(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
බෑන්ඩ් ෆයිනෑන්ස්( Brand finance) ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකාව ලෝකයේ ආර්ථික අර්බුදයට ලක්වූ රටවල් අතර 115 දක්වා තවත් පහළට ගොස් ඇත.
එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී රැඳී සිටියේ 73 වැනි ස්ථානයේය.
බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුද පැවති සැම්බියාව මියන්මාරය යන රටවල් එම ශ්‍රේණිගත කිරීම් අනුව පිළිවෙලින් 113 සහ 114 යන ස්ථානවල පසුවන අතර ඉරාකය 116 වැනි ස්ථානයේද ලාඕසය 117 වැනි ස්ථානයේ සහ උගන්ඩාව 118 වැනි ස්ථානයේද පසුවන බව ඒ වාර්තාවේ දැක්වේ.
මෙම කරුණු අනාවරණය වූයේ 2023 වසරේ ලොව රටවල් ලබා ඇති ශ්‍රේණිගත කිරීම් සම්බන්ධයෙන් බෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනය පසුගියදා එළි දැක්වූ නවතම වාර්තාවෙනි.
වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 1948 වසරේ නිදහස ලබා ගැනීමෙන් පසු මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින බවයි. එමෙන්ම මෙම ගෝලීය දර්ශකයට අනුව මෙම වසරේ පසුබෑම අතින් ඉහළම තත්වයක් වාර්තා කරන රට වන්නේද ශ්‍රී ලංකාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය වසරේ 73 මේ වසරේ 115 මියන්මාරය, සම්බියාවත් අපිට වඩා හොඳ තත්වේ පවතිනවා. දැන්වත් මේ රට ගොඩගන්න පුළුවන් කණ්ඩායමකට කරන්න දෙන්න. බොරු සිහින මවන්නේ නැතුව...
එකෙක් හොඳටම කරන්න පටන් ගත්තා.. දැන් අනිත් එක එකා නියමෙට කරගෙන යනවා. වටේ ඉන්න වහල්ලු එයට තව අවුරුද්දක් විතර දෙන්නලු. පක්ෂය නැති කළා වගේ රටත් නැතිකරලාම යනකන් වෙන්න ඇති..
රනිල් බලයට ඇවිත් දැන් මාස දහයක් වෙලා. මෙන්න රනිල් රටේ ආර්ථිකය ගොඩදාන හැටි... ඔහුට තව දුරටත් කල්දෙන්න ඕනෑද? මේ වෙන තාක් මොන ප්‍රගතියක්ද පේන්න තියෙන්නේ? මේ අර්බුදය ඔස්සේ තවත් ඇමතිලා දස දෙනෙක් පත් කරන්න යන්නේ...!
ඒක නිසා තමයි කියන්නේ මොලේ මැරිච්ච නැති අලුත් නායකයෙක් රටට අවශ්‍යයි කියලා. මේ රටේ හදන්න පුුළුවන් කිසිවක් පිටරටින් ගේන්න අවශ්‍ය නැහැ. අද සබන් කැටයක් ගන්න හාල් කිලෝවක් ගන්න මුදලට වඩා වැඩි මුදලක් ගෙවන්න වෙලා. ඔය අනවශ්‍ය වියදම් කරන කොමිෂන් සභා වගේ ඒවා වහාම නතර කළ යුතුයි. තොරතුරු කොමිසම විතරයි තියෙන්න ඕනෑ.
වෙන්න බැහැ... දැන් රුපියල මාර ශක්තිමත්... අපි ගොඩ. කිසිම නිෂ්පාදනයක් වැඩිකරලා නැහැ. සේවා වැඩි කරලා නැහැ... හැබැයි අපේ රුපියල ශක්තිමත්... මේ පිටරට මිනිස්සු කියන්නේ බොරු...