රංගිරි දඹුලු රජ මහා විහාරයේ පඩිපෙළක අමතකවී ගිය රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා කැමරාවක් ජර්මන් ජාතික අයිතිකරු වෙතම ලබා දීමට රංගිරි දඹුලු රජ මහා විහාරයේ ආරක්ෂක නිලධරයන් දෙදෙනකු වන ඩී ජී සිරිසේන සහ හේරත් යන මහත්වරු ක්‍රියා කළහ.
පඩිපෙළෙහි කැමරාව තිබෙනු දුටු මොවුන් දෙදෙනා අයිතිකරු සෙවු නම්තු හමු නොවු නිසා රංගිරි දඹුලු විහාරවාසී දානිගම ආනන්ද හිමියන්ට දැනුම් දී ඇත.
පසුව විහාරස්ථානයේ පොලිස් මුරපොළේ සහාය ද ඇතිව කැමරාව සොයා පැමිණි අයිතිකරු වන ජර්මන් ජාතික ස්කේන් පාන්අවුට් ඡායාරූප ශිල්පියාට කැමරාව භාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක එප් එම් නාලිකාවල නොයෙක් සිදුවීම් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනවා. නිවේදිකාවන් අමුතු තාලයට කටහඬයි තාලයයි වෙනස් කරලා ඉදිරිපත් කරන එම කතාවල තියෙන්නේ මිනී මැරුම්, ස්ත්‍රී දුෂණ,මංකොල්ල කෑම වැනි ප්‍රවෘත්ති. ඇයි අපේ මිනිසුන් කරන දඹුල්ලේ මේ වෙච්ච සිදු වීම් වැනි හොඳ පුවත් එම නාලිකාවල ඉදිරිපත් නොකරන්නේ.(නදී)
අබ්දුල් සමාද් , එහෙම වෙන්නේ වැඩිහරියක් මැද පෙරදිග නේද....නිකන් ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා.(නදී)
හදවතින් පොහොසත් මේ වගේ උතුම් මිනිසුන් ගැන අහන්ඩ ලැබීමත් වාසනාවක්.(නදී)
අවශ්‍ය තැන නියම වෙලාවට මෙම උදාර මිනිසුන් දෙදෙනා සිටිය නිසා අපිට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්.(නදී)
රටින් පිට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ට මේ උදාර ලක් පුතුන් දෙදෙනා (ඩී ජී සිරිසේන සහ හේරත්) වෙනුවෙන් යමක් කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ලංකාවට ඇවිත් රන්ගිරි දඹුලු විහාරය වඳින්න යන අවස්ථාවල මේ දෙපලගේ දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රයෝජනවත් දෙයක් ඔවුන්ට දිය හැකියි. එතකොට අනික් අයත් එය ආදර්ශයට ගනීවි. (නදී)
ඔබ දෙපලගේ හිත් වලට දැනෙන සතුට මිලට ගත නොහැකිය ලංකාවට ආඩම්බරයක්.(නදී)
අගහිඟ කම් තිබුනත් හදවතින් ඔබ දේපල කෝටිපතියන් බව ඔප්පු කොට ඇත. ෙවි පිහිටයි! (නදී)
කැමරාවකට මිලක් නියම කරන්න පුළුවන් උනත් ඡායාරූප ශිල්පියෙකුට කැමරාව කියන්නේ තමන්ගේ ජීවිතේට වඩා වටිනවා. ඒ නිසා මේ දෙන්න ලොකු පින්කමක් කරගෙන තියෙන්නේ , මේ පිනෙන් කවදාවත් තමන්ගේ වගේම තමන්ගේ දු දරුවෙකුගේ දෙයක්වත් අස්ථානගත වෙන්න එපා කියල මේ දෙන්නට සුබ පතනවා.(නදී)
රටේ ගරුත්වය පෙන්නදුන් තරුණයන් දෙදෙනාට මගේ ප්‍රණාමය. (අ)
අනේ වාසනාවන් මෙහෙම අවංක මිනිස්සු තවම ලංකාවේ ඉන්න නිසා අඩු ගානේ මෙහෙමවත් සතුටු වෙන්න පුළුවන්... සංචාරක කාන්තාවන් දුෂණය කරන .... සංචාරකයන්ව මංකොල්ල කනවා වගේ ගිනිකන ගණන් කියන රියදුරොත් මග පෙන්වන්නනුත් ඉන්න රටක මේ මිනිස්සු දෙන්න රත්තරන් වටිනවා.(නදී)
මේ වගේ දේවල් අනිත් සියලුම දෙනාට ආදර්ශයක්.(නදී)
මෙන්න මිනිස්සු. නියම සිංහලයෝ. (දී)
මෙන්න අගය කලයුතු මිනිසුන් ?ඔබලාගේ අනාගතය සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වේවා! (නදී)
ලංකාවේ මිනිහෙක් ගේ කැමරාවක් වුනා නම් හම්බෙවී කියල ද හිතන්නේ. (නදී)
ඔබ කරපු ඒ කරපු දෙයින් එම විදේසිකයා ලංකාව ගැන ජාතිය විස්වාසයක් තබනු ඇත. (නදී)
මෙන්න අවංක මිනිස්සු. මේ පින්බර පොහෝ දිනයේ උතුම් ක්‍රියාවක් දකින්න ලැබුනා. බුදු සරණයි. (නදී)
ආදර්ශමත් වැඩක් අගය කරමු.(නදී)
ඔබ දෙදෙනාම අහිංසක දුප්පතුන් බව බලු බැල්මට පෙනෙයි නමුත් හොද හදවතක් දෙවියන් දී ඇත (දී)
සමහර ප්‍රාදේශීය සභාපතිවරුන්ට වඩා දහස් කොටි ගණනක් වටිනා මිනිසුන් දෙදෙනෙක්. (දී)
රන්ගිරි දඹුලු විහාරයේ ගෞරවය රැකදී , ජාත්‍යන්තරයට කීර්ති නාමයක් රැකදුන් සිරිසේන හා හේරත් දෙපලට උසස්වීමක් ප්‍රධානය කිරීම රන්ගිරි දඹුලු විහාරයේ මහා නායක හාමුදුරුවන්ගේ යුතුකමක්. ඔය ඩිජිටල් කැමරාව වෙනත් අයෙකුට හෝ කැමක් යයි සිතා වඳුරු රංචුවට අහු උනා නම් ... එහෙම පාන් අවුට් ගේ ශ්‍රී ලංකා සංචාරයේ රු ගත කිරීම් සියල්ලම .. අවුට් තමා.... (දී)
හරි අගෙයි ඔවුන්ට ස්තුතියි.(නදී)
මෙවැනි උතුම් ක්‍රියාවන් ජාත්‍යන්තරයට දෙන්න වැඩ පිළිවෙලක් තාමත් නැති බව මගේ අදහස. එමගින් අපේ සංචාරක ව්‍යාපාරය තවත් දියුණු වෙයි .(දී)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..... ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්....(නදී)
කුමාරි,චාමරව හොයාගෙන අයිතිකරුට බාරදුන්නට ඔයාව එහෙම නැතිවෙලා ගියාම නම් කවදාවත් නැවත ගෙදර යන්න ලැබෙන්නේ නැහැ.(නදී)