තලේමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් තිදෙනකු බේරාගත් බව නාවික හමුදාව කියයි.
එම යාත්‍රාවේ ධීවරයින් තිදෙනා තලේමන්නාරම නාවික හමුදා කඳවුර වෙත රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික සිල්වා මහතා කීය.
මෙලෙස බේරාගෙන ඇත්තේ රාමේෂ්වරම් හි පදිංචි ධීවරයින් තිදෙනෙක් වන බවත් ඔවුන් වයස අවුරුදු 50, 53, 56 යන වයස්වල පදිංචිකරුවන් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් යාපනය අනලතිවු දූපත ආසන්නයේ දී ඉන්දීය ධීවරයින් 9 දෙනකු සහ ට්‍රෝලර් යාත්‍රා දෙකක් මීට දින කිහිපයකට ඉහතදී බේරාගත් බව නාවික හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද බේරා ගන්නවා කියන එකේ අරුත? අත්අඩංගුවට ගන්නවා කියන එකමද? එයාලා අසරණව සිටියාද? නීති විරෝධීව කටයුතු කළාද? (බ)
හැබැයි මෙයාලට කෙළෙහිගුණ නම් කොහොමටවත් නැහැ (නි)
ශාන්ත, බේරාගත්තා කිව්වෙ මේ අය හිටියෙ ගිලෙමින් තිබුනු බෝට්ටුවක. අන්න ඒකේ ඉඳලා තමයි බේරාගත්තේ. වෙනත් අදහසක් දෙන්න උත්සාහ කරන්න එපා. ලෝකයේ විශිෂ්ඨතම මානුෂීය හමුදාව ඉන්න රටක් මේක (නි)
ඉස්සර ඉන්දියාවේ ධීවරයෝ ඇල්ලුවම අත්තඩන්ගුවට ගන්නවා..දැන් ඇල්ලුවාම බේර ගන්නවා..කොහොමද වෙනස..ඔහොම යමු..පාලම හදනකම්..(ම)
අපේ නාවික හමුදාව තාමත් මේ මාතෘභූමිය අාරක්ෂා කරනවා ඒගැන ආඩම්බර වෙන්න පුළුවන් ...මේ ලංකාද්වීපය මත තථාගත බුදුදහම තියෙන තාක් මේ රටට බාහිර බලපෑම් වෙන්න දෙන්න බැහැ...ඒ නිර්මල දහම තියෙන්නේ මේ පුංචි රටේ විතරයි (බ)