IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකාවේ තැපැල් සේවයට ආසියා පැසිෆික් තැපැල් සංගමයේ සහය

(අංජුල මහික වීරරත්න)

මෙරට තැපැල් සේවාවේ අනාගත ප්‍රගමණය වෙනුවෙන් අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවට ආසියා පැසිෆික් තැපැල් සංගමයේ මහලේකම් ආචාර්ය වින්යා ප්‍රකාෂ් සිං මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  නලින්ද ජයතිස්ස මහතා හමුවේ පැවසීය.

මහ ලේකම්වරයා මේ බව  කීවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වූ අවස්ථාවේදී ය.

වත්මන් තැපැල් සේවා විෂය භාර අමාත්‍යවරයා ලෙස නලින්ද ජයතිස්ස මහතාගේ අදහසකට අනූව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ආසියානු පැසිෆික් තැපැල් සංගමය සමග එක්ව සංවිධානය කළ තැපැල් මාණ්ඩලික නිලධාරින් සඳහා හැකියා වර්ධන තෙදින පුහුණු වැඩසටහන සඳහා මෙරටට පැමිණි ආසියා පැසිෆික් තැපැල් සංගමයේ මහ ලේකම් ආචාර්ය වින්යා ප්‍රකාෂ් සිං මහතා එම පුහුණු වැඩසටහන අතරතුර අමාත්‍යවරයා හමුවිය.

මෙරට තැපැල් සේවාවට තොරතුරු තාක්ෂණය එක්කොට නව්‍යකරණය කිරීම, තැපැල් සේවාව ඩිජිටල්කරණයට ලක් කිරීම ආදී කරුණු පිළිබඳව මෙහි දී විශේෂ අවධානයක් යොමු විය.

ආසියා පැසිෆික් තැපැල් සංගමය (APPU) රටවල් 32 ක සාමාජිකත්වය දරණ අන්තර්ජාතික සංගමයක් බව  අමාත්‍යවරයා දැනුවත් කරමින් මහ ලේකම්වරයා සඳහන් කළ අතර එම සාමාජික රටවල තැපැල් සේවාවේ සංවර්ධනය වෙනුවෙන් තම සංගමය කැපවී කටයුතු කරන බව ද  පැවසීය.



අදහස් (0)

ලංකාවේ තැපැල් සේවයට ආසියා පැසිෆික් තැපැල් සංගමයේ සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site