ශ්‍රී ලංකාවේ සිදු වන පරිවර්තනයට ඇමෙරිකාවේ සහාය නිරන්තරයෙන් හිමි වන බව ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශිකා සුසාන් රයිස් පවසන්නීය.
බුරුමය,ටියුනීසියාව,මෙන්ම ශ්‍රි ලංකාවේද වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිවීම සඳහා තම රජය සහයෝගය දක්වන බවද ඇය කියන්නීය.
ශ්‍රී ලංකාවේ විවෘත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිවීමට ඇමෙරිකාව සහාය වන බවද රයිස් කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ජෝසප් ගේ හඩ එලියට ඇවිල්ලා (නදී)
හිටපු ආර්ථික සංවර්ධන ඇමතිතුමා ඇමෙරිකාවට නොගියා නම් මේ සහයෝගය ලැබෙන්නේ නැහැනේ.(නදී)
ඇමරිකන් මිනිසුන් මැදපෙරදිගට දී තිබෙන ප්‍රජා නිදහස රජ කරවන්නට දඟලන දැඟලිල්ලක තරම! (නි)
අපෝ! ඇමරිකාව නම් නැතුවට කමක් නැහැ (නි)
සිරියාවේ, ලිබියාවේ, යුක්රේනයේ වගේ නෙමෙයි නේද ? (නදී)
චීනයේ, රුසියාවේ වගේ රාජපක්ෂලාට නොදෙවෙනි හෝ ඊටත් එහා ගිය දහජරා පාලනයට වඩා ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය 100 ගුනයක් වටිනවා.(නදි0
ශශී ඕකට තමයි කියන්නේ "දී කිරට බළලුත් සාක්ෂි" කියලා. "අත ඊසොප්ගේ හඬ ඡේකොබ්ගේ" කියන එකත් හරියටම හරියනවා. ඩොලර් සහ වීසා දෙනවනම් චරිත සහතික දෙන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා.අපේ රටේ විතරක් නොවෙයි ඕනෙම රටක.ඒවගේ විපාක විදින අය ලිබියාවේ ඉරාකයේ .ගොඩක් රටවල ඉන්නවා.(දිල්)
පිටිපස හිටිය අය දැන් වේදිකාවට නැගලා බරටම වැඩ වගේ. දින 100 ට මෙයාලගේ වැඩ ටිකනන් ඉවර කලා වගේ (නදී)
නීතියක් නැති කාලකන්නි චීනුන්ට වැඩිය නම් ඇමරිකන් කාරයෝ ටිකක් හොදයි තමා !!!! එත් ඛනිජ තෙල් වැනි ස්වභාවික සම්පත් හුඟක් නැති පොඩි රටක් විදියට අපට තිබෙන වටිනාම සම්පත් වුන මානව සම්පත යොදාගෙන රට සංවර්ධනය කරන්න නම් අපට වඩාත් ලං කරගත් යුත්තේ ජපානය. (ස)
මම නිපුනගේ කතාවට එකඟයි. සමහරුන්ට ඇමරිකා කිව්වම මාර බයක් තියෙන්නේ. මේක අවුරුදු 2000 කට පෙර ඉදන් ප්‍රජාතන්ත්‍රවාදය තිබු රටක්. අපිමයි කා ගත්තෙ. (ස)
වැඩිය ළං කරගන්න නම් හොඳ නැහැ (නි)
ඇමෙරිකන් කාරයා ලෝක පොලිස් කාරයා කියල පිළිගන්න රටක් තමයි අපේ රට ශ්‍රීලංකාව. දේශපාලන බලය වෙනස් වෙලා එක රැයකින් ඇමරිකාව බොහෝ දේ කියන්න පටන් ගත්ත හරියට බලාපොරොත්තුවෙන් හිටිය ජයක්ග්‍රහණයක් ලැබූව වගේ. ඒක එහෙම නොවෙයි කියා කියන්ටද බැරිය. විදේශ ඇමති මෙලෝ සිහියක් නැතිව උඩු ගුවනේ ඉඳන්ම වැඩ පටන් අරගෙන. දින 100 ඉවරවෙන කොට ගුවන් කාලය දින 80 , 90 වෙයි කියල මට හිතෙනවා (නදී)