දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර කඩ සාප්පු වලින් හොර ක්‍රෙඩ්ට් කාඩ්වලට සුඛෝපභෝගී භාණ්ඩ මිලට ගනීමින් සිටී ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් චෙන්නායි පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.
මහේන්ද්‍රර් කරුණාකරන් (50) අශ්වින් විනෝද් කුමාර් (30) දෙදෙනා ළග ක්‍රෙඩ්ට් කාඩ් 50 ක් ද ලැප්ටොප් පරිගණකයක්,ක්‍රෙඩිට් කාඩ් දත්ත ඇතුළු කිරීමේ යන්ත්‍රයක් ද තිබු බව පොලීසිය කියයි.
දොළොස් වසරකට පෙර ඉන්දියාවට ආ ඔවුන් බැංගලෝර් හා චෙන්නායි කඩ සාප්පුවලින් ගත් භාණ්ඩ අඩු මිලට විකුණා ඇත.
ඉන්දීයා රුපියල් ලක්ෂ 10 ක් ශ්‍රී ලංකා රුපියල් විසිලක්ෂයක් පමණ හොර ක්‍රෙඩිට් කාඩ් මඟින් ඔවුන් වංචාකර ඇතැයි කියති.
කරුණාකරන් හොර ක්‍රෙඩිට් කාඩ් සෑදීම උගෙනගෙන ඇත්තේ කේරළයේ මිතුරෙකුගෙනි.
ක්‍රෙඩ්ට් කාඩ්වලට අවශ්‍ය තොරතුරු එකතු කැර ගන්නා ඔහුට ප්‍රංශයේ සිටින මිතුරකුද උදව් කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර කාඩ්පත්,හොර පාස්පෝර්ට්, හොර මුදල් නෝට්ටු, හොර මුහුදු ගමන්,ගුවන් ගමන් ඕනෑම හොර වැඩකටම මේ අය හරිම දක්‍ෂයෝ. මේ අය කාටත් හිසරදයක්. (නි)
අලුත් දේ සොයා ගැනීම හොඳ දෙයක්. නමුත් මෙයාලා සොයා ගන්නේම සමාජ විරෝධී දේවල්. (ස)
යුරෝපෙත්, ආසියාවෙත්, අරාබියේත් හොර මුදල් සංසරණය වෙන්නේ ලංකාවේ දෙමළ අය අතරයි. එම නිසා මෙමඟින් ලංකාවේ නමට විශාල කැළලක් සිදුවෙනවා. (ස)
ප්‍රභාකරන් දෙමළ ජනතාවට ඉතිරි කරලා ගිය දේවල් වලින් එකක්. ඕනම තැනක ක්‍රෙඩිට් කාර්ඩ් වංචාවක් සිදුවුනොත් දෙමළ නමක් අනිවාර්යයෙන්ම තියෙනවා. (ස)