
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ශක්තිමත් නායකත්වය පිළිබඳව බලවත් ප්‍රසාදය පළ කරන බව ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා (Suzuki Shunichi) පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී ජපාන මුදල් අමාත්‍යවරයා මෙි බව කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ දී ශ්‍රී ලංකාව එහි පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ මෙම අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට ලක්ව තිබෙන බවත් ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයේ පවතින මෙම ධනාත්මක තත්ත්වය සුබවාදී බවත් එයින් ශ්‍රී ලංකාව කෙරෙහි නිල සහ පෞද්ගලික යන දෙඅංශයයේම ණයහිමියන්ගේ ජාත්‍යන්තර විශ්වාසය වැඩි දියුණු කිරීමේ හැකියාව පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් භාෂාවෙන් මේ මිනිහා කිව්ව එක මෙහේ ඉන්නේ ජනාධිපති මාධ්‍ය අංශය ඔවුන්ගේ වාසියට හරවා ගත්තාද? අනික මේ හාදයා කියන පරිදි රටේ ආර්ථිකයේ යම් දියුණුවක් වෙලා නම්, ඇයි වැට් බදු වැඩි කරන්න ඕනේ...?
මෙයත් පොහොට්ටුවේ කෙනෙක්ද?
සතුටුයි...!
මේ හදයා ලංකාවේ ජීවත්වෙන කෙනෙක්ද? අපි කන හැටි දන්නේ අපිනේ...!
ඉලක්කම් ජිල්මාර්ට් වලින් දියුණු කරලා ඇති, මිනිස්සුන්ගේ ජිවිත නම් අන්තෙටම පිරිහිලා. මැති ඇමැතිලාට විතරයි නැව් නැගලා මුහුදු ගිහින් කාලා හොඳටම බීලා එන්න පුළුවන්. මිනිස්සු හිඟානොකා හිඟාකනවා...!
ජපානෙයි, ලංකාවයි පැටලිලා වගේ? ලන්කාවේ ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත බලලෝභී දේශපාලුවන් ගැන මෙයා මොනවාද දන්නේ...?
මෙයා සකේ ගහලා වැඩිවෙලා ජපානේ ගැන කියවනවා...!
මොවුන් ඇවිල්ලා ආණ්ඩුවේ අයව හම්බවෙලා ගියාට රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන මෙලෝ දෙයක් මොවුන් දන්නේ නෑ.
මෙයාලා ජපන් මුදල් ඇමතිත් අන්දලා...!
ඒ වුණාට ඉන්න මිනිස්සු මන්ද පෝෂණයෙන් මිරිකිලා... ගන්න ආදායම බිල් ගෙවලාම ඉවරයි. සැලකිය යුතු දියුණුවක් ලබලා තියෙන්නේ අර හොරු 225 ම...