
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙි නිෂ්පාදනයක් වන සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගමෙි නවතම මෝටර් සයිකල් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීම අද (15) පෙරවරුවේ සිදු විය.
අපනයන ආර්ථිකයක් කරා යාමේ රජයේ වැඩපිළිවෙළට දායක වෙමින් දේශීය ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් නගා සිටුවීමට ලංකා බැංකුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන යටතේ මෙම නිෂ්පාදන කටයුතු කර තිබෙි.
සෙනාරෝ මෝටර් කම්පැනි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන් වඩුගේ මහතා ඊට අදාළ යතුරු සහ ලිපි ලේඛන මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් පිළිගැන්වීය.
කර්මාන්ත අමාත්‍යාංශය හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) ට අනුව මෙම නිෂ්පාදන කටයුතු සිදු කර තිබේ.
ලංකා බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සෙනාරෝ මෝටර් කම්පැනි පුද්ගලික සමාගම රුපියල් බිලියන 1.5ක ආයෝජනයකින් යුතුව යක්කල ප්‍රදේශයේ ඉදිකරන ලද නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ මුලික අදියරේදී දේශීයව නිපදවන අමතර කොටස් මගින් 35% අගයදාම එකතු කිරීමක් සමගින් මෙම SENARO GN 125 මෝටර් සයිකලය නිෂ්පාදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයට ඇවිත් දවසින් නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරනවා කියලා කෑ ගහන අහවල් පක්ෂෙට කඩේ යන ගොයියෝ මේකෙත් ඇදයක් නොදැක්කොත් මේ ලංකාව නෙමෙයි...
මාතෘකාව දැක්කාම මම සන්තෝෂ වුණා. ඒත් කියවාගෙන යනකොට තමයි දැක්කේ කොටස් ගෙනත් එකලස් කරනවා කියලා. බජාජ් වාහනත් කොටස් ගෙනත් එකලස් කරනවා. දැන් බජාජ් වාහන වලටත් 35% - 40%අතර දේශීය කොටස් එකතු කරනවා. 100%ක් ශ්‍රී ලාංකික වාහන නිෂ්පාදන පිට රටට යන දවසට අපට සතුටු වෙන්න පුළුවන්...
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සහ ශ්‍රී ලංකාවේ එකලස් කරන ලද?
මේවා අද, ඊයේ රනිල් ආපු ගමන් වෙච්චි වැඩ නෙවෙයි. නිකන් කාලකණ්ණි දේශපාලකයන්ට කඩේ යන්නේ නැතිව වැඩක් කරගන්න බලන්න.
වටයක් පදින්න දෙන්නකෝ...!
Good Job
මෝටර් සයිකල් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීමේ තේරුම මොකද්ද?
සුසුකි GN 125 බයික් එක චීනය කොපි කරලා චීනයේ හදනවා.ඒවා කෑලි කරලා ලංකාවට ගෙනල්ලා අපි එකලස් කරලා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කියලා පාරම්බානවා
නොදකින් .දැන් ඉතින් ඔය බිස්නස් එකත් ඉවරයි .කාලකන්නියෙක් ට නේ පලවෙනි බයික් එකක් දීලා තියෙන්නේ .රටක් කන එකෙක්ගෙන් බයික් කම්පැනියකට මොන සෙතක් ද?