IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘ලංකාව හොඳ රටක් ඒත් ඡන්ද රැලි ප්‍රචණ්ඩ විය හැකියි‘

ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකා වැසියන්ට අමෙරිකාව අනතුරු අඟවයි

ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ජනමාධ්‍ය මගින් නිරන්තරයෙන්  දැනුම්වත් වන ලෙසත්, දේශපාලන රැස්වීම් හා රැලිවලට සහභාගීවිමෙන් වළකින ලෙසත් අමෙරිකා  රජය සිය වැසියන්ට දැනුම්දී ඇත.

සාමකාමි දේශපාලන රැලි සහ රැස්වීම්වල පවා ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් ඇති විය හැකි හෙයින් ඇමෙරිකා රජය මෙම සංචාරක උපදේශනය නිකුත් කර ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සංචාරක කටයුතු සඳහා සහ ජිවත්වීම සඳහා ඉතා හොඳ රටක් ලෙස අනුමත කරන ලෙස ද ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත. මීට සති දෙකකට පෙර ඕස්ට්‍රේලියානු රජයද ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ලබන 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මෙවැනිම අනතුරු ඇඟවීමක් සිදු කර තිබිණ.



අදහස් (0)

‘ලංකාව හොඳ රටක් ඒත් ඡන්ද රැලි ප්‍රචණ්ඩ විය හැකියි‘

ලංකා Sunday, 09 August 2015 06:55 AM

මෙවන් ප්‍රකාශන අපගේ රටට හොඳ නැත.ජනතාවගේ වගකීමක් තිබෙනවා රටේ සාමය ගැන හිතන්න (නි)

:       0       0

සෑම් Sunday, 09 August 2015 07:10 AM

දියුණු රටවල් තම පුරවැසියන් හැකි සෑමවිටම දැනුවත් කරන අතර ලංකාව ගැන ඇති තොරතුරු සමහර දේවල් ලාංකිකයෝවත් දන්නේ නැහැ. යුද්ධ කාලෙත් අර කුරුම්බැට්ටි වලට වෙඩි තියන්න හැදූ තුවක්කු අට්ටාල අසළ ගැවසීමෙන් හෝ නවාතැන් ගැනීමෙන් වළකින ලෙස උපදෙස් දී තිබුනේ ගුවනට තබන වෙඩි උණ්ඩ ආපසු පොළවට වැටීමෙන් අනතුරට පත්වූ මිනිසුන්ගේ ගණන් මිනුම් සහිතවයි. (නි)

:       0       0

චානක Sunday, 09 August 2015 07:10 AM

පේනවද අපිව ඇමරිකානු රජය බලාගන්න හැටි (නි)

:       0       0

පෙරේරා Sunday, 09 August 2015 07:30 AM

ලංකාවට මේ වගේ ප්‍රසිද්ධියක් ලැබෙන්න සළස්වා තියෙන්නේ ලංකාවේ දේශපාලඥයොම තමයි ඉතින් (නි)

:       0       0

ටිරාන් Sunday, 09 August 2015 11:38 AM

ඔන්න පේනවා නේද අපි ගැන හිතන හැටි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site