ශ්‍රී ලංකාවේ සමලිංගිකයන් සංඛ්‍යාව 24,000 - 37,000 පමණ වෙතියි කළුතර දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය හිමාලි පෙරේරා මහත්මිය කියන්නීය.
පොලිස් නිලධරයන් හා ලැගුම්හල් හිමියන් දැනුම්වත් කරමින් ඇය පැවසුවේ 2009 දී සියයට පහළොවක් වූ එම ප්‍රමාණය 2012දී සියයට 30ක් වී ඇති බවයි.
ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරුවන වැඩිම පිරිස වයස අවුරුදු 15-45 අතර බව කොළඹ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය උමේදා ජයසිංහ මහත්මිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම තිරිසන් සතෙක් සමලිංගිකව හැසිරෙන්නේ නැහැ. ලෝකයේ සමලිංගිකව හැසිරෙන එකම සතා මිනිසායි. මේකට හේතු ගොඩක් තිබෙනවා. එකක් තමයි තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට තම තමන්ගේ මට්ටමෙන් සුදුසු සහකරුවකු සොයාගැනීමට අපහසු වීම. සංස්කෘතිය, ආගම නොසලකා හැරීම. ඉවසීම අඩුකම. තවත් බොහෝ කරුණු තිබෙනවා. (දී)
සමලිංගිකයෝ කියන්නේ කාටද?(නදී)
ලෝක විනාශය ලගයි වගේ (දී)
ලංකාවේ දැන් මෙය නීති ගත කරන්න කාලය හරි වගේ
කට්ටිය අදහස් දානකොට සමහරුන්ට උන් හිටි තැන් අමතක වෙලා සතුට දෝරේ ගලනවා. (නි)
මේවට මොකද කරන්න ඕන, දෙයියෝ සාක්කි කිවලු (දී)
අපි අනුන්ගේ වැරදි හොයනවා මිසක් අපේ වැරදි හදා ගන්න උත්සහ කරන්නේ නෑනේ. හලාල් වලට විරුද්ධ වූ අපි ඇයි මේවට විරුද්ධ වෙන්නේ නැත්තේ. ඇයි අපට සැබෑ ප්‍රශ්න පෙනෙන්නේ නැත්තේ ? අපේ සමාජය විනශ වෙන්නේ හලාල් වලින්ද ? සුරව, සූදුව හා අස්වභාවික කාමාශාවන් වලින්ද ? (ස)
සම්පත් ,ඔබ කොහොමද එහෙම කියන්නේ? (නි)
ඕකට තියන එකම විසඳුම ඉස්ලාම් නීතියයි. බලන්න, මේ මැදපෙරදිග රටවල් වල ඔවැනි තත්වයක් නැහැ. (ස)
අන් අයගේ මතයන් අපට ඉවසිය නොහැක. ඔවුන් මරා දමා හෝ අපගේ මතය ඒ අය පිට බලෙන් පටවමු.(නදී)
ඕක යම් කිසි විදියකින් නීත්‍යාකුලබාවයක් ලබා දෙන්න. ඔය වැඩේට ඕනනම් ඇමති කෙනෙකුත් පත් කරවල මිනිස්සු ඕකට දිරිමත් කරන්න. ජනගහනයත් පාලනය වෙනවා. ප්‍රස්නත් නැති වෙනවා. ඔය ඇමැතිකමට ඔනවටත් වඩා සුදුසුකම් තියෙන ගොඩක් අය දෙපැත්තෙම ඉන්නේ.
ඔය අමාරුව වැඩි කට්ටිය එහෙම වත් පිරි මසා ගත්තට කමක් නැහැ අසරණ දරු පැටව් සහ කාන්තාවන් බිලි නොගෙන.(නදී)
ඕක නීතිගත කරොත් වැඩිකල් නොගොසින්ම ලංකාව සමාජ රෝග වලින් වර්ල්ඩ් කප් එක ගන්නවා ෂුවර්. (ස)
සමන්, සමලිංගික හැසිරීම් රටාවන් පෙන්වන සතුන් විශේෂ 400 ක් පමන හඳුනාගෙන තියෙනවා. හොයා බලන්න. ඔයා පෙන්වා තියෙන හේතු ප්‍රධාන හේතු නෙවේ. බොහෝවිට මෙය ජානමය හේතුවක් හෝ ළමා කාලයේදි මුහුණ දෙන අත්දැකීමක් නිසා ඇති වෙන්න පුලුවන්. කොහොමටත් මෙය රෝගයක් ලෙස සළකන්නෙ නැහැ. (නදී)
මෙයාලට ශරියා නීතියට අනුව දඬුවම් කරානම් හරි. සමීර හා ගමගේගේ අදහස් ගැන හරි කනගටුයි. මේක බෞද්ධ රටක්. මේවගේ දේවල් මෙහෙ බෑ.(නදී)
මෙය රහසක් වගේ තිබුනට, සමාජයේ හැම තැනම මේක තියෙනවා. මුස්ලිම් රටවලත් තිබෙනවා. කොහෙද රටක ඇමති කෙනෙක් සමලිංගික විවාහකයෙක්ලු. මානසික රෝගයක් නම් එතරම් දියුණු රටක ප්‍රතිකාර නැද්ද? මෙය ජානම සිද්ධියක් මිස රෝගයක් නොවේ. සමාජය විසින් එය රෝගයක් කර ඇත. එසේම එයට ඇති බාදක නිසා අනාරක්ෂිත භාවය වැඩියි. කාලයාත් සමග බොහො දේ වෙනස් වෙනවා. බුදු දහමී කොතනකවත් ලියා නැහැ කා සමග ලිංගික ඇසුර කල යුතුද කියා. මෙය නීති ගත කල යුතුයි. නැතිනම් බොහො තරුණ කොටස් විනාෂ වේවි. විශ්ව විද්‍යාල වැසිකිලි බිත්තියක් ගිහින් බලන්න. හොඳා පිළිතුරක් ලැබේවි.(නදී)
ලතා දන්නෙ නැද්ද එයාලා ගැන? (නි)
මෙතන ඉන්න වැඩි දෙනෙක් දරන මත දැක්කහම හරිම පුදුමයි. සමහරු කියන්නේ ළමා අපචාර වෙන්නෙ සමලිංගිකයන්ගෙන්ලු. සමහරු කියනව බුදුදහමට සමලිංගිකත්වය විරුද්ධයිලු. සමහරු සමලිංගිකයන්ව මරන්න හදනවා. සමහරු ඔප්පු කරන්න හදනවා ලිංගික රෝග බෝවෙන්නෙ සමලිංක එකතුවීමකින් කියලා. ඔවුන් සමලිංගිකත්වය දකින්නේ කාමුක මානසිකත්වයෙන් පමණයි. වැරදි අාකාරයට ලිංගික එකතුවිම වැරදියි තමයි. එය විෂම ලිංගිකවත් විය හැකියි නේද? රටේ අැයි ගණිකාවො වැඩි වෙලා ඉන්නේ? ඔය බෙරිහන් දෙන මහත්වරු හින්දා තමයි! සමාජ රෝග වලට ලිංග බේදයක් නැහැ. හිතන්න කාලය දැන් උදාවෙලා (නි)
සමලිංගික ලිංගික විවාහ නීතිගත කරන්න ඕනේ.... (කෞ)
මම සමලිංගිකයෙක් වීම ගැන පසුතැවෙන්නේවත් ලැජ්ජා වෙන්නේවත් නැහැ (නි)
මේකට බෞද්ධ අබෞද්ධකම් සම්බන්ධයක් ඇත්තෙම නැහැ. කුමාරගේ අදහසට 100%ක්ම මම එකඟයි. කෙනෙක් තව කෙනෙක් එක්ක ලිංගිකව ඉන්නේ කොහොමද කියන එක අනිත් අයට බලපාන්න හේතුවක් නැහැ. මේවට අපේ පාසල් ගුරුවරු 100% වග කියන්න ඕනෑ. අපි ගිය පාසල් වල සෞඛ්‍ය උගන්නපු හැටි අපිට තාම මතකයි. (නි)
සමලිංගිකත්වය මානසික රෝගයක් හෝ වෙනත් අසහනකාරි තත්ත්වයක්නම් ඇයි ලෝකයේ රටවල් සමලිංගිකත්වය නිතීයානුකූළ කරන්නෙ. මානව පරිණාමය සිදුවුණු ඈත අතිතයේ ඉදලා අද දක්වාම අඩු වැඩි වශයෙන් සමලිංගිකත්වය ලෝකයේ තිබුණා. කවුරු මොනවා කීවත් ලෝකයේ 90%ක්ම වගේ හැම කෙනෙක්ම ජීවිතයේ එක පාරක් හරි සමලිංගික අත්දැකීමක් ලබනවා. ඒක බොහොම සාමාන්‍යා දෙයක්. ලිංගික හැඟීම නැත්තම් තමයි ඒ කෙනා මානසික රෝගීයෙක් වෙන්නෙ. කවදාවත් තනි අතින් අප්පුඩියක් ගහන්න බැනේ. දූෂණය කිරීමක් හැර බොහෝමක් සමලිංගික කාර්යයන් සිද්ධ වෙන්නෙ ඒ දෙපාර්ශ්වයේ ස්වකැමැත්තෙන්. ලිංගිකත්වය ගැන එයාලගෙ අදහස වෙනස් වුණාට සමාජයේ එයාලත් අනිත් අය වගේම ලේ මස් නහර වලින් හැදුණු මිනිස්සු. අනිත් අය වගේම ඇස් වලින් කදුළු එන, බඩට බඩගිනි දැනෙන මිනිස්සු. (ර)
මේක පිස්සු හොඳ එක. මේක සදාචාරයට විරුද්ධයි. දෙතුන් වරක් බුදුන් වැඩිය රටට මේ මොනවද මේ වෙන්නේ. කෝ අපේ සේනාව මොනවා හරි කරන්න. පිස්සු නැටුවා හොඳටෝම ඇති. මේකට විරුද්ධව ඔබතුමන්ලා පෙළපාලි නොගිය හොත් සත්තකින්ම ඕගොල්ලෝ සමාජයට හොඳක් කරන තාලේ සේනාවක් නෙමෙයි ඕන් කිව්වා. (ස)
කුමාර, ඔය වගේ මනෝ විකාර තියන මිනිස්සු මුස්ලිම් රටවල නැහැ. හිටියත් හිස ගසා ගන්න තමයි වෙන්නේ. ඒ වගේම ජාන හේතු මේවට නැහැයි කියලා ඩොක්ටර්ලා කියලා තියනවා. මේකට කියන්නේ ජඩ ජීවිතේ කියලා. අල්ලලා මරලා දාන්නයි තියෙන්නේ මුන් සේරම. නැතිනම් ලංකාවත් මේ කැත අසීලාචාර තිරිසනුත් නොකරන ජීවින් සිටින දේශයක් වෙන එක. (ස)
බොහොමයක් දියුණු යැයි සම්මත රටවල මේක නීතියෙන්ම පිලිගන්නවා. තමන් සම ලිංගිකයන් බව කියන්න ගැහැණු පිරිමි දෙගොල්ලම කිසිම පැකිලීමක් නැහැ. අපේ රටේ සදාචාරයට විරුද්ධ බවක් පේනවා තමයි අපේ සංස්කෘතික හැඩගැස්ම නිසා. ඔය තරම් පුද්ගලික නිදහස ගරු කරන ඇමෙරිකාවේ පවා ජෝජ් බුෂ් සමලිංගික විවාහ ගැන අප්‍රසාදයෙන් කතාකල වෙලාවේ ඔහුට කොයිතරම් මිනිස්සු බැණ වැදුනද? කාලය විසින් තීරණය කරන තුරුම ඔය ප්‍රශ්නය ඔහේ තියෙයි. (ස)
බලාගෙන ගියාම මේ අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සම ලිංගික අය වගේ නේ. (ස)
මට නම් අපේ රට ගැන හරිම කණගාටුවක් දැනෙන්නේ (නි)
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව මෙය අපරාධයක්. එලි පිට නැති වුනත් අපි කවුරුත් දන්න දෙයක් තමයි. මෙය අපේ රටේ ඉතා ඉහලින් පවතින දෙයක් බව. ඉහල සමාජ තලයේ මෙය රහසක් නොවෙයි.ගම නගරය කියලා මෙයට වෙනසක් නැහැ.බොහෝ අප රටේ හිටපු හා සිටින පාලක පාලිත දෙපාර්ශයම මෙයට වැඩි අකැමැතක් නැහැ.ඒකයි යථාර්තය.එක්සත් රාජධානියේ මෙය දැන් නීති ගත කරලා. එලි පිට හැසිරෙනවා.රටේ පුජ්‍ය පක්ෂ පවා දැන් මෙය අනුව කටයුතු කරනවා.පාර්ලිමේන්තුව තුලත් එළිපිටම ඔවුන් හැසිරෙනවා.මෙහි මෙය දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.අපේ රටේ වෙබ් අඩවි වල ගියාම ඔබට තේරෙයි ලංකාවේ තරම.ලගදී මේ පිලිබඳ සෙම්න්ත්‍රරණයක් පැවැත්වූ බව පුවත්පත්වල පළවුවා.සැබෑ කරුණු ලගදීම හෙළි වේවි. (ස)
සමලිංගිකයෝ පොලිසියෙන් අල්ලන්නෙත් නැහැ.(නදී)
ස්වභාව ධර්මයට පටහැනිව කටයුතු කරාම සිද්ධ වනදේවල් ගැන ජනතාවට දැනුවත් කරන්න ඕනේ. (ස)
සමහර අයගේ අදහස් කියවනකොට සංසාරේ එපා වෙනවා. මේනී තිගත කරන්න ඔනෙලු? මොන සිහියකින් ඉන්නවද දන්නේ නැහැ? කිසිම පැකලීමකින් තොරව මන්ද බුද්දික අදහස් ලියන්නන් තමා මේ වගේ අශීලාචාර ක්‍රියාවන් අනුමත කරන්නන්. අපි හැම දෙයක්ම යුරෝපා රටවල් හා සංසන්දනය කිරීම මහා විනාශයක්. ඒ අයගේ සංස්කෘතිය අපිට ගැලපෙන්නේ නැහැ. යුරෝපා රටවල ඉන්නා අපේ අය ලංකාවට එනවිට සංස්කෘතිය නම් එම කබාය ගලවා එන්න. ඇත්තටම මේක මානසික රෝගයක් තමා. සේරම් පැරිස් - ලියල තිබෙන අදහස් සමග මාත් එකගයි. නමුත් කිසිම ආකාරයකට මෙවැනි දේවල් නීතිගත කිරීම් පිළිබධව කට ඇරීමත් තහනම් කලයුතුයි. දෙමාපියන්ට විශාල වගකීමක් තිබෙනවා දැන් වර්තමාන ළමා ලෝකය අන්ධකාරයි. සමහර ගොන්නු මේකටත් ආගම පටලවා ගන්නවා. උනුත් මේ වාගේ මානසික ලෙඩ්ඩු තමා.(නදී)
ලංකාවේ පමණක් නොවේ මුළු ලෝකයේම සමලිංගිකයන් වැඩිවෙනවා. අස්වාබාවික ලිංගික ක්‍රම වලට යොමු වීම කුඩා කල පටන් ගන්නා මානසික ආබාදයක්. මෙවැන්නන් පොඩි කාලයේ දෙමව් පියන් අතින් ලිංගික අතවර වලට හෝ කුඩා කල සිට යහළුවන්ගේ ලිංගික අතවර වලට අත් වුවන් විය හැක . විරුද්ධ ලිංගිකයන් සමග මානසික අසහනයක් ඇති අයද වෙන්ට පුළුවන් . ලෝකයේ බටහිර සමහර රටවල් දැනට මේවා නීතියෙන් සම්මත කර ඇතත් . බොහෝ රටවල් මෙයට විරුද්ධය.(නදී)
මේවා ගනන් ගන්න එපා. මීට වඩා ගොඩක් සාදාරණ වැඩ තියෙනවා. ඒ ගැන බලමු.(නදී)
රන්ජන්...ඔයා මැදපෙරදිග ගිහිල්ලා තියනවද? වැඩිපුරම සමලිංගිකව හැසිරෙන්නේ අරාබි කාන්තාවන්. (ස)
වැසිකිලි වලට ඔලුව ඔබන, ගුද මාර්ගයේ රත්රන් පොලු සහ මුදල් ගසා යන කාලයේ, සමලිංගික ක්‍රියා මොන කජ්ජක්ද . කටින් නොකා පසු පසින් කන සමාජයක් අද බිහිවී තියෙන්නේ. (ස)
සමලිංගික කියන්නේ ලෝකේ ආයුස වැඩි වෙන කාලෙට වැඩි වෙන දෙයක් මිනිසුන්ගේ මේ කාලේ ඉදලා ටික ටික ආයුස වැඩි වෙන්න ඕන කලියුගය ඉවර නිසා. (ර)
රුවන්, ඔයා බටහිර සඟරා කියවලෙ බාගෙට දැනගෙන ඒවා සත්‍ය කරුණු වගේ මෙතන කියන්න එපා. ඔය සත්තු 400 සමලිංගික සංගම් වලින් දෙන සල්ලි වලින් ලියන දේවල් මිසක් පර්ය්ෂණ වලින් හොයාගත්ත ඒවා නෙවේ. හුඟක්ම දෙනෙක් ගන්න උදාහරනේ තමා පෙන්ගුවින්ලා. ඒත් කවුරුවත් දැකලා නෑ උන් ලිංගිකව හැසිරෙනවා, නිකම් තටු අල්ලගෙන යනවා විතරයි.මේක ජාන ප්‍රශ්නයක් කියන්න කාලයක් තිස්සේ ඒ අය දඟලනවා. නමුත් ඒවා වැඩක් නෑ, මේක ගොඩක් දුර ගිහින්.දැන් මේ ජාතියේ මැති ඇමතිවරු අපට ඉන්නවා. දැන් ඕනේ ඉස්කොලේ යන පුංචි පිරිමි සහ ගැහැණු ළමයි පරිස්සම් කරගන්න ක්‍රමවේදයක්. (ස)
ඔය කියන වෛද්‍යතුමිය එංගලන්තයට ආ වෙලාවේ මා එතුමිය සමඳ කතා බහ කලා.මෙහේට සාපේක්ෂව ලංකාවේ මේ සම්බන්ධ ලෙඩ වැඩි බවයි එතුමියගේ අදහස.ඉස්සර මේ තත්වයේ අනික් පැත්ත.කෙසේ හෝ මගේ පුද්ගලික අදහස නම් මෙය රෝගී තත්ත්වක් නොව තමන් නොදනිම පත්වී ඇති අසික්කිත පුරුද්දක්. මෙය දුම් පානය, මත්පැන් හා මත්ද්‍රව්‍ය පාවිචිය වැනිය. නමුත් බටහිර රටවල් වල පිළිගැනීම වන්නේ හෝමෝන ආසාත්මික තවක් බවයි. (ස)
රන්ජන්, නොදන්නා දේවල් නොකිය ඉන්න. මම දන්නා විදියට ඕක මුස්ලිම් රටවල වගේම ලංකාවෙත් තහනම්. ඒත් ඔයා ඇවිත් බලන්න ඕක මැදපෙරදිග රටවල කොතරම් සිදුවෙනවද කියලා. පකිස්තාන් අය නිසා බංගලිදේශ් කොල්ලෝ කී දෙනෙක් මෙහෙ මැරිලා තියෙනවද. මම කියන්නේ මේක හැම රටකම අඩු වැඩි වශයෙන් තියෙනවා. මම කුමාරගේ අදහසට නම් එකග වෙනවා. (නදී)
රටේ බහුතරයක් අපේ මේ වැඩ පිළිවෙල අනුමත කරලා තමා අපිව බලයට පත් කලේ. අපි මේ රට ආසියාවේ ආස්චාරය කරා ගෙන යනවා කීව. දැන් ඒ ආස්ච්ර්යට ලග උන.සම ලිංගික බහුල කිරීමේ කීර්තිය අපට හිමි විය යුතුය. දේශමාමක,දේශප්‍රේමී,බලවේග රට මේ තැනට ගෙන එන්න අප සමග ඉදිරියටත් ඉන්නවා. දැනට රටේ සීනි වලටත් අමත්‍යන්සයක් තියෙන එක මේ සඳහාත් අපි ඇමතිවරයෙක් පත් කරන්න ඕනා.(නදී)
පව් කියලත් හිතෙනවා.(නදී)
මෙයාලත් සමාජයේ අපි වගේම සාමාන්‍ය මිනිසුන්. මේක ලෙඩක් නෙමෙයි. මෙයාලව අපි පහත් කර කතා නොකළ යුතුයි. මෙය ඉබේටම ඇතිවන දෙයකුත් නෙමෙයි. මෙය මිනිසුන්ට පමණක් ඇතිවිය හැකි දෙයකුත් නෙමෙයි. ඕනෙම සත්ව වර්ගයක මෙය තිබිය හැකියි. අර කව්ද කිව්වට ඕක වැඩියෙන්ම තියෙන්නේ අරාබි රට වල තමයි. බෙල්ජියම කියන රටේ අගමැති තුමා සමලිංගිකයෙක්, ඔහු එය ප්‍රසිද්දියේ කියා සිටිනවා, එපමණක් නොව ලොව බොහෝ රට වල රාජකීය පවුල් වලත් මෙය තියෙනවා. අප මොවුන්ට අනුකම්පා කළ යුතුයි. යුරෝපය වැනි රට වල මෙවැනි සිදු වීම් සාමාන්‍ය දෙයක්. මේක ආගම ජාතියට කොහෙත්ම සම්බන්ද දෙයක් නොව ,මොවුන් මෙලොව පහල වී ඇති ආකාරය අනුව තමයි මෙය පැවතෙන්නේ.(නදී)
සම ලිංගික කටයුතු වලට නීත්‍යානුකුල බවක් දෙන්න තරම් අප ඉක්මන් විය යුතු නැහැ. එහෙත් මේ ගැන සමාජයට අවබෝධයක් ලැබිය යුතු බවයි මගේ අදහස. (ස)
සමලිංගිකත්වය කියන දේ මගේ රටේ විතරක් නෙමෙයි ලෝකේ හුඟක් රටවල දකින්නේ ඉතාම පහත් දෙයක් විදිහට. ඒත් අද වෙද්දී මිනිස්සු තේරුම් අරගෙන තිබෙනවා සමලිංගිකත්වය කියන්නේ රෝගයක් හෝ චින්තනමය අකර්මන්‍යතාවයක් නොවන බව. කාලය වෙනස් වෙනවා. ආකල්ප වෙනස් වෙනවා. මිනිස්සු වෙනස් වෙනවා. ඒ සියල්ල වෙන්නේ නිදහස මත. කාලය යන්න යන්න, මේ ලෝකේ තවත් විවෘත වෙනවා. ආකල්පය වෙනසක් වෙනුවෙන් ජීවිත තකන්නේ නැතුව මිනිස්සු හඬනගනවා. ඒ විදිහට හුඟක්ම අමාරුවෙන්, මිනිස්සු විසින්ම ලබාගත් ජයග්‍රහණයක් තමයි සමලිංගික නිදහස. ඔබට වගේම මටත් ආසයි මගේ ජීවිතේ මට කැමති විදිහට ගත කරන්න. මම කැමති කෙනෙක්ට ආදරය කරන්න. ඉතිහාසය කියනදේට හැමවෙලාවෙම දෙපැත්තක් තිබෙනවා. හරි පැත්ත සහ වැරදි පැත්ත. උත්සාහ කරන්න, ඉතිහාසයේ හරි පැත්තේ අඩිය තියන්න. (නි)
මම නම් හරියටම දන්නේ නැහැ. සමහරු මේක ජාන වලින් එනවා කියනවා. තවත් අය එයාලගෙම වැරදි නිසා එන තත්වයක් කියනවා.මොනවා කෙසේ වෙතත් ඕක දැන් නීති ගත කරන්න වෙනවා. මේකේ අදහස් දාන සමහරු දන්නේ නැහැ ඕක ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම තියෙනවා කියො. හැබැයි එයාලගේ පරම්පරාව නම් ඉවරයි ඔතනින්ම.මොකද ළමයි ඔය ක්‍රමයට ලැබෙන්නේ නැති නිසා. (ස)
බන්දුල පෙරේරාත් අදාල වෙන්න ඔය ගණයට. දාන අදහස් වලට ගැලපෙන්නේ ඒ ගණයට තමා ........... (ස)
සමලිංගිකත්වය අනුමත කිරීම හොඳ නැහැ. ඒත් එහෙම කියලා ඒ අය පාගාදමන එකට මම කැමති නැහැ (නි)
බුදු හමුදුරුවන්ගෙ කාලෙත් සමලිංගිකත්වය තිබ්බා!!අපිට සොබාව ධර්මය වෙනස් කරන්න බෑනේ! (ස)
මේක 21 වන සියවස. මේ සියවසේ ලෝකයේ සමාජය පාලනය වෙන්නේ නීතිරීති මත. ඒත් ඉස්සර එහෙම නැහැ. එදා ඇත්තටම තිබුනේ ගෝත්‍රිකවාදයක්. නමුත් මේ සියවසේ නීතිය 90% කටත් වඩා පදනම් වෙන්නේ මානව හිමිකම් මත. ලෝකයේ දියුණු රටවල සමලිංගිකත්වය සරල, සාමාන්‍ය දෙයක්. ඒත් අපේ එහෙම නැහැ (නි)
දැන් හැමෝම දොස් කීවනේ හම්බන්තොටට නැව් නැහැ, මත්තලට ගුවන් යානා එන්නේ නැහැ, ජාත්‍යන්තර ක්‍රීඩා නැති ක්‍රීඩා පිට්ටනි හැදුවා, නොරොච්චෝලේ හැමදාම කැඩිලා,කියලා.දැන් සමලිංගික සාමාජිකයොත් අඩුය කියලද කියන්නේ.හොඳට බලන්න 37,000 ක් දක්වා ගණන වැඩි වෙලා.දැන් කට්ටිය මොකද කියන්නේ? (ස)
බලපුහම මේකේ ගොඩක් කට්ටිය සමලිංගිකයෝනේ. අනේ ලංකාවට ගිය කල (ස)
ඉදිරියේදී ඔය ගණන විශාල ලෙස පහළ බහින්නට ඉඩ තිබෙන බව මගේ අදහසයි.එයට හේතුව ඩොලර් වෙනුවෙන් සමලිංගිකත්වය ලංකාවේ පැතිරවීමට උගුල් ඇටවූ අය දැන් අප අතර නොමැතිවීමයි (නි)
තවත් තුවාලය ඔඩු දුවන්නට පෙර ජනතාව යමක් කිරීම නුවණට හුරුය. (නි)
මේක ලංකාවේ අද ඊයේ පවතින එකක් නෙමේ . මේකත් දේශපාලනීය වෙලා තිබෙන්නේ . මෙයට විරුද්ධව අපිට යන්න අමාරුයි .බොහෝ පල්ලි පන්සල් වලද මේ සමලිංගික දේවල් සිදු වෙනවා. (ස)
කොයි තනතුරෙත් ඉන්නවා . (අ)
මෙතන තියෙන්නේ මානසික ප්‍රශ්නයක් (දී)
දිනෙන් දින වැඩි වෙනවනම් , ඕක මිනිසුන්ගේ අවශ්‍යතාවයක්නම් සුදුසු නීති රීති මාලාවක් හදල නීතියානුකූල විවාහ බවට පත්කිරීම කාලීන අවශ්‍යතාවයක්! බල්ලොත් බඳිනවනම්,මිනිස්සු එළුවෝ ,බදිනවානම්, ගැහැණු බල්ලෝ, අශ්වයෝ බදිනවානම් ඕක මොකක්ද? (දී)
සම ලිංගික විවාහ නීති ගත කරන්න (දී)
කෙල්ලන්ට තැනක් නැහැවගේ (දී)
සංස්කෘතිය හා ලිංගික ආශාවන් එකට සසදන්න එපා. ලිංගික ආශාවන් ස්වාභාවිකයි.ලිංගික ආශාවන් ඉපදෙනකොට රැගෙන එන දෙයක්.නමුත් බොහොමයක් අය සමාජයට බයේ එය සගවාගෙන හිතෙන් දුක් විදිනවා. සංස්කෘතිය කියන්නේ රටක ජාතියක් හෝ ආගමක් විසින් කවදා හෝ, කව්රුහරි විසින් පටන් ගත් කල්පයක්.ඕනෑම වැඩිහිටියෙකු හට අනුන්ට කරදරයක් නොවන පරිදි ඕනෑම දෙයක් කිරීමට නිදහස තිබිය යුතුයි. (නි)
සදාචාරයෙන් පිරුණු රටක වෙන වැඩද මේ (දී)
හරි ශෝක් .... මෙය බුදුන්ගේ දේශයයි .....(දී)
ලගදි මතකද මෙවන් විවාහයක් තිබ්බා (දී)
අප්‍රසිද්දව සිදුවන ගාන ගණන් බැලුවොත් මේ අදහස් දක්වන අප්පුහාමිලත් ඔය ගනේට වැටෙනවා. එතකොට 75% දක්වා ඉහලයි. මේක නිකන් කුණුගොඩවල් ඇවිස්සිලක්. (නදී)
කුඩු ගංජා වගේ තහනම් ක්‍රියාවන් පවතින මේ වගේ රටක මානසික හැගීම් වලට තහනම් දාන එක සාධාරණද නැද්ද කියල මම දන්නැ. එ්ත් නීති විරෝධී විදියට ගැහැණු පිරිමි සම්බන්ධකම් තියෙනකොටත් මේ සම්බන්ධව පමණක් විරෝධය දක්වන එක වැරදි. කිසිම පුද්ගලයෙකුට විවාහ වීමට අවසර නොදුනහොත් හැමෝම දුරාචාරයේ යෙදෙන එක ස්ථිරයි. (බ)
සමීර හා ගමගේ ගේ බළලා මල්ලෙන් එලියට පැන්නෝ.... (දී)
ආඩම්බරයි හසන්ත. මේක නෙමේද අපි බලාපොරොත්තුවෙන් හිටපු ආශ්චර්ය?? (දී)