ”යේ හායි මොහබ්බතීන්” හෙවත් ”මේ ආදරයයි” නාට්‍ය මාලාවේ වෛද්‍ය ඉෂීතා රමන් බල්හා චරිතය නිසාය.
එම චරිතයේදී ඇය වඩා අහිසංක මෙන්ම වඩා තැන්පත් චරිතය වුවද, සාමාන්‍ය ජීවිතයේදී නම් ඇය එසේ නොවූ තැනැත්තියකි. විශේෂයෙන්ම නව යොවුන්වියේදී ඇය බෙහෙවින් ආසා කළේ වඩා ත‍්‍රාසජනක වූ අත්දැකීම් ලබාගැනීමටය.
”මම කඳු නගින්න සහ ඒ ආශ‍්‍රිත ත‍්‍රාසජනක ක‍්‍රීඩාවලට ආසා කළා. නමුත් මම වඩා දක්‍ෂ වුණේ රයිෆල් වෙඩි තැබීමටයි.”
එසේ කියන දිව්‍යංකා, නේ්රු අධ්‍යයන ආයතනයෙන් කඳු නැගීම සඳහාවූ පාඨමාලා සහතිකලාභිනියකි. බෝපාල් රයිෆල් හෙවත් වෙඩි තැබීමේ පුහුණු පාසලෙන් මෙන්ම උත්තර්කාෂි පාසලෙන් වෙඩි තැබීමේ පුහුණුව සඳහා සහතික සම්මාන මෙන්ම රන් පදක්කම් ලාභිනියකද වන්නීය. රංගන දිවිය සඳහා ඇය අවතීර්ණ වූයේ ආකාෂ් වානි බෝපාල් නිසාය. වතාවක ඇය රූ රැජින තරගයකට පෙනී සිටි අතර, එහිදී වඩාත් පැහැපත් සම සහිත සිරුර සඳහා වූ අංශයෙන් තේරී පත්වූවාය. ඉනික්බිතිව බෝපාල් කුමාරිය ලෙස (බෝපාල් රූ රැජින ලෙස) 2005 දී ඇය අභිෂේක ලැබුවාය. ඉන්දීය දූර්දර්ශන් ටෙලි ආයතනයේ නිර්මාණයක් සමග කරළියට පැමිණි දිව්‍යංකා ඉන්පසුව සම්මාන රැසක්ම දිනාගනු ලැබුවාය.
ආදරණීය කතා ෙ මන්ම අභිරහස් කතා පුවත් රැුගත් නිර්මාණවලටද ඇය එක්වූයේ මහත් රුචිකත්වයකිනි. 2013 විකාශය ඇරැුඹි, මේ දක්වා විකාශය කෙරෙන ”මේ ආදරයයි” රඟපෑමට පෙර ඇය දීර්ඝ ටෙලිමාලා දහයකට වැඩි සංඛ්‍යාවකට දායක වී විශාල පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර මෙන්ම සම්මාන රැසක් ලබාගත් ශිල්පිණියක වූවාය.
”මේ ආදරයයි” නාට්‍ය මාලාවේ පේ‍්‍රමාන්විත ඉෂිතා සැබෑ ජීවිතයේදී වසර නවයක පමණ පේ‍්‍රමයෙන් බැඳී සිටියේ, තවත් රූපවාහිනී තරුවක්වන ෂාරද් මල්හෝත‍්‍රා සමඟය. එය වේදනාකාරී අඬදබරයකින් නිමාවූ එකක් බවද සඳහන් වේ. කෙසේ වෙතත් මේ දීර්ඝ පේ‍්‍රමයට කුමක්ද වූයේද යන්න තවමත් ඇය නිවැරදිව ප‍්‍රකාශ කර නැත. කෙසේ වෙතත් ඉන්දීය එක්ස්ප‍්‍රස් පුවත්පත හා පැවැති සාකච්ඡුාවකදී ”ඔබ දැන් ප‍්‍රකෘති තත්ත්වයට පැමිණ සිටීද” යන ප‍්‍රශ්නයට ඇය ප‍්‍රකාශ කර ඇත්තේ, ”වෙනසක් යනු ජීවිතයට සුබවන අවස්ථා තිබෙනවා. මම දැන් ගොඩාක් පෙරට වඩා ස්වාධීනයි කියලා හිතනවා මම ඒ පේ‍්‍රමයේදී සුන්දර ගමනක් ගියා, සුන්දර බැඳීමක් අපට තිබුණෙ. මම විටෙක විශ්මයට පත්වුණා, කුමක්ද වූවේ යන්න සිතා. නමුත් .......... මම ගෙදරක සිටි තවත් එක් කාන්තාවක් නෙවෙයි. රංගනය නිසා මට නව ජීවිතයක් ලැබුණෙ. වේදනාකාරී සහ ආරවුලකින් නිමවූ බැඳීමක් තමයි. නමුත් මම අසුබවාදීව කිසි විටෙකත් හිතන්නෙ නැහැ. මෙතැන කිසිම ගනුදෙනුවක් නොවූ විරාමයක් ලෙස හිතන්න මම කැමතියි.”
මේ විදියට නිමාවූ පේ‍්‍රමය ත‍්‍රාසජනක ගමනාන්තයක් බවට ඇය පත්කර ගත්තේ නැවතත්, කඳුමත පාව යන (එල්ලී යන) ක‍්‍රීඩාවට අවතීර්ණ වෙමිනි. කෙසේ වෙතත්, දිව්‍යංකා කිසිවක් නිසා තවදුරටත් පසුතැවීම් නොවන වගනම් කිව යුතුමය.
දිව්‍යංකා ශ්‍රී ලංකාවට ආ හේතුව
දිව්‍යංකා මෙලෙසින් ශ්‍රී ලංකාවට පැමිණි හේතුව අපි මුලින්ම සඳහන් කළෙමු. ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පිණී චම්පි සිරිවර්ධන වෙතින් ඇය මෙලෙස මනාලියක ලෙස හැඩ වූ අතර, ඉනික්බිතිව, මංගල උත්සව ක්ෂේත‍්‍රයේ නිරත ප‍්‍රවිණ සහ වෘත්තීය ශිල්පීන් පිරිසක් සංවිධානය කළ අපූරු ඉසව්වකටද දායක වූවාය. මෙලෙස ක‍්‍රිස්ටල් රිද්මය යටතේ නිමාවූ මනාලියගේ සාරි නිමැවුම් සංකලප්ය චම්පිගේ වන අතර නිමැවුම සරීටා වෙතිනි. තැලි සහ ආභරණ සහ රනින් නිමකළ ස්වරණාභරණ උඩරට මනාලිය සඳහා නිර්මාණයවීමද විශේෂත්වයකි.
හැඩගැන්වීම : චම්පි සිරිවර්ධන







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් නම් මේ රූපලාවන්‍ය ශිල්පිනියන් දෙනවක හාමිනේට හරි මනමාලිට අන්දාවී . අපහාසයක් නෙවෙයි. යම් පාරම්පරික මංගල ඇඳුමක් අන්දන කොට ඊට සුදුසු කෙනෙකුට ඇඳුමේ මුල් ලක්ෂණ වෙනස් නොකර අන්දවන එක තමයි හොඳ. (ම)
මොන සිහියකින් මේ නිරුපිකාවට ඇන්දෙව්වා ද මන්දා ! සාරිය රෙදි පීස් එකක් වගේ ඔතලා. බොහොම අසාර්ථකයි මේ විලාසිතා ගැන්වීම නම් (ම).
අපේ සමහර අයගේ අදහස් දැක්කහම අනේ කියලා හිතෙනවා. ඔය කියන තරම් ඉන්දියාවවත් ඒකේ මිනිස්සුවත් ලස්සන නැහැ. හරිම අපිරිසිදු පාරේ මළපහ කරන මිනිස්සු ඉන්න රටක්. කුමාරි, ඇස් ඇරලා බලන්න. (නි)
මේක මේ නිළියගේ පානෙන් එළීය බලන්න කළ වැඩක් වගේ මට නම් පේන්නේ. (ම)
ඇත්තම කියන්න කවදාවත් මනාලියකට අන්දවපු නැති විදියටයි ඔසරිය ඇතුළු ඇඳුම් විලාසිතාව අන්දවා තියෙන්නේ. ආරංචියේ හැටියට කිලෝ ගානට බර සාරියක්ලු. ඩමියකට අන්දනවා වගේනේ ආරිච්චි බෝරිච්චි එහෙන් මෙහෙන් එල්ලලා. (ම)
ජාතිබේද අමතක කරලා ඇත්තටම මුළු හදින් සුබ පතන්න පුරුදුවෙන්න. ඔබගේ හිතින් හිතන දේ මුවින් පිටවෙනකොට හරිම කැතයි. මේ ලෝකේ හැම මනුස්සයෙක් වගේම හැම සතාමත් ලස්සනයි. (නි)
පාරම්පරික මුල් ඇඳුම ඇන්දුවානම් මිට වඩා හුගක් ලස්සන වේවි .මේක හරිම කෘතිමයිනේ .(ම)
මේ නිළිය ජනප්‍රිය නිසා ඒ තුලින් වෙළඳ වාසියක් ගන්න කල වැඩක්ද කියලා හිතෙන්නේ. (කෞ)
ඕනෑම ලස්සන වැඩි හෝ අඩු මනාලියකට චාම්, සරල, විනීත, ඒ වගේම අත්‍යාලංකාර නිමාවක් දෙන්න හැරිස් වගේ දක්ෂයෙක් මාත් දැකල නැහැ (බ)
අපේ රටේ මීටවැඩිය සිය දහස් ගණනක් ලස්සන කෙල්ලෝ ඉන්නවනේ. ඉතින් මොකද ඔයාලට බැරි ඒ කෙනෙක්ව මේවගේ දෙයකට ඉස්සරහට ගන්න? සිය රට දේ සිරි සැප දේ කිව්වට අපි තවමත් පිටරට දේ රජ සැප දේ කියලා හිතාගෙන ඉන්නේ. (නි)
මේකප් දාපු කෙනෙක්ව ස්වභාවිකව දකිනකොට හරිම අපහසුයි. පෞද්ගලිකව මේකප් කියන දේට මන් හරිම අකමැතියි, ප්‍රසන්න පෙනුමක් එන්නේ, ස්වභාවික පෙනුමයි, මැය රංගන ශිල්පිනියක්, මැයගේ වරදක් නෑ අපේ රටේ ආරාධනයට පමණයි මැය සහබාගි වුයේ. (ර)
දැලක් අරන් වටේ යන්තම් ඔතලා මල් වෙනුවට බල්බ් ටිකක් අතට දීලා වගේ. මේ නිළිය ඉන්දියානු සාරියකින් සැරසුව නම් මිට පිළිවෙලට තියේවි. හරියට ගුවන් තොටුපලේ සිට කෙලින්ම දුවන් ඇවිත් තියන දෙයක් අල්ලා ගත්තා වගේ . මේ අපිට පේන හැටි! (බ)
දැන් මනාලියන් ලස්සන කිරීමට අවශ්‍ය වෙන්නේ මේක්අප් කිලෝ එකයි, සල්ලි ගෝනියයි විතරයි. (නි)
අපොයි මේ රටේ මල්l නැද්ද මනමාලියට අන්දවන්න. සුදු පාට ජිල්බෝල ටිකක් මල් පොකුරකට අරන් වගේනේ. අනේ මට නම් කිසිම සිරියාවක් නැහැ මේඇඳුමේ. බොහොම කලබලෙන් ඇන්දුවා වගේ. නිළිය ලස්සන නිසා ඇදුමේ අඩු පාඩු යන්තන් මැකිලා. (ම)
එක රුපලාවන්‍ය ශිල්පිනියක් තමන්ට ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන වටිනා මගුල් ඇඳුමක් බලෙන්ම වගේ තරුණියකට අන්දවන්න ගිහින් එයා එක ඇන්දේ නැතිලු. හොඳම වැඩේ. කාගේ හරි උවමනාවක් ඉෂ්ඨ කරන්නද මිනිස්සු මගුල් ගන්නේ . (ම)
ඉෂිතාගේ ලස්සන නිසා මේ විකාර ඇඳුමේ කැත මැකිලා යනවා (ම)
හොද වෙලාවට මෙය ලංකාවේ චන්දෙ ඉල්ලන්නේ නැත්තේ නැත්නම් දිනනවා අනිවා! (කෞ)
ලංකාවේ ගෙවල් වල ගෑණු ඉන්දියන් හඬ කැවූ ටෙලිනාට්‍ය බලලා මත්වෙලා ඉන්නේ. (කෞ)
මගේ පුද්ගලික අදහස නම් ඉතාම ස්වාභාවික ලෙස උඩරට මනාලිය සම්ප්‍රදාය නොකඩා ලස්සනට අන්දන්නේ හැරිස් විජේසිංහ සහ චාන්දනී බණ්ඩාරයි. මෙම නම් පළකිරීමෙන් කාටවත් අපහසුතාවයක් සිදුකරන්නට මම නොසිතමි (නි)
මේ රූපලාවන්‍ය ආයතන ප්‍රසිද්ධ ලොකු තැන් වල මනාලියන්ට අන්දවන්න දැන් හැල්මේ රේස් එකක් යනවා. හැබැයි වැඩිය ප්‍රසිද්ධ නැති තැනකින් අන්දපු මනාලියන් තරම්වත් මට නම් මේ මනාලිය ලස්සන නැහැ. කිසිම ස්වාභාවික පෙනුමක් නැහැ. මේ මගේ පුද්ගලික අදහසයි (නි)
දැන් දැන් අපේ උඩරට මනාලිය නිකන් කොහේටවත් නැති මනාලියක් වේගෙන යන්නේ. අළුත්ම විලාසිතාව තමයි ඔසරියෙන් පහළ රැලි දාලා මැක්සියක් කරලා. හැට්ටය පිටක් නැහැ . ඉස්සරහින් වැහෙන්න ඕනෑ ප්‍රදේශ කර ගැඹුරට කපලා. මේවා ඇඳගෙන පෝරුවට නගිනවට වැඩිය කෙළින්ම මධුසමයට ගියා නම් ඉවරයි. (නි)
චාරු, තුෂාන්, ඔයාලගේ අදහස නම් නියමයි (නි)
වැඩේ හොඳයි (නි)
ලස්සනයි (නි)
මම දැකපු කැතම උඩරට මනාළිය (මේ නිළිය පියකරුයි) ඇඳුම නම් විකාරයක් , හරියට ෆිට්ඔන් වෙලාවත් නැ. සාරියකට වඩා නයිටියක් වගේ. මල් කළඹත්, රුපලාවන්‍යයත් ඉතා අස්වාභාවීකයි (බ)
ඉෂිතා ඉතාම ලස්සන රූමත් කාන්තාවකි. ඉෂිතා වැඩියෙන්ම ආදරය කරන්නේ රුහිටයි අදිටයි පමණි.කිසිම දෙයකට කිපෙන තැනැත්තියක් නම් නොවේ.(අ)