(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා අන්තර්ජාතික වෙළෙඳපොළේ ඉහල ඉල්ලුමක් ඇති බැවින් එම වෙළෙඳපොළ අල්ලා ගැනීම සඳහා මෙරට රජය මෙන්ම ව්‍යාපාරිකයින්ද උනන්දු විය යුතුයැයි ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි HE the Bonnie Horbach මහත්මිය පැවසුවාය.
ඒ සඳහා අවශ්‍ය සහයෝගය තමන්ට ලබා දිය හැකි බවද තානාපතිනිය කීවාය.
නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තය ආශ්‍රිතව තාක්ෂණික සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අරමුණින් තානාපතිනිය සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ කෘෂිකාර්මික අංශ පිළිබඳව උපදේශක Michial Van Erkel මහතා සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
නෙදර්ලන්තය විසින් දැනට භාවිතා කරන නව කෘෂි තාක්ෂණය හා පුහුණුව පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.
නෙදර්ලන්තයට කෙන්යාවේ සිට විසිතුරු මල් ආනයනය කරන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව දීමට හැකි බව ද තානාපතිනිය පැවසුවාය. ලංකාව යනු මල් වගාවට ඉතා හොඳ ශක්‍යතාවයක් ඇති රටක් වන හෙයින් ශ්‍රී ලංකාවට විදේශ රටවල සිට මල් ආනයනය කිරීම ගැන තානාපතිනිය කනගාටුව පළ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. වෙනරටක තානාපතිනියක් ටොකු ඇනල කීවත් මොළේට යයිද දැන්නෑ. දැන්වත් බලයෙ ඉන්න සහ බලයට පත්වෙන්න ඉන්න අයට ඇස් ඇරේවා! ඒ වගේම විදේශ රටවල ඉන්න ලංකාවේ තානාපති වරුන්ටත් ලංකාවට වැඩදායක වෙන මෙවැනි දේවල් මොළයට පහළ වේවා !!!
අකැමැත්තෙන් වුව ද කීමට ඇත්තේ, වසර 138ක් මෙරට පාළනය කළ සහ යුරෝපයේ මහා පරිමාණ ලෙස මල් වගා කරන නෙදර්ලන්තයට මෙරට මල් ගැන තිබෙන අගය තවමත් මෙරට අයට නොදැනීමයි. පිටරටින් ආනයනය කරන සියල්ල හිස මුදුනින් පිළිගනිමින්, දේශ මමත්වයට ගෝත්‍රිකවාදය යයි ගරහන පරපුරක් මෙරට සිටිනා තුරු ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු විය හැකිද?
තානාපති තුමියට විතරක් නෙවෙයි. අපිටත් කණගාටුයි. මොනවා කරන්නද මේ හරක් රැළ එළවන කල් මුකුත්ම කරන්න බැහැනේ...
දැන් නෙදර්ලන්තයට මල් යවන්න කැමැති කට්ටියගෙනුත් ඇප්ලිකේෂන් පුරවාගන්න පුළුවනි නේද? ඡන්දෙට කළින්...?
නෙදර්ලන්තේ මල් නීතිගතයි .ඔන්න දයාන්ට චාන්ස් එක