ශ්‍රී ලංකාවේ නම ‘සිංහලේ‘ යනුවෙන් වෙනස් කර ජාතික කොඩිය ලෙස 1815ට පෙර පැවැති කොඩිය භාවිතා කළ යුතු යැයි බොදු බල සේනාව යෝජනා කරයි.
විධායක ජනාධිපති ක්‍රමය හා පළාත් සභා ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවේ නමද වෙනස් කර ආසන ගණන සියය දක්වා අඩු කළ යුතු යැයි ද බොදු බල සේනාව යෝජනා කරයි.
මහා සංඝරත්නය වෙනුවෙන් සංඝරාජ හිමි නමක් පත් කර බෞද්ධාගම සම්බන්ධ සියලු තීරණ සංඝරාජ හිමියන්ගේ අනුමැතියට යටත් කළ යුතු බවත් සියලු ආගම්වලට නිදහස දිය යුතු බවත් බොදු බල සේනා ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ කියයි.
මෙම යෝජනා දේශපාලන පක්ෂ මහජනයා තානාපතිවරුන් සමග සාකච්ඡා කරන බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලේට ජය වේවා ...(අ).
කුඩා කැබිනෙට්ටුවක්, අගමැති කෙනෙක් ඉන්න ආණ්ඩුවක් අපිට හොදයි. අවුරුදු 5න් 5ට ආණ්ඩු වෙනස් විය යුතුයි. ස්වාධීන කොමිසම් සභා අවශ්‍යයි. දැන් නම් පාලකයෝ බලයෙන් විකෘති වෙලා.(අ)
ජයවේවා අපේ සහය ඔබවහන්සේට. (අ)
කාගේ උනත් ආගම කියන්නේ සංවේදි දෙයක්. එය බෞද්ධයාට, කතෝලිකයාට, මුස්ලිම් බැතිමතාට, හින්දු අයට කාටත් පොදුයි. ඒ නිසා වැඳලා කියන්නම් රටේ ප්‍රශ්න විසඳන කොට, නිති හදනකොට ආගම් එකක්වත් ගාව ගන්න එපා. එහෙම කළොත් ඒක තමයි විනාශය. තදබල මුස්ලිම් රටවලට වෙලා තියෙන්නේ ඒකයි අද. (නදී)
කෙසේ හෝ මෙය ක්‍රියාත්මක කළ යුතුයි ..අපි බොදුබලය සමඟයි සැමදා ....(අ)
ලෝකේ ඉදිරියට යනකොට අපි ආපහු යනවද? නීතියේ ආධිපත්‍යය, , ජනතාවගේ පරමාධිපත්‍යය රැක දෙන්න පටන් ගන්න. බොහොමයක් ප්‍රශ්න විසදේවි. (අ)
බොහොම හොඳයි! (නි)
එහෙම නම් ඔය කියන සෙනවල්,රාවය සේනා ආදියත් අයින් කරලා සග රජ කෙනෙක් පත් කරන්න. එකට සුදුස්ස පස්සේ කියන්නම්. (අ)
ඇයි 1815 ට විතරක් යන්නේ? ක්‍රි පූර්ව 5 වන සියවසටම ගිහිල්ලා දාමුකෝ ආපහු "තම්බපන්නි" කියලා. හිස රදයට කොට්ටේ මාරු කලාට වැඩක් නැත. (අ)
අපි කවදත් බොදුබලසේනා සංවිධනය සමගයි.රටට වෙනසක් අවශ්‍යයි.සිංහළ බෞද්ධයා ශක්තිමත් කළ යුතුයි.සියලුම ජාතින්ට සිංහළ බෞද්ධයා සමග සමගියෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඞනගන්න බොදුබලසේනා සංවිධනයට ශක්තිය ලැබේවා.බුදුසරණයී...! (අ)
ඕක තමයි තියෙන එකම ප්‍රශ්ණය (නදී)
අපේ හාමුදුරුවනේ, පළමුව ප්‍රායෝගිකව හිතන්න පතන්න පුරුදු වෙන්න. ඊළඟට බලමු මේවා. (නි)....
අනවශ්‍ය දෙයක්. දේශපාලනයේදී ඉහලින්ම අලෙවි වන්නේ ජාතිවාදයයි. ඒ සඳහා මෙය හොඳ පාලමක් වේවි. එ්ක පැත්තකින් බැලුවොත් නැති ප්‍රශ්න ඇතිකිරීමක්. අපට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකා ධජය සෙවනේ ජිවත්වන එකමුතු ශ්‍රී ලංකික ජනතාවක් මිස මෙවන් දෑ නොවේ. (නදී)
සුද්දාට රට බාරදුන් උඩරට ගිවිසුමෙහිත් සඳහන් වන්නේ සිංහල රට කියලා. සිංහලේ, සෙලාන්,සිලෝන්, සිලනි... කියලා කියපු එක නිදහස ගනිද්දී ලංකාව කළ එකයි වැරැද්ද. ඒ වගේම නිදහස ගනිද්දී එසවූයේ තනි සිංහ කොඩිය. එසේ නම් නැවත අපි එකම ජාතියක් වශයෙන් එතනට ආ යුතුයි. බොදු බල සේනා අදහස ඉතාමත් හොඳ වටිනා එකක්. (නි)
බොහොම හොඳ කාලෝචිත යෝජනාවක් (නි)
ඉතා හොදයි. දමිල ජාතික ගීය ද අවලංගු කල යුතුයි. රටකට එක ජාතික ගීයක් ප්‍රමාණවත්. (නදී)
බොදු බල සේන අදහස, යෝජනාව ඉතාමත් හොඳයි.බොදු බල සේනා අදහසට පින්! (නි)
1815 කතාවෙන්ම තේරෙනවා ලංකාව කොච්චර පස්සට යවන්න හදනවද කියලා. ජාත්‍යන්තර ලෝකය නොදැන රසවත් කතාවලින් වැඩක් නැහැ. ලංකාවට උරුම බහු ආගමික ගමනක් ගියා නම් ඉස්‌සරහට හොදක් වෙයි. නැත්නම් 1815 තමයි. ඔය කියපු ආණ්ඩු ක්‍රම නං වෙනස් විය යුතුයි. එ්ත් ලංකාවේ එහෙම වෙන්නේ නැහ (නදී)
කුසුමාවතී, මේ කෑගහන අයට කොහෙද හදවත් (නදී)
කවුරු මොනවා කොහොම කිව්වත් ඔය ජාතිවාදී, වෛරයෙන් ක්‍රෝධයෙන් පිරිච්ච චේතනාව මොකක්ද කියල බුරුමයේ මුස්ලිම්වරුන් සමූල ඝාතනයට හේතුකාරක වෙච්චි වීරතු හිමියන්යව ඔවුන්ගේ සමුළුවට ගෙන්වීමෙන් ඔප්පුවෙනවා. වෙන බෞද්ධ රටවල්වල බුද්ධිමතුන් නැතුවය.? අපිරිසිදු චේතනා ගෙනදෙයි සෝචනා (නදී)
අනේ හාමුදුරුවනේ, ජාතිවාදී හා ආගම්වාදී ගැටළු ඇතිවෙන්න නම් ඉඩතියන්න එපා. අපේ රටේ ජනතාව ඉතාම දුක්විඳි මිනිස්සු. තව තව අරගල ඇතිවෙන්න ඉඩක් තියන්න නම් එපා. (නි)
රටට ආදරය කරන සියලු දෙනා මෙයට එකඟයි . සුළු ජාතින්ට මින් අසාධාරණයක් වෙන්නේ නැහැ.සියල්ලන්ටම යහපතක් සිදු වේවි.රටේ අපරාධ අවම වේවි (නි)
අපි ලෝකයේම ඉන්න ඉතාමත් සුළු ජාතියක්. ජාතිවාදී නමක් අපේ රටට දාගත්තොත් අපි ලෝකය ඉදිරියේ කොන් වෙනවා අපි කලයුත්තේ සියලු දෙනාම එකමුතුව අපේ ජාතිය ආර්ථික අධ්‍යාපනික හා සොෟඛ්‍ය වර්දනයය කිරීම මිසක් ලෝකයාගෙන් කොන් වීම නෙවෙයි (නදී)
යෝජනා ටික බලද්දී ඒ අභිමානවත් සොඳුරු පැරණි අතීතය කාටත් සිහියට එනවා. හැමට යහපතක්ම වේවා! බොදු බල සේනාවට ජයම වේවා! ඉන්දියන් සාගරයේ අමුතු ඇටය , නැවත මුතු ඇටය වේවා!.. (නි)
මෝඩ අදහස් වලට හිනා යනවා. මෙච්චර කාලයක් හිටියේ කොහෙද ? (නදී)
අපේ ඥානසාර හාමුදුරුවෝ මේ රටේ ජනාධිපති වෙලා බුද්ධ සාසනය බේරා දෙන්න. (නදී)
හොඳ වැඩක් (නදී)
රටේ නම වෙනස් කිරීම පසුවට තබා අනෙක් වෙනස්කම් ටික කළා නම් හොඳටෝම ඇති. එයට රටේ අනෙක් ජාතීන් අකැමති වෙන්න හේතුවක් නම් මා දකින්නේ නැහැ. (නි)
මේ කෑ ගහන හාමුදුරුවරුන්ට ප්‍රාඩෝ අරගෙන දුන්නේ කව්ද? පුළුවන් නම් ඔය ප්‍රාඩෝ විකුණලා දුප්පත් පවුල් වලට ගෙවල් ටිකක් හදා දෙන්න. (නදී)
මෙහෙම කළාය කියලා මොකක්ද වෙන වෙනස? මට නම් තේරෙන්නෙ නැහැ (නි)
ආගම කියන්නේ ලෝකෝත්තර දෙයකට පාර කියන දෙයක්. බුදු හාමුදුරුවෝ දේශනාකළ ' ඒහි පස්සිකෝ ' එන්න බලන්න කියන දෙය තමයි හාමුදුරුවරු කල යුත්තේ. බටහිර දියුණු රටවල ආගම ව්‍යවස්ථාවෙන්ම රටේ පරිපාලනයෙන් අයින්කරලා තියෙන්නේ. ආණ්ඩුවේ පාසල්වල කිසිම ආගමක් විෂයක් වශයෙන් උගන්වන්නේ නැහැ. ඕන කෙනෙක් ඉන්නවා නම් පිටින් ඉගෙන ගන්න පුළුවන්. අවාසනාවකට අපේ රටේ තියෙන්නේ මේකේ අනිත් පැත්ත. ආගමික නායකයෝ දේශපාලුවාව ප්‍රාණ ඇපකාරයෙක් කරගෙන. උගත් බුද්ධිමත් අය මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. මේ තියන නම හොඳටම ඇති. (නදී)
මොක උනත් සිංහලයෝ රකින්න. කටයුතු කරන්න (නදී)
ඔබ වහන්සේගේ මෙම යෝජනාව ක්‍රියාවට නංවන්න. දිවි හිමියෙන් අපි කැපවෙනවා (නි)
රටට වෙනසක් කරන්න පුළුවන් එකම සංවිධානය මෙයයි.අපි සැමදා බොදුබල සේනා සංවිධානය සමඟයි (නි)
රවිඳු, ඔබලාට හා ඔබලාගේ දරුවන්ට අඬන්න වෙන දිනය වැඩි අෑතක නැහැ. මේවා විහිලුවට ගන්න එපා. අපේ හාමුදුරුවන්ට පින්සිද්ධ වෙන්න අපි මේ සිංහලේ දකිනවාමයි. එ්ක සමහර අයට නොවැටහුනාට අපිට කරන්න දෙයක් නැහැ. (නදී)
බොහොම වැදගත් වැඩක්. කරගෙන යන්න හාමුදුරුවනේ. සාදු!සාදු!සාදු! (නි)
ගොඩක් හොඳ වටිනා අදහසක්. ඒත් කෝ මෙතන වෙනදාට අදහස් පළකරන අපේ මුස්ලිම් සහෝදරවරු? මෙතන තියෙන එක ඉල්ලීමක් තම සියලුම ආගම් වලට නිදහස කියන එක. ශ්‍රී ලංකාව කියන්නේ සිංහල දෙමල මුස්ලිම් කතෝලික කියන සියලු ජාතින් සමගියෙන් ජීවත්වන රටක් කියලා කට ඇරලා කියන්න පුළුවන්කම තමා ආගමික නිදහස කියන්නේ. (නි)
බොදුබලයට ජයවේවා! හොරුන්ගෙන් රට බේරාගන්න එන ඕනෑම අයෙකුට අපේ සහයෝගය උඩින්ම. රටේ සෑම මනුස්සයෙකුටම සමාන අයිතිවාසිකම් ලැබෙනවා නම් රටේ සියලුම ජාතීන් එකාවගේ සතුටින් සමගියෙන් ඉඳීවි. (නි)
වහාම කළයුතු දෙයක්. සුබ පැතුම්! (නි)
"සිංහලේ" හදන්න කලින් රටේ වෙන අපරාධ අඩුකළොත් නරකද? (නි)
සිංහලේට ජය වේවා! කෙසේ හෝ මෙය ක්‍රියාත්මක කළ යුතුයි (නි)
ඔය සියල්ලටම පෙර අපේ රටේ මිනීමැරුම්, කාන්තා සහ ළමා දුෂණ සහ රටට කුඩුගෙන එන එක නතරකරන්න. ඒවාට දැඩි දඩුවම් දෙන නීති සකසන්න කියලා ආණ්ඩුවට බල කරන්න. මේ රට මේවිදියට ගියොත් සිංහලේ කියන්න රටක්වත් ජාතික ගීය ගයන්න මිනිස්සුවත් ඉතුරුවෙන එකක් නැහැ (නි)
සිංහලේ සිංහලයා වෙනුවෙන් හඬ නගන හැම සිංහලයෙකුටම පින්.(නදී)
මෙතන අදහස් දැකපුවහම හරිම කනගාටුයි. මේ සංවිදානයත් සල්ලි සහ වරප්‍රසාද ලබාගෙන පරම්පරාවට කඩේ යනවා (නදී)
ජයවේවා අපේ හාමුදුරුවන්ට! (නි)
ඔබ වහන්සේට සියළු දෙවි පිහිටයි හාමුදුරුවනේ. මොනතරම් නම් සේවයක් ඔබ වහන්සේලා ඉටු කරනවද? (නි)
කරනවා නම්, වැඩේ වෙනවා නම් ඕක තමයි දැන් රටට ඕන වෙනස. අපේ රට සිංහල බෞද්ධ රටක් කියා කියන්න අපිට පුලුවන් වෙන්න ඕනේ (නදී)
පුළුවන් තරම් ඉක්මනින් මේ දේ ක්‍රියාත්මක කරමු අපේ හාමුදුරුවනේ. (නි)
මේ දේ තමයි අනිවාර්යයෙන් සිද්ධවිය යුත්තේ. ඒකට අපි කැමතියි (නි)
අනේ හාමුදුරුවනේ, පුලුවන් නම් දෙවේලක් කාලා ඉන්න දුප්පතෙකුට තුන්වේල සම්පුර්ණ කරලා දෙන්න. නිවහනක් නැති පවුලකට වහලක් හදා දෙන්න. ජනතාවට දරාගන්න බැරි කැබිනට් ඇමතිවරු ගණන අඩුකරලා දෙන්න. නාස්තිය දුෂණය අඩුකරලා දෙන්න.මානව හිමිකම් ආරක්ෂා කරලා දෙන්න.තව ගොඩක් දේවල් කරන්න තියෙනවා.දැනට ඔය ටික කරලා ඊටපස්සේ ලංකාවේ නාමය සහ කොඩිය වෙනස් කරමු. (නි)
මමත් කැමතියි. හොඳ අදහසක් (නි)
100% ක් මේ යෝජනා සමඟ එකඟ වෙමි. බොදු බල සේනාවට ජය වේවා! (නි)
නම වෙනස් කල පමණින් මිනිස්සුන්ගේ චර්යා රටාව වෙනස්වන්නේ නැ. සැම වෙලවක දීම අප හිතන විදියේ වෙනසක් අවශ්‍යයයි. රට වෙනස් වෙන්න. එ්කට සියලුම රටේ ඇති මාධ්‍ය සදහා දියුණු ප්‍රතිපතියක් ඇතිකළ යුතුයි.(අ)
බොදු බල සේනාව , සෝම හිමි වැනි හිමිවරු "සිංහලේ" නැමති අපේ රටට වාසනාවක්! (නි)
මේකේ අදහස් දාන අය ලිපිය හරියට කියවල නෑ. මේකෙන් කියන්නේ 1815 තිබුන කොඩිය භාවිතා කරමු කියල මිසක් , 1815 තිබුන රජ කාලෙට යමු කියල නැහැ .(අ)
රටක් නමක් නොව පාරක නමක් වෙනස් කළත් වෙළඳ සබදතා වලට අහිතකර විදිහට බලපානවා. (නි)
මේ පිළිබඳව මගේ අදහස් මෙහෙම ප්‍රකාශ කරන්න අමාරුයි. (නි)
අපි කවදත් බොදුබල සේනා සංවිධානය සමඟයි.රටට වෙනසක් අවශ්‍යයි. සියලුම ජාතීන්ට සිංහල බෞද්ධයා සමඟ සමගියෙන් ජීවත්විය හැකි සමාජයක් ගොඩනඟන්න බොදුබල සේනා සංවිධානයට ශක්තිය ලැබේවා! බුදුසරණයි...! (නි)
මම නම් මේකට කැමති නැහැ (නි)
හොඳ යෝජනාවක් (නි)
ණය අරගෙන ජීවත්වෙන අපි වගේ රටක් අත්තනෝමතික විදිහට වැඩ කළොත් වෙන්නේ මිනිසුන්ට නොකා නොබී මැරෙන්න (නි)
ඉතාම හොඳ කාලෝචිත යෝජනාවක් (නි)
1815 ට පෙර කාලයට යනවා නම් මොකටද පාර්ලිමේන්තු? (නි)
අපේ රට කුඩා දිවයිනක්. පරණ ගම්සභාව, සුළු සහ මහා නගර සභා, ආසන මට්ටමින් මන්ත්‍රීවරු, ඇමති මණ්ඩලයක් , අගමැතිවරයෙක් පමණක් ඇති. මහජනතාවගේ බදු මුදල් සූරාකන්නන් තවත් එපා. (නි)
කට්ටියක් සිංහලේලු තව කට්ටියක් දෙමළ ලේලු, තවත් කට්ටියක් මුස්ලිම් ලේලු, මේ ඔක්කොමල ලාංකික ලේ විදිහට හිතුවොත් තමා රටක් විදිහට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.(අ)
රටට ඔබින යම්කිසි වෙනසක් විය යුතුයි. (නි)
ශ්‍රී ලංකාව යන නමෙහි කිසිම වරදක් නැත. සිංහ කොඩියේත් කිසිම වරදක් නැත. එම කොඩියේ සිංහල බෞද්ධ අපට තැනක් දී ඇති අතර , අනෙකුත් ජාති සහ ආගම්වල සහෝදර ජනතාවටත් පොඩි හෝ ඉඩක් දී තිබීම අගය කල යුත්තකි. සිටිය යුත්තේ, තැනක් තිබිය යුත්තේ සිංහල බෞද්ධයාට පමණක් යැයි සිතීම බුදුන් අදහන අප හට උචිත නොවේ. බොදු බල සේනාව අප කා හටත් අයිති බුද්ධ සාශනය ඔවුන්ගේ තනි කැමැත්තට තලිබාන් එකක් කිරීමට වැයම් නොකළ යුතුය. (නදී)
ඉතා හොඳ අදහසක්. දක්වා තිබෙන ප්‍රතිචාරත් ඉතා වැදගත් හොඳ ප්‍රතිචාර. දිනෙන් දිනම ජයවේවා! (නි)
අද අප රටේ තියෙන තත්වය දිහා බලනවිට ඔය දේවල් වෙනස් කළා කියලා රටේ ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩුවීමක් සිදුවන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
හොඳ යෝජනාවක් (නි)
හොඳ වැඩක්! කරන එක නම් ටිකක් අමාරු වෙනවා. මොකද සමහර අයට රිදෙන්න වදින වැඩක් නිසා. ඇත්ත තිත්තයි කියලා කියනවානේ. (නි)
කොහොමහරි කමක් නැහැ. නැවත කලබලයක් නම් ඇතිවෙන්න එපා (නි)
එහෙම රට වල නම් හිතුමනාපෙට වෙනස් කරන්න බැහැ. ඇයි ශ්‍රී ලංකාව කියන එකේ ඇති වැරැද්ද මොකක්ද? (නි)
රටේ ස්ත්‍රී දූෂණ , ළමා අපචාර අඩු කරන්න, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, මිනිසුන්ගේ ආතතිය, අසහනය අඩු කරන්න පුළුවන් යෝජනාවක් කරන්නකෝ. (නි)
අපිට නම් ආරක්ෂක සේනාව විතරක් රටට තිබුණම ඇති. ආගමික නායකයො කරන්න ඕනෑ මිනිසුන්ව සන්සුන් කරලා නිවන එක මිසක් අවුස්සන එක නෙමෙයි. (නි)
හාමුදුරුවනේ, අද කෙරෙන දේවල් බැලුවම ගැහැනියෙකුට, ළමයෙකුට මහා දවල්වත් පාරේ බැහැලා යන්න බැහැ. මුලින් ඒවා හැදුවොත් හොඳ නැද්ද. (නි)
ඉරානයට මොකද වුණේ? ආගමයි, ජාතියයි, දේශපාලනයයි, රටේ නීතියයි එකක් වුණා. අද මොකද වෙලා තියෙන්නේ? (නි)
රවිඳු, මොනවා කාලද ඔබට ඔච්චර හයියෙන් හිනා ගියේ? මේ ස්වාමින්වහන්සේලා හැමදාම පන්සල් ඇතුලේ හිටියා. චාල්ස් කුමාරයව ලංකාවට ගෙනල්ලා රතු කාපට් දාල පිළිගනිද්දී අපි උඩ බලාගෙන ඉන්න එක හරිද? හරිනම් එදා චාල්ස් ලා ඉදිරිපිට තමයි මේ තියන ජාතික කොඩිය පාගල 1815 ට කලින් තිබුන කොඩිය ඔසවන්න හිටියේ. එ්ත් කොහෙද අපිට ආරක්ෂාව සපයන අය එදා බඩ බුරුල් වෙලයි හිටියේ අර සුද්දව දැකලා. මේ රට ඇතුලේ සිංහයෝ පිට රටදී බලුපැටව් ව පන්නා දැමීමට අපේ හාමුදුරුවන් හා එක්වන්න රවිඳු මල්ලි. (නදී)
මෙය මීට ගොඩක් කාලයකට පෙර සිදුවිය යුතුව තිබු දෙයකි. මෙරට නම සිංහලේ වියයුතු අතර සිංහල බෞද්ධ නීති රීති රාමුවකට යටත් කළයුතුය. එය කිසිවෙකුට ප්‍රශ්නයක් නම් ඔවුනට කැමති රටකට යා හැක. (නි)
ගාමිණී, අදහස නම් හොඳයි (නි)
රටේ "නම " නෙමෙයි, "වැඩ "තමයි වැදගත්. අපරාධ එන්න එන්නම වැඩියි. රටේ සම්පත් සුරාගෙන කනවා. වංචා රජවෙලා. ස්ත්‍රී දුෂණ ළමා අපචාර වැඩිවෙලා. පරිපාලනය අවුල්වෙලා. වැඩ වර්ජන එහෙන්. මෙන්න මේවා ගැන මුලින්ම සොයා බැලුවොත් නරකද? (නි)
හොඳ අදහසක්! (නි)
මම ඔට්ටුවක් අල්ලනවා. ලංකාවේ නම වෙනස් කරන එක හොඳයි කියන අයගෙන් ඇහුවොත් ලංකාවේ අගනුවර මොකක්ද කියලා හරියට උත්තරයක් දෙන්නේ නැහැ. කට්ටියක් කියයි කොළඹ කියලා. කට්ටියක් කියයි ජයවර්ධනපුර කෝට්ටේ කියලා. තේරුමක් නැතුව නම් වෙනස් කිරීමේ ආදිනව වලින් එකක් විතරයි ඒ. (නි)
ඇත්තටම මේක නම් බොහොම හොඳයි (නි)
ප්‍රදීප්ලා අපේ රට යවන්න හදන්නේ අද ලෝකයෙන් කොන් වූ අර යහම්පත් කියනවා වගේ ඉරානය වගේ රටක තත්වයට. හැමදේම කලවම් කරගන්න එපා. බහුවාර්ගික ජනතාවක් ඉන්න අපේ රටට ඕනෑ පොදු සාධාරණ නීතියක්. දැන් තියෙන එක හරියට ක්‍රියාත්මක කර, නීතියේ හිඩැස් ඇති තැන් වහන්න. ඒ ඇති. (නි)
ප්‍රදීප්, මාස 6-7 දි දණගාන්න ඕනෑ ළමයා අවුරුදු 7-10 ක් ගිහින් දණගාන්න ගත්තොත් මොකද? ලෙඩක් කියලා රෝහලට ගෙනියනවා නේද? ඒ වගේ ඔයාම කියනවා වගේ මේක මීට අවුරුදු ගානකට කලින් කරන්න තිබුනු දෙයක් නම් දැන් කරලා හරියන්නේ නැහැ. (නි)
මෙවැනි තීරණ ගතයුත්තේ හදවතින් නොව බුද්ධියෙනුයි. ඒක තමයි තිත්ත ඇත්ත. වචන ටික සුන්දර වුණාට ප්‍රායෝගිකව එය ඉටුකරගන්න පුලුවන්ද කියලා කවුරු කවුරුත් තමන්ගේ බුද්ධියට තට්ටුකරලා අහලා බලන්න. (නි)
කවුද මන්ද මගේ නමිනුත් ගොන් අදහසක් දමල. මොලේ විතරක් නෙමේ මුළු ඇඟම කචල් කෙනෙක් වගෙයි. අදහස දැකල මටත් අරහෙන් හිනා ගියා. ඔහොම හිමිටම යන්න. (නදී)
මෙම උත්සාහය සාර්ථක වේවා! (නි)
රට ගැන හිතන ඕනෑම කෙනකුට මෙය ඉතා හොඳ දෙයක් බව දැනේවි. (නි)
1815 කාලෙට නිකම්ම යන්න පුළුවන් හරි පහසු විදියක් නම් තියෙනවා. (නි)
ගොඩක් හොඳයි (නදී)
අනේ සුසන්ත, මමත් හොඳ සිංහල බෞද්ධ. හැබැයි නමට නෙමෙයි. ක්‍රියාවෙන් හා ප්‍රතිපත්තිමය වශයෙන්. තමන් ගැන, තමන්ගේ ආගම ගැන, තමන්ගේ ජාතිය ගැන විතරක් හිතන මමත්වය ඇති අයට නම් මෙය හොඳ දෙයක් ලෙස පෙනේවි. ඇයි නැති ප්‍රශ්න ඇතිකරන්න හදන්නේ මේ පුංචි රටේ? (නි)
නම කොහොම වෙතත් මේ ක්‍රමයවත් වෙනස් වුණොත් ඇති. (නි)
ඕක හරි යන්නේ නැහැ. ඕක හරි යන්නේ නැහැ. ඕක හරි යන්නේ නැහැ. (නදී)
බොදු බල සේනාව කියන්නේ ලංකාවේ ආණ්ඩුව නෙවෙයි. ලංකාවේ බුදු දහම රැකගන්න සටන් කරන සංවිධානයක්. ආණ්ඩුවෙන් කරන්න ඕනේ දේවල් බොදු බල සේනාවට කරන්න බැහැ. මේ වගේ අදහස් ප්‍රකාශකරන්න, ඉල්ලීම් ඉල්ලන්න විතරයි පුළුවන්.(නදී)
බොහොම හොඳ අදහසක් තමයි (නදී)
දැන් මේ රටේ තියෙන මුලිකම ප්‍රශ්නය නම සහ කොඩිය පමණි. මේ දෙක වෙනස් කලානම් පියවරු දරුවන් පොලවේ ගසා මරන්නේ නැත මුණුපුරන් විසින් අත්තම්මලා දුෂනය කරන්නේ නැත. කුඩු කන්ටේනර් ලංකාවට එන්නේ නැත. බට්ටිලා පාරේ ගුටිකන්නේ නැත. අපේ හාමුදුරුවනේ පියවි සිහියට වඩිනු මැනවි (නදී)
ටිකක් කල්පනා කරලා බලමු බුදු හාමුදුරුවෝ වත් මෙහෙම යෝජනා ඉදිරිපත් කළා ද කියල (නදී)
මේක හොඳ අදහසක්. රටට ගැළපෙනවා. (නි)
සරත්ගේ කීමට සියයට සියයක් එකඟයි. මුලින්ම නාස්තිය දුෂණය අපරාධ අඩුකරලා, මිනිසුන්ට හොද ජීවන ගමනක් යන්න පාර හදල දෙවනුව රටේ නම සහ කොඩිය වෙනස් කරන්න බලමු. යුද්දේ නවතපු එක ඉතාමත්ම හොද වැඩක්. අදිවේගී මාර්ගත් හොඳයි. දුප්පත් මිස්සුන්ට දැනෙන්න සහන ටිකක් තමයි තවම නැත්තේ (නදී)
ශ්‍රී ලංකාව "සිංහලේ" වූ පමණින් සියල්ල සම්පුර්ණ වෙනවද.? රටේ ජන අනුපාතය අනුව ඒකට කීදෙනෙක් කැමතිවෙයිද.? පාර්ලිමේන්තුවේ නම වෙනස් කල පමණින් අපේ රට සුඛිත මුදිත වෙනවාද.? තැන් තැන් වලින් අහුලාගත් දේවල් යෝජනා ලෙසින් ඉදිරිපත් කරන්නේ ග්‍රාම සංවර්ධන මණ්ඩලේ රැස්වීමකදී වගේ නොවෙයිද.? බොදුබල "සේනාව" කියන්නේ ලංකාවේ තිබෙන එකම බලවත් බෞද්ධ හෝ වෙනත් සමාජ සංවිධානයක් නොවන බව කවුරුත් දනිති. මා දකින ආකාරයට නම් එය කර්කශ, කුරෝලු, කටුක වූ රැඩිකල් "මිශ්‍ර අරමුණින්" යුත් දේශපාලන සංවිධානයකි. කුමන දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් හෝ රට වෙනුවෙන් හොඳ දෙයක් කරනවා නම් ජනතාවගේ ජිවන තත්වය නගාසිටුවීම මුලික කොටගත් වැඩපිළිවෙලක් යටතේ සමාජගත විය යුතු බව මගේ හැඟීමයි. කිසියම් තැනක චන්ඩිකමක් කරපු පළියට තමන් බලවත් යයි සිතා කටයුතු කරන්නට යාම අවරෝහණ ලක්ෂණ පලකරන්නකි. ඔය කියන කිසිවක් අද අප රටේ ජනතාවට උවමනා නැති බව මම සිතමි. අරන්තලාවේ ඝාතනය සිදුවෙද්දී මේ "සේනාව" කොහේ සිටියාද.? ලබපු නිදහස තුළ මේ සංවිධානයත් පන ගැන්වී ඒම ගැන ප්‍රශ්නයක් නැතත් ජාති ආගම් භේද වලින් තොර රටවැසියනගේ යහපත් ජිවන රටාවක් ගොඩනගා දියුණු සමාජයක් බිහිකරන්නට සුදුසු වැඩපිළිවෙලකට විත් මහජනයාගේ සහාය ලබාගන්නට මහන්සි වීම හොඳ නොවන්නේ දැයි විමසමි. (නදී)
කඩේ යන බන්දුලගේ අදහස මොකක්ද? (නදී)
කාලෝචිත යෝජනාවක්. තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)
මෙය බහු ජන වාර්ගික රටක් නොවේ. සිංහල බෞද්ධ රටක් පමණි. බහු ජනවාර්ගික රටවල් කොහෙවත් නැත. මෙය අප රැවටීමට බටහිරයන් ගෙතු බොරු කතාවක් පමණි. (නදී)
බහු ජාතික, බහු වාර්ගික මොක වුනත් මේ රට සිංහල රටක් කියලා කියාගන්න බැරි අැයි? ලෝකෙන් උදාහරණ ගෙනත් පාන අයියලාට කියන්න කැමතියි බංගලාදේශය, ඉන්දුනීසියාව, අැෆ්ගනිස්තානය අාදී පෙර බෞද්ධ වෙලා තිබ්බ රටවලට අද මොකක්ද වෙලා තියෙන්නෙ කියලත් කියලා දෙන්න. බහු වාර්ගික, බහුජාතික, බහු බූත වෙච්ච පලියට සිංහල බෞද්ධයන්ගේ අනාගත පැවැත්ම උගස් කරන්න දෙන්න බැහැ. හොදින් තේරුම්ගන්න. බොදු බල සේනාව තමන්ගේ වගකීම තමයි මේ ඉෂ්ට කරන්නේ. රටක අාණ්ඩුවෙන් කෙරෙන්න ඕන දේවලුත් බොදුබල සේනාවට කරන්න බැහැනෙ. ඒ් නිසා බොරු විකාර විලම්බීත තර්ක අනවශ්‍යයි. බොදු බල සේනාවට ජය වේවා!!! දිවි හිමියෙන් බොදු බල සේනාව අාරක්ෂා කරමි. (නදී)
හොඳ අදහසක් මේක. (නි)
සේනාවේ හාමුදුරු ගොල්ල එහෙනම් කාටත් ආදර්ශයක් වෙන්නත් එක්ක මුලින්ම 1815 ගනන් වල විදියට පිඩු සිඟා වැඩලා, ලෙන් විහාර වල වාසය කරලා පෙන්වන්න බලන්න. ප්‍රාඩෝ වල යන ගමන් ඕවා කියලා නිකං රට අවුස්සන්න එපා සේනාවේ හාමුදුරුවනේ. (නදී)
සිරියාව,ඉරාකය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය වැනි රටවල් ආදර්ශයට ගෙන අපේ රටත් ඒවගේ දියුණුවෙන් දියුණුවට පත් කරගන්න බලමු. (නි)
මේකද අපිට තියෙන දැවෙන ප්‍රශ්ණය (නදී)
රටේ නම සහ කොඩිය පිළිබඳ යෝජනා වලින් වෙන සෙතක් මට නම් නොපෙනේ. නිර්මල බුදුදහම සහ තේජවන්ත සිංහල ජාතිය මේ කිසිවක් නොමැතිව නඟා සිටුවිය හැක. (නි)
නියමයි ! (නදී)
යමක් වෙනස් කරන්න ඕනෙ තියෙන එකේ වැරුද්දක් තියෙනවා නම්. නිකං මනුස්සයෙක්ගෙ නම වෙනස් කරන්න ගියත් දිවුරුම් ප්‍රකාශ දීලා, පත්තර වල ප්‍රසිද්ධ කරන්න ඔිනේ. රටක නමක් වෙනස් කරනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද? ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ජාත්‍්‍යන්තර සබඳතා ගැන, ලෝකේ ගැන දන්නෙ නැති උනහම ලිං මැඩියො වගේ ඉන්න අයට නම් මේක හොඳ වගේ පේනවා ඇති. (නදී)
මේ බොදු බල සේනාව කියන්නේ කා යටතේ තිබෙන රෙජිමේන්තුවක්ද.? එහෙම සේනාවකට ලංකාවේ ඔය කියන දේවල්, දේශපාලන පක්ෂ හා තානාපතිවරුන් සමග කතා කරලා විසඳගන්න පුලුවන්ද.? අඩුම තරමේ මහා නායක හිමිවරුන් එක්කවත් කතා කරන්න හිතුවද .? මේ අදහස ඉදිරිපත් කිරීමෙන්ම ඔය කියන සේනාවේ මොලේ තරම පැහැදිළියි. (නදී)
බොහොම හොඳ වැඩක් (නි)
වැඩේ හොදයි. එ්ත් කරන්න ලෙහෙසි නැහැ. රටේ නම නම් වෙනස් කරන්න ඕනේ නැහැ. එ්ත් ලංකාව බෞද්ධ රටක් නිසා සිංහල බෞද්ධ අයට වෙනම හැදුනුම් පතක් දෙන්න ඕනි. සිංහල අවරුදු උත්සවය ගන්නේ නැති කිසි කෙනෙක් සිංහල නෙමේ කියන එක මගේ හැඟීමයි. සිංහල අවරුදු කියන්නේ ජාතික උත්සවයක්. එ්ත් මේකට ආගම පටලවාගෙන නැකත් විශ්වාස කරන්නේ නැහැ කියල සමහරු සිංහල අවුරුද්ද ගන්නේ නැහැ. ආන්න එ්කට මොන හරි කරන්න පුලුවන්නම් හොදයි. (නදී)
සිංහලේ රාජ්‍ය ඉක්මනින් ගොඩනගා එදා අරන්තලාවේදී මහා සාංඝික දානයක් පිළිගැන්වූ අපේ පාර්ලිමේන්තුවේ ගරු ඇමති කරුණා අම්මාන් මහතාව බුද්ධ ශාසන ඇමති ලෙස පත්කර ගැනීමට අපි අදිෂ්ඨාන කර ගනිමු. ප්‍රඥා වන්ත අදහස් වලින් අලංකාර කල පින්වත් සැදැහැවතුනට අපින් එකාවන්ව මහා හඬින් සාදු කාරයක් දෙමු. (නදී)
මේ අදහසට විරුද්දවන, නම වෙනස් කිරීම ගැන ඔට්ටු අල්ලන්න සුදානම් කණ්ඩායම පුද්ගලිකව හමුවී සාකච්ඡා කිරීමට නො හැකිවීම ගැන කනගාටු වෙනවා. මේ රටේ ජනගහනයෙන් තවමත් 74% පමණ සිංහල ජනතාව. නමුත් මේ බල පෙරේත දේශපාලනය නිසා සිංහලයන්ට අද උතුරත්, නැගෙනහිරත් අහිමි වෙමිනුත් පවතින්නේ. අද එකම සිංහලයෙකු හෝ නැති පළාත් පාලන බල ප්‍රදේශ උතුරේත් නැගෙනහිරත් තියෙනවා. නමුත් සිංහලයන් පමණක් ඉන්න බල ප්‍රදේශ තියෙනවද.? ලංකාදීප පුවත් පත හොඳ සිහියෙන් සැමදාම කියවන්න. හැකිනම් 2014.10.06 ලංකාදිපයක් සොයාගෙන සරණාගතයන්ගේ පැමිණීම 700 % වැඩිවීම පිළිබඳව කියවන්න. බල පෙරේත දේශපාලනය නිසා සිංහලයා වැටි ඇති තත්වය පිළබඳව සිතන්න. (නදී)
අනේ මන්දා මේවා! (නි)
රටේ නම වෙනස් කරනවා කෙසේ වෙතත් ප්‍රථමයෙන් අප රට නිදහස්, නිවහල් සහ ස්ව්‍යංපෝෂිත රටක් කර ගත යුතුයි. ලෝකෙට බිලියන් ගණන් නය මම නම් හිතන්නේ මේ සංවිධාන දේශපාලනීකරණය වෙලා මේ අදහස් කිසිවක් ප්‍රයෝගික නැහැ මේවා වෙන්නෙත් නැහැ කරන්නත් බැහැ. ඉන්දියාව ඉරානය සමග අපරට කිසිසේත් සංසන්දනය කරන්න බැහැ. ඒවා ස්වයංපෝෂිත සංවර්දිත රටවල්. අපේ රටේ ඉදි කට්ට පවා පිටරටින් ගෙන්වන්නේ "සිංහලේ " ඒ නමත් අමුතුයි රටක "ලේ " කියල අමතනවට මම නම් කෙහෙත්ම කැමති නැහැ (නදී)
සිමෙන්ති කොට්ට ගොඩ බානවා වගේ කුඩු ගෙන්වන රටේ "කුඩු රාජ්ජය" කියල නම වෙනස් කලොත් මොකද?(අ)
නියමයි. අපිටත් ඕනෑ ඒක තමයි (නි)
ලංකාවට කුඩු සෙමෙන්ති කොට්ට ගණනින් ගෙනාවට කමක් නැද්ද අපේ හාමුදුරුවනේ?.(අ)
නම වෙනස් කරන්න කලින් තිබෙන නම රක ගන්න කටයුතු කරන්න.දැනටමත් මිනි කන්නගේ දේශයක් වෙලා ඉවරයි.(අ)
1815ට පෙර පැවැති කොඩිය මොකක් ද ? ලංකාදීප පින්තුරයක් පලකලොත් ඉතා අගනෙයි. මගේ අදහස මේවා මේ කපේදී නොවෙන වැඩ.(අ)
අම්මා තාත්තා නැති දරුවො පාරේ ඉන්නවා. දරුවෝ හදා ගන්න බැරි අම්මලා ඉන්නවා. හොඳ නරක කියලා දෙන්න කෙනෙක් නැතුව අපරාධ කරන්න පෙලඹුනු ළමයි ඉන්නවා. ඒවට පිළීයමක් හොයලා, ඊට පස්සෙ බැරියැයි රටේ නම වෙනස් කරනවද කියලා සළකලා බලන්න. වෙලා තියෙනවා නම් හාමුදුරුවනේ ඔය පරිවාස වල එහෙම ඉන්න ළමයින්ට ආගම දහම ටිකක් කියලා දෙන්නකෝ. ඒක මහත් පල මහානිසංසයි රටක් විධියට ගත්තම. (නදී)
අවංකව කියනවා නම් මේවා කොතරම් "හොඳ යෝජනා" කියලා කවුරු කිවුවත් ඒවා ක්‍රියාත්මක කරන්නට බැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළත් පළාත් සභා වහන්න බැහැ. කෝටි ගණන් වියදම් කරලා ඒ තැන්වලට ආ කට්ටියට ඒවා දාලා යන්න බැහැ. අනිල මේවා යෝජනා කරනවා වගේ නොවෙයි. අදාළ නීතිරීති සියල්ල වෙනස් කරන්න සිදුවෙනවා. ඒ වගේම අපේ රට බහුජාතික සමාජයක්. ඒ නිසා සිංහලේ කියන්න බැහැ. (නි)
සිංහලයාට මේ ලෝකයේ තියෙන්නේ ලංකාව විතරයි (නි)
අනේ මේ ගොල්ලන්ගේ විකාර. ලංකාවට සුද්දාගෙන් නිදහස ලැබුන කාලයේ සිට අද දක්වා මේගොල්ලෝ නිදාගෙනද හිටියේ. ආයේ මේ රටේ කලබල හෙම කොරනවා නොවෙයි. (නදී)
ඉතා හොඳ යෝජනාවක් (නි)
මොකටද බන්ඩෝ කොඩිය විතරක් ගන්නේ. අනික්වත් ගත්තොත් තමුන්නැහැලට පාඩුයි නේද? ඉන්න බැහැනේ ඒ විධියට. ඒ හින්දා පැෂන් එකට වගේ කොඩිය විතරක් ගමුයි කියනවා. රට කන්න හදන්න එපා ආයෙමත්. තියෙන වංචා දූෂන මඩින්න යෝජනා ගේන්නකෝ. අපිත් හිස් මුදුනින් පිලිගන්නවා. (නදී)
මට හිතෙන්නේ, සිංහල ජාතිය වඳවීගෙන යන ජාතියක් ලෙස නම්කොට සෑම සිංහල අඩු අදායම් ලබන පවුල් වල දරුවන්ට සහන ලබාදිය යුතුයි. පවුලේ දරුවන් ගණන වැඩි වෙනකොට ලබාදෙන සහන, මුදල් ආධාර විශාල ලෙස වැඩි කළයුතුයි. (නි)
තනිකරම "තලයිබාන්" වෙන්න තමා මේ හදන්නේ. "විනාසයට පෙර උඩඟුකම" අනීවාර්යයෙන්ම දැකගත හැකි දෙයක්. (නදී)
1815 තිබුණු නම් දමන්න වෙනවා ඉපදෙන ළමයින්ට. පුරන් අප්පු, සරදියෙල්, , සිළිඳු හාමි වගේ... කැමතිද? (නදී)
බොහොෝ පවුල්වල, පාසල්වල, රැකියා ස්ථාන වල කට්ටියක් ඉන්නවා කාත් එක්ක හරි වලියක් දාගන්නේ නැතුව ඉන්න බැරි අය. ඒ අයට මොකක් හරි කුනු ගොඩක් අවුස්ස ගත්තේ නැන්නම් නින්ද යන්නෙ නැහැ. මේකත් ඒකෙම කොටසක් තමා. (නදී)
තිබෙන නම හොඳටම හොඳයි. අන්තවාදී නොවී සාමකාමී නීති ගරුක පුරවැසියන් ඉන්න රටක් හදන්න. සියලුම ජාතීන් ලාංකිකයන් ලෙස සලකන්න. (නදී)