ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය සහ වගවීමේ යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාම සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
විශේෂයෙන්ම උතුරේ අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු, ජාතික සංහිඳියාව සහ මානව හිමිකම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධාන ආධාර කරන බවත් දැනටමත් නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයකට වැඩි මුදලක් ශ්‍රී ලංකාවට ලබාදුන් බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පැවසූ බව එම සංවිධානයේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් පිරිසක් එරට සංචාරයක් නිරතවූ උතුරු පළාත් මහ ඇමතිවරයා උතුරේ ජනතාවට සහාය දක්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ ඉල්ලීම ගැන නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ ප්‍රකාශකවරයා මේ බව කියා සිටීයේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ ප්‍රකාශක කියා සිටියේ උතුරු පළාතේ ජනතාව තුළ සාම ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය ගොඩ නැංවීම සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා තාක්ෂ‚ක සහ මූල්‍ය සහාය ලබා දීමට කටයුතු කරන බවය.
ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡාකර උතුරු පළාත් සභාව ඇතුළු සියලූ පාර්ශවකරුවන්ට ආධාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හැමවිටම සූදානම් බවද ස්ටෙෆාන් ඩුජාරික් මහතා කියා සිටී.
මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර යාන්ත්‍රණය යටතේ සොයා බලන්නේ දැයි තවත් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමින් ස්ටෙෆාන් ඩුජාරික් මහතා කියා සිටියේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සහ එහි නිර්දේශ මුලින් අධ්‍යයන කල යුතු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාන්ත්‍රනය යනු රණවිරු දඩයමක් නොවිය යුතුය (ම)
යුධ සහ ත්‍රස්තවාදී වාතාවරණයක් යටතේ සහ සාමාන්‍ය හෝ හදිසි නිතිය දඩමීමා කරගෙන පෞද්ගලික අමනාපකම්, ඉරිසියාව මත කරන නිරායුධ සහ අහිංසක මිනිසුනට පැවති සෑම රජයක් යටතේ, බලය ආරක්ෂා කර ගැනීම සඳහා සිදු කල මනුෂ්‍ය ඝාතන වැනි මානව හිමිකම් උල්ලංගනය කිරීම් කිසිසේත්ම අනුමත කල නොහැක. මෙවැනි තත්වයන් සමහර රටවල පාලනය කරන්ට දුෂ්කර වුවත් යම්තාක් දුරට හෝ බොහෝ රටවල පාලනය වී ඇත්තේ යම් යම් ජාත්‍යන්තර සංවිධානවල බලපෑම් නිසාය. කෙසේ නමුත් යම් කෙනෙක් අපරාධයක් කලානම් ඔහු/ඇය දඬුවම් ලැබිය යුතුය. තමන් දරන ලද තානාන්තරය එම වරදින් නිදහස් වීමට සුදුසුකමක් නොවිය යුතුය. (නදී)
දුමින්ද, රණවිරුවන් කියන්නේ රටේ නීතියට උඩින් ඉන්න අමුතු කට්ටියක් නෙමෙයි. ඒ අයත් අපරාධ කර තිබෙනවා නම් දඬුවම් දියයුතුයි... (නි)
මේ දේ ඉතා හොඳයි. (නි)