ශ්‍රී ලංකාවේදී සිදුව ඇතැයි කියන වද හිංසාවන් ගැන සාකච්ඡා කිරීම සඳහා වද හිංසා වලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව අද (15) ජිනීවා නුවර රැස්වූ බව තානාපති ආරංචි මාර්ග කියයි.
මෙරට දී සිදුවී ඇතැයි කියන වද හිංසා පැමිණවීමේ සිද්ධීන් හාරසියකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ එම ක්‍රියාකාරී කමිටුවට වෙත අද (15) තොරතුරු ලැබී ඇතැයි ද වාර්තාවේ.
ශ්‍රී ලංකාව තුළ සිදුවන වද හිංසා වල අඩුවක් දක්නට නොමැති බවත් , ඒවාට දඬුවම් කිරීමට ට නීති පනවා තිබුණද එම නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන ඉවත් පැමිණිලිවල දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට පිටස්තරයන් අතගැසීම තරම් වධ හිංසාවක් තවත් තියෙනවාද. (අ)
මේ පාවාදීම් වලට වන්දි ගෙවන්නේ ශ්‍රී ලංකාවේ අසරණ බදු ගෙවන්නන්.
මේක මහා විහිළුවක් වෙලා දැන්. කිවිසුමක් ගියත් ජිනිවා යනවා. ඇත්තද බොරුද කියලා හොයන්නවත් කවුරුවත් නැහැ. (නි)
පොදු විපක්ෂය ලංකා මාතාව පවා දෙනවා. සියලු සිංහල බලවේග පොදු විපක්ෂයට එරෙහිව පෙළ ගැසිය යුතුයි. (බ)
මහින්ද මහත්තයෝ , විමල් මහත්තයෝ , ගමන්පිල මහත්තයෝ. ඕගොල්ලෝ මේ පිටරටවල් ගානේ ගිහින් පැමිණිලි කර කර නැති කරන්නේ ලංකාවේ කීර්තිනාමය නේද? පටු දේශපාලනය වෙනුවෙන් ජාතිය පාවාදෙන්න එපා. (බ)
රටක පාලකයෝ දුෂිත වුණා කියලා අපේ තානාපති සේවය දුෂිත වෙන්න ඕනෑ නැහැ. නමුත් අවාසනාවකට වගේ දුෂිත පාලකයෝ තම නෑදෑ හිතවතුන් හා හෙන්චයියන් තානාපතිවරුන් ලෙස පත්කර ගත්තහම, ඔවුන් සේවය කරන්නේ රටේ ජනතාවට නොව දුෂිත පාලකයින්ටයි. මේ තත්වය යටතේ ලංකාවේ හොඳ නම රැකගැනීම සඳහා යොදාගන්න තිබුන වෘත්තීය තානාපතිවරුන්ගේ සේවය අපට අහිමිවුණා. මේවායේ වන්දිය අපි අදත් ගෙවමින් සිටිනවා. (නි)