මෙරට යුද සමයේ සිදුවූ දෑ පිළිබදව සොයා බලන වගවීම් යාන්ත්‍රණය සම්බන්ධයෙන් සියලූ ජන කොටස්වල විශ්වාසය තහවුරු කිරීම සදහා ඊට විදේශීය දායකත්වයක් අත්‍යාවශ්‍ය බව බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය අමාත්‍ය ලේකම් හියුගෝ ස්වෙයර් එරට පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ විවාදයකදී කරුණු දක්වමින් පැවසීය.
නමුත් මෙරට යුද අපරාධ සිදුව ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ යාන්ත්‍රණය සදහා විදේශීය විනිසුරුවන් යොදා නොගන්නා බවට ශ්‍රී ලංකා ජනපති හා අගමැති ප්‍රකාශ කැර තිබිණි.
එම ප්‍රකාශ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් විමසා සිටි අවස්ථාවේදී ඔහු එසේ අදහස් දැක්වීය.
මෙම ස්ථාවරය පිළිබඳ බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම්දී ඇතැයි ඔහු කීවේය. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හරහා ද ඒ පිළිබඳ පණිවුඩයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන බවද ස්වෙයර් කීය.
COMMENTS
ලංකාවේ ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත්තම් මොකද කරන්නේ, එයාලට තියෙන එකම දෙය තම ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන එක, එය විශ්වාස නැත්තම් එය ගැන ශ්‍රී ලංකා රජයට දන්වන එක (බ)
පලමුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාව ආක්‍රමණය කළ කාලෙ කරන ලද මිනීමැරුම් සහ මංකොල්ල සම්බන්ධව අන්තර්ජාතික අධිකරණයක පරීක්ෂණයක් අවශ්‍යව ඇත .තවද ඉරාකය ආක්‍රමණය කිරීමෙන් සිදුකළ මහා මිනිස් සංහාරයට වගකිව යුතු බ්‍රිතාන්‍ය රජය අන්තර්ජාතික අධිකරණයක් හමුවට ගෙන ආයුතුය (බ)
ලංකාවට බලපෑම් කිරීමට ප්‍රථම,ජාත්‍යන්තර විනිසුරු වරුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් යොදවා, හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ට විරුද්ධව නඩු ඇසිය යුතුය. ඒ තම හිතු මතයට ඇමෙරිකාව සමග එක්ව රටක් විනාශ කිරීම සම්බන්ධයෙන්.(බ)
සුද්දන්ට බෝම්බ ගැහුවොත් ඔවුන් ත්‍රස්තවාදී, අපිට බෝම්බ ගැහුවොත් ඔවුන් විමුක්තිකාමින්, ඔන්න ඕක තමයි සුද්දගේ නිර්වචනය. හැබැයි ඉතින් සුද්දගේ පැත්තෙන් සුද්දෝ එහෙම හිතන එක වැරදිමත් නැහැ, මොකද, අපේ එවුනුත් හිතන්නේ,කණපිට තමයි හරි පැත්ත කියලනේ. (බ)
හිරු නොබසින රාජ්‍ය කාලේ කරපු යුධ අපරාධ විභාග කරලා ඊටපස්සේ වෙච්ච දේවල් ගැන කතාකෙරුවොත් හොඳ නැද්ද? (නි)
ඉරාකයේ මානුසික අයිතිවාසිකම් උල්ලංඝනය වෙච්ච හැටි බලා ගත්තොත්නේද හොද (බ)
එංගලන්තේ වීදුරු ගෙවල් වල ඉඳගෙන අනුන්ට ගල් ගහනව. මෝඩ හියු ගෝ. (බ)
විදේශ දායකත්වය ඉල්ලන්නේ අපිට අාදරේටම නෙමෙයි. යටින් ඉඳන් යුද්දෙට උදව් කරපු අයත් සුද්ධ වෙන්න ඕන නිසයි (බ)
බ්‍රිතාන්‍ය කියන විදිහටද අපි දැන් කරන්න ඕනෑ? (නි)
සුද්දෝ හිතාගෙන ඉන්නේ මේක තවමත් ඔවුන්ගේ තේ වත්ත කියලා. ලංකාව ඔවුන්ට යටත්වුණු නිවටයෝ ඉන්න වහල් කඳවුරක් කියලා. (නි)
පළමුව 1818 ත් 1948 අතර ශ්‍රී ලංකා භූමියේ සුද්දන් විසින් කළ විනාශය සොයා බලා වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදීම හොඳ දෙයකි (නි)
එහෙ විදේශ ඇමතිත් මෙහෙ එක්කෙනා වගේද දන්නෙ නැහැ. විවිධ තැනදී විවිධ මත දරනවාද? (නි)
බමුණු ආරච්චි, එ්ක නම් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. පොඩ්ඩක් හිතලා බලන්න. මුළු ලෝකෙම යටත්කරගත් එන්ගලන්තේ ඩයස්පෝරාවකට යට වෙයිද? ඇත්තම කාරෙනේ ඩයස්පෝරාව නටවන්නේ එංගන්ලන්තෙන්. ඔවුන්ගේ උවමනා එපාකම් පිරිමහගන්න එංගලන්තේ කොටි තියාගෙන ඉන්නවා. (නි)
අර ඉරාකයේ ලක්ෂ ගණන් කළ මිනිස් සංහාරයට ජාත්‍යන්තර විනිසුරුකරුවන් පත්කරන්න කියලා කවුරුවත් කතාකරන්නේ නැති එකනේ පුදුමේ (නි)
ද්‍රවිඩ ඩයස්පෝරාව බ්‍රිතාන්‍ය රජයට කරන බලපෑම් වල ප්‍රතිඵල (නි)