ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකා වැසියන්ට අමෙරිකාව අනතුරු අඟවයි
ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ජනමාධ්‍ය මගින් නිරන්තරයෙන් දැනුම්වත් වන ලෙසත්, දේශපාලන රැස්වීම් හා රැලිවලට සහභාගීවිමෙන් වළකින ලෙසත් අමෙරිකා රජය සිය වැසියන්ට දැනුම්දී ඇත.
සාමකාමි දේශපාලන රැලි සහ රැස්වීම්වල පවා ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් ඇති විය හැකි හෙයින් ඇමෙරිකා රජය මෙම සංචාරක උපදේශනය නිකුත් කර ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සංචාරක කටයුතු සඳහා සහ ජිවත්වීම සඳහා ඉතා හොඳ රටක් ලෙස අනුමත කරන ලෙස ද ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත. මීට සති දෙකකට පෙර ඕස්ට්‍රේලියානු රජයද ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ලබන 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මෙවැනිම අනතුරු ඇඟවීමක් සිදු කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ප්‍රකාශන අපගේ රටට හොඳ නැත.ජනතාවගේ වගකීමක් තිබෙනවා රටේ සාමය ගැන හිතන්න (නි)
දියුණු රටවල් තම පුරවැසියන් හැකි සෑමවිටම දැනුවත් කරන අතර ලංකාව ගැන ඇති තොරතුරු සමහර දේවල් ලාංකිකයෝවත් දන්නේ නැහැ. යුද්ධ කාලෙත් අර කුරුම්බැට්ටි වලට වෙඩි තියන්න හැදූ තුවක්කු අට්ටාල අසළ ගැවසීමෙන් හෝ නවාතැන් ගැනීමෙන් වළකින ලෙස උපදෙස් දී තිබුනේ ගුවනට තබන වෙඩි උණ්ඩ ආපසු පොළවට වැටීමෙන් අනතුරට පත්වූ මිනිසුන්ගේ ගණන් මිනුම් සහිතවයි. (නි)
පේනවද අපිව ඇමරිකානු රජය බලාගන්න හැටි (නි)
ලංකාවට මේ වගේ ප්‍රසිද්ධියක් ලැබෙන්න සළස්වා තියෙන්නේ ලංකාවේ දේශපාලඥයොම තමයි ඉතින් (නි)
ඔන්න පේනවා නේද අපි ගැන හිතන හැටි? (නි)