(විමුක්ති එස් රුද්‍රිගු)
වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට එකතු වී සිටින සංචාරකයන් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකින් ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් අතර 12 වෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බව බව එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට අනුව ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රට වන්නේ අයිස්ලන්තයයි.එම දර්ශකයේ දෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයටත් තෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත් හිමිව ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සීගිරිය නැරඹිය යුතුම ස්ථානයක් ලෙස වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවිය හඳුන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සීගිරිය නැරඹිය යුතුම ස්ථානයක් ලෙස කතාව අහන්නත් සතුටුයි...! ඒත් ඔය සීගිරිය ළඟ තියෙන වැසිකිලියකට සංචාරකයකුට යන්න පුළුවන්ද කියලා සංචාරක ඇමතිම ගිහිල්ලාම දෑසින්ම දැක බලාගෙන ඒවා ඉතා පිරිසිදුව තියාගන්න ක්‍රමයක් යොදවන්න..! සමහර ඒවාට අඩි 10 දුර ඉඳලාම නහය වසාගෙන ඇතුල්වෙන තත්වයේ තියෙන්නේ..! ඒවා නිසිලෙස පාවිච්චි කරන්න නොදන්න අපේ පිරිමි උන්ඳැලාට ඒවාට යාමට තහනම් කරලා පුළුවන්නම් සංචාරකයින් වෙනුවෙන්ම වෙනම තැනක වැසිකිලි යාමට පහසු තැනක් හදලා ඒ පහසුකම ලබාදෙන්න..! සමහර සංචාරකයින් හෝටලයට එනකම්ම තද කරගෙන ඉන්නවා පිටරැටි අපේ කනටම දෑසටම ඇහිලා පෙනිලා තියෙනවා..!
ඩයනා මැඩම් කංසා විකුණන්න ට්‍රයි කරන එකේ, නයිට් ලයිෆ් ඇති කරන්න දඟලන එකේ , ඒ එන සංචාරකයන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සලසලා හිටියොත් වටිනවා.
Government is doing nothing to rebuild the tourism industry. Foreign travelers are not informed the current situation of the country. They are thinking that issues like shortage of fuel and gas still there..
එන්න එන්න අපි ස්ට්‍රයික් කරමු. රට ගිනි තියමු. අරගල කරමු. මීට ......... (දන්නෝ දනිති)
මුං සේරම කැවා(san..........එක අමතක උනා මතක් කලාට බෝ හෝම පිං
ලංකාවට ආවොත් අපේ කුළුණට නැගලා තව්තිසාවත් බලාගන්න පුළුවන් කියලා ඔය පැකර් වෙබ් අඩවියට කොහොම හරි රිංගවන්න.