ඔහු මහරාස්ට්‍රා ප්‍රාන්තයේ විශ්‍රාමික සහකාර රේගු අධ්‍යක්‍ෂකවරයකි. ඔහුගේ බිරිඳ තානා දිස්ත්‍රික්කයේ ප්‍රධාන විදුහලක විදුහල්පතිනියයි. ඔවුන්ගේ එකම දියණිය දුරකථන සමාගමක විධායක නිලධාරිනියකි. ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවේ සංචාරයකට ගොස් නැවත බුම්බායි වලට පැමිණයහ. මෙයට දින කිහිපයකට පෙර රාත්‍රී භෝජන සාදයකදී මා හට ඔවුන් මුණ ගැසිනි.
ලංකාවට වශී වුණ රේගු අධ්‍යක්ෂක සාදය තුළ ශ්‍රී ලංකාව හා ඉන්දියාව සංසන්දනය කළේ මෙසේය.
ඇත්තෙන්ම අපේ දුව මහාචාර්ය ජෙෆ්රි භාවාට හරිම කැමැති. අපිට ඔහු නිර්මාණය කළ පාර්ලිමේන්තුවත් දැකගන්න ලැබුණා. ලංකාදීප එසැණ පුවත්පතේ කතෘ මණ්ඩලය නිසා ජෙෆ්රි භාවා ජිවත් නිවසත් බලා ගන්න ලැබුණා. අපි දියුණු රටවලත් සංචාරය කර තිබෙනවා. ඒ වගේම දකුණු ආසියාවේ රටවලටත් ගිහින් තියෙනවා. ඇත්තටම ඔබේ රට දකුණු ආසියාවේ දියුණුම රට කියන්න පුළුවන්. අපි දුටු දේ එකින් එක කියන්න බැහැ. පාරවල් ටික හොදටම හදලා තියෙනවා. අපි කොළඹ සිට යාල දක්වා ගියා. අපේ රටේ වගේ කන් බිහිරි වෙන තරමට වාහන වල හෝන් හඩ ඇහැන්නේ නැහැ. ඔබ බලන්න අපේ රටේ ආර්ථික නගරය තමයි මුම්බායි. බලන්න පාරවල් වල හැටි, අපිරිසිදුකම, අපේ රට අපි බාල්දු කරනවා නෙමෙයි. වගකීමක් ඇති සේවයක් කිසිම තැනකින් ඉටු වෙන්නේ නැහැ.
කොළඹ ඉදලා යාල යනකම් අපි බැලුවේ ඔබේ රටේ පිරිසිදුකම ගැනයි. බලන්න මුම්බායි වල දුවන හැම වාහනයක්ම වගේ මොකක් හෝ හිරිමකට ලක්වෙලා. නැත්නම් කෑලි නැහැ. ඔබේ රටේ මම දැකපු හැම වාහනයක්ම ලස්සනට තියන් ඉන්නවා. රථවාහන නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා කියලයි මට හිතෙන්නේ. අනික කියන්නම ඕනෑ දෙයක් තමයි ගිලන් රථ, අලුත්ම ගිලන් රථයි පාරේ දුවන්නේ. ඒවා දියුණු රටවල ගිලන් රථ වගෙයි. බලන්න අපේ සමහර රෝහල්වල තියෙන ගිලන් රථ, ඒවා පරණ ඩේලිකා වෑන්. අපේ රටේ හදිසි අවස්ථාවකට රෝහල් කරා යන ගිලන් රථයකට ඉඩදෙන්නේ නැහැ. ඔබේ රටේ මිනිස්සු එහෙම කරනවා මම දැක්කේ නැහැ. අපි තව මාස තුනකින් නැවතත් ඔබේ රටට යනවා. ඒ ගියාම මාතර සිට මුහුදුබඩ දුම්රිය මාර්ගය ඔස්සේ බදුල්ලට යන්න අපි ආසයි.
මහරාස්ට්‍රා ප්‍රාන්තයේ හිටපු සහකාර රේගු අධ්‍යක්ෂක මගේ රට පිළිබඳව සාදයේදී මා සමඟ එසේ වර්ණා කරන විට ඉන්දියාවේ ඉහළ රැකියා වල නියුතු ඉතාලි ප්‍රංශ බෙල්ජියම් හා තවත් ඉන්දියා ජාතිකයෝ පිරිසක් එය අසා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ ජනාධිපතිට පින්සිද්ධ වෙන්න. (ර)
ස්තූති මහත්මයාණනි, ඔබ අප රට කෙරෙහි ඇති ආදරය හා දැක්මට අපි ඔබට ගරු කරමු. අපේ රට හරිම ලස්සන පරිසරයක් ඇති, ඒ වගේම හොඳ මිනිස්සු (සමහරක් අය ඇරෙන්න) ඉන්න රටක්. (ර)
කාටද ආඩම්බර... ගෝඨාභය මැතිදුනි මහින්ද මැතිදුනි ඔබ නැති අඩුව දැනේ... (ර)
මේක බලල අපේ මිනිස්සු නරක් වෙයි ද ? (ර)
සහතික ඇත්ත. ඉන්දියාවත් එක්ක බලනකොට නම් ලංකාව සුරපුරක් තමා ඒත් ඉතින්... (ර)
ලෝකේ අපිරිසිදුම ප්‍රදේශ එක්ක සංසන්දනය කරලා ලංකාවේ සමහර ප්‍රදේශ වඩා පිරිසිදුයි කිව්වාට වැඩක් නෑ. බොහෝ ලාංකිකයින්ට තවමත් තමන්ගේ පරිසරය පිරිසිදුව තබාගැනීමට ඇති වගකීම ගැන වැටහීමක් නෑ. කැලි කසල බැහැර කිරීමේ පුරුදු අන්තිමයි. ඒ අතින් දියුණු කිරීමට බොහෝ දේ තිබෙනවා. (බ)
අපේ රටට සල්ලි හොයන්න ටැස් වැඩි කරන්න ඕනේ නෑ. සංචාරක කර්මාන්තය දියුණු කලානම් ඕන තරම් සල්ලි හොයන්න පුළුවන්. (ර)
අනේ මහත්තයෝ අපේ රට තව සුර පුරයක් උනේ නැත්තේ දේශපාලුවෝ තරගෙට රට කාපු නිසයි නැතිනම් මේ ලංකාව තමයි ආසියාවේ සුරපුරය... (ර)
ලංකාව ඉන්දියාවට වැඩිය ගොඩක් හොදයි. හැබයි දියුණු වෙන්නන නම් අපේ රට ඉන්දියාව, ස්වාසිලන්තේ වගේ රටවල් එක්ක සංසන්දනය කරලා, අපි හොදයි කියල වැඩක් නෑ. සංසන්දනය කරන්න ඕන දියුණු රටවල් එක්ක.(අ)
මහින්ද රාජපක්ෂ යුගයට කලින් ඔවුන් මෙහි පැමිණියා නම් මෙවැනි ප්‍රකාශය කරාවිද නැත (අ)
එයාගේ ඇස් පෙනීම දුර්වලයි වගේ. (අ)
රාජපක්ෂ ආණ්ඩුවට පිං සිදුවෙන්න ලංකාවේ පාරවල් ටික ලස්සනට හැදුව. (අ)
හැබැයි ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව අපිට වැඩිය ඉදිරියෙන්. (අ)
අනේ ඉතින් කොළඹ කැම්පස් එක ළඟ මාස 9 ක් තිස්සේ ගාට ගාට හදපු මගියන්ට යන්න කරපු පේව්මන්ට් එක පැත්තේ තියෙන මල් දාන බක්කිවල කරලා තියෙන එක ගැන මොනවා කියන්නද. නිදිකුම්බා වගේ පලා ටිකක් හිටවල. ගාලු පාරේ හිටවූ ගස් මැරිලා. වතුර දාන්නේ නැහැ. විදේශිකයන් ගේ කැමරා අවස්ථාවක් වූ අරලියගහ මැදුර ඉස්සරහ තිබ්බ උඩුකුරු මල් තවාන යහපාලකින් ආපු හැටිය ගලවල දාල පලස්ටර කරපු නැති ගල් තාප ටික නිරාවරණය කළා. කඩවත අධිවේගී මාර්ගයට කිරිඇල්ලගේ නම දාපු පළකයක් දාල විවෘත කළා. අය්යෝ අපිට මොකද මේ උනේ? ගොඨාභය මැතිදුනි, මම නුඹගේ පක්ෂයට හෝ යහ පක්ෂයට ඡන්දෙ නොදිනුමි. හේතුව වුණේ වටේ හිටපු මර්වින් සහ මහින්ද මහත්තයා වටකරගෙන හිටපු මෙලෝ රහක් නැති භූතයෝ සෙට් එක. එනමුත්, ඔබතුමා මේ රටේ ජනාධිපති වීම කවදා හරි වේවිදෝ කියා මම පතමි. (අ)
ඉන්දියාවේ තරම හිතාගන්න පුළුවන් මෙම වර්ණනාවෙන්...(බ)
උපුල්, හිනිදී චිත්‍රපටි රසිකයෙක් වගේ. (අ)
සුරපුරයක්ලු.විහිළු කාරයෙක්ද කොහෙද? (අ)
කලි කසල මාර්ගයේ දැමීම තහනම් මේ නීති අකුරටම ක්‍රියාත්මක වුණ නිලදාරී මෙහෙයවන්න හොඳ නායකත්වයක් අවශ්‍ය වෙනවා දේශපාලනය පසෙක ලා ගොඨාභය මහතා කල සේවය අමතක කල යුතුය (අ)
වාහන වලින් පිටවෙන් දුම (විශේෂයෙන් ඩීසල් ) ,අඩු කරනවා නම් ලංකාව තවත් ලස්සනයි (අ)
අපේ රටේ විදිමත් වැඩ පිළිවෙළක් තියෙන වා නම් අපි තවම මෙහෙම ඉන්නේ නැහැ . දියුණු රටකට ගිය කියන එක සැක සහිතයි .(අ)
මට නම් හිතුනේ ලංකාවට වශී වුණා ඒ හිටපු රෙගු අධ්‍යක්ෂක තුමා ශ්‍රී ලංකාව ගැන දුටු සුන්දර හීනයක් විග්‍රහ කරන්න ඇති. අපි නොදන්නා වාහන නලා ශබ්ද නොඇසෙන ශ්‍රී ලංකා මහා මාර්ග? අවිනීත ත්‍රිරෝද රථ රියදුරන්? අපද්‍රව්‍ය වලින් පිරි ජලය ගලා නොබසින කානු වල මිහිරි සුවද? එක අතකට අපි විතරක් ඒවා දැකලා විදේශිකයින් නොදකින එකත් අපේ රටේ වාසනාවක්? (අ)
එය සත්‍ය කතාවක්. ලංකාව සුරපුරක් තමා. මේක නේ කියන්නේ, තමන්ගේ හැටි තමන්ට පෙනෙන්නේ නැහැ නේ. මේ බව තේරුම් යන්න නම් ඉන්දියාවේ කොහේ හරි තැනකට ගිහිල්ලම බලන්න ඕන. හැබැයි නිව් දිල්ලි වල තියෙනවා සමහර තැන හරියට දිව්‍ය කොකා වගේ ඒවා. නමුත් සමස්ථයක් විදියට ගත්තොත් අපේ රට හොද තමා ඉන්දියාවට වඩා. ඒ වගේ නොවේ ඉන්දියාවේ සිටින රාජ්‍ය තාන්ත්ත්රිකයෝ ත රට ගැන ජාතික වශයෙන් සිතා ක්‍රියා කිරීම වෙනම කතාවකි. එසේම බොහෝ ඉන්දියානුවන් හිතන්නේ සමුහයක් ලෙස ඉන්දියාව ගැන ජාතික හගීමකිනි. නමුත් ඉන්දියාවේ විවිධ වූ භාෂා සහ ජාතීන් සිටියත් එය නොබෙදුණු එකම රටකි. (අ)
මට නම් හිතුනේ ලංකාවට වශී වුන ඒ හිටපු රේගු අධ්‍යක්ෂක තුමා ශ්‍රී ලංකාව ගැන දුටු සුන්දර හීනයක් විග්‍රහ කරන්න ඇති. අපි නොදන්නා වාහන නලා ශබ්ද නොඇසෙන ශ්‍රී ලංකා මහා මාර්ග? අවිනීත ත්‍ර රෝද රථ රියදුරන්? අපද්‍රව්‍ය වලින් පිරි ජලය ගලා නොබසින කානු වල මිහිරි සුවද? එක අතකට අපි විතරක් ඒවා දැකලා විදේශිකයින් නොදකින එකත් අපේ රටේ වාසනාවක්? (බ)
තව මාස තුනකින් එනකොට දැනට ඉතුරු වෙලා තියන ලස්සනත් නැතිවෙලා තියේවි එතකොට කියාවි ඉන්දියාව දැන් ලස්සනයි කියල. යහපාලනය තිබුන ලස්සන නැතිකරන්න දක්ෂයි (අ)
ඉන්දියන් හමුදාවේ අය ලංකාවට ඇවිල්ලා හිසේ ගාන ශම්පෝෂ කාපු එකේ අයෙත් කවර කතාද? (අ)
කෝච්චියේ යනකොට ගල් පාරක් බලා ගන්න පුළුවන් වෙයි (අ)
බුදු අම්මෝ කෝච්චියේන් නම් යන්න එපා .(අ)
යු ටියුබ් එකේ බැලුවොත් පෙනෙයි ඉන්දියාවේත් මහා මාර්ග ඉතා ලස්සනට හදල තියෙන ආකාරය. බැංගලෝර්, චෙන්නායි, පූනා, හයිද්රාබාද් සහ හර්යානාවල විස්මිත ගොඩනැගිලි දිහා බලන්න අමතක කරන්න එපා. මුම්බායි කියන්නේ කවදත් අපිරිසිදු තැනක්. (රේ)
අර කුනුකඳු තියෙන අහලකින් ගියානම් ඔහොම කියන එකක් නැහැ.(අ)
රුපසිංහහේ හරියටම හරි මම ඉන්නේ ඕස්ට්‍රෙිලියාව වල මම ගොඩක් රටවල්වල වැඩ කරලා තියනව ගොඩක් රටවල් දැකල තියනව ශ්‍රී ලංකව ආසියාවේ තියෙන හොඳ රටක් අපේ රටේ ලස්සන අපිට පෙන්නේ නැහැ අපි එකේ හැමදම ජීවත් වෙනකොට. අපේ මිනිස්සු හරි දක්ෂය එත් දේශපාලනය නිසා දක්ෂයාට හරි තැන හම්බ නොවෙන්න පුළුවන්. නමුත් අපේ රට හොඳට දියුණු කරන්න පුළුවන් දක්ෂ ජනතාවක් ඉන්නවා වගේම ලෝකයෙන්ම හොඳ අතීතයක් සහ ලස්සන රටක් (අ)