ශ්‍රී ලංකාවේ කඳුකරයෙන් නෙළාගත් තේ දළුවලින් හදන තේ කෝප්පයක් ඩොලර් 200ක මිලකට (ආසන්න වශයෙන් රුපියල් 36,000කට) අලෙවි කරන ලන්ඩන් අවන්හලකට බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී ඇත.
ලොව හොඳම තේවලට ප්‍රකට ශ්‍රී ලංකාවේ තේ දළු නෙළන්නියන්ගේ දෑතින් නෙළාගත් මේ දුලබ තේ වර්ගය අලෙවි වන්නේ ලන්ඩනයේ බකිංහැම් මාලිගාව ඉදිරියේ පිහිටි ‘ද රූබන්ස් ඇට් ද පැලස්’ නමැති අවන්හලේය.
බ්‍රිතාන්‍යයේ මිල අධිකම තේ කෝප්පයක රස බැලිය හැක්කේ මෙම අවන්හලේදී යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය කියයි.

තේ පෝච්චියක් අළෙවි වන්නේ බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 500 කට (ඇමෙරිකාන් ඩොලර් 620 එනම් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 109,000 ක) මුදලකටය.
ගෙවන අති විශාල මුදලට සමාන රාජකීය පිරිනැමීමක් තේ පිළිගැන්වීමේදී පාරිභෝගිකයන්ට හිමිවේ.
මෙම අතිවිශේෂ තේ සකසන්නේ ද විශේෂිත ක්‍රමවේදයකට අනුවය. මේ දුලබ තේවල මිහිරි රසය විඳින්නට නම් කිසිදු ආහාරයක් ගැනීමට පෙර තේ පානය කළ යුතු යැයි හෝටල් කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.
‘ගෝල්ඩන් ටිප්ස් ටී’ යනුවෙන් හැඳින්වෙන මෙම විශේෂිත තේ වර්ගය සුදු පැහැයක් ගන්නා අතර ඒවා ලැබෙන්නේ විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ තේ වතුවලිනි.
මෙම විශේෂිත තේවල වත්මන් මිල ඉතා අධික යැයි පෙනුණද අතීතයේදී මේ තේ අළෙවි වූයේ මීට වඩාත් වැඩි මිලකටය. වසර 1891 ක කාලයේදී මේ තේ අළෙවි වූයේ ඇමෙරිකානු ඩොලර් 1,500කට ආසන්න මුදලකටය.
‘ද රූබන්ස් ඇට් ද පැලස්’ හෝටලයේ හැදෙන මේ විශේෂිත දුලබ හා මිල අධික තේ සපයනු ලබන්නේ විශේෂිත තේ අළෙවිකරුවකු වන පී.එම්. ඬේවිඞ් සිල්වා සහ පුත්‍රයෝ සමාගමෙනි. පී.එම්. ඬේවිඞ් සිල්වා සහ පුත්‍රයෝ සමාගමේ මූලස්ථානය බර්ක්ෂයර්හි පිහිටා ඇති අතර ඔවුහු විශේෂඥ තේ අළෙවිකරුවෝ වෙති.
“රූබන්ස් ගෝල්ඩන් ටිප්ස් තේ දළුවලින් එහි සාරය තුන් වරක් පමණ උරා ගන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවකදීම විශේෂිත සහ අලුත් රසයක් එනවා. ඒ වගේම ඒ සුවඳත් වෙනස්. මුල් අවස්ථාවේදී එන්නේ ඉතා සිනිඳු විල්ලුදවලින් එන සුවඳට සමාන සුවඳක්. දෙවැනි වරට එන්නේ කොමඩු සහ පෙයාර්ස්වල එන සුවඳක්. තෙවැන්නේ ඔබට එන්නේ මී පැණිවලින් එන සුවඳක්” යැයි පී.එම්. ඬේවිඞ් සිල්වා සහ පුත්‍රයෝ සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ‘ටී මාස්ටර්’ (විශේෂඥ තේ අළෙවිකරු) වන ධනංජය සිල්වා පැවැසීය.
ඬේලි එෆ්.ටී. හා ඬේලිමේල් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි මම ඇමරිකාවේ නිව්යෝක් වලින් ගත්තා 34 ස්ට්‍රීට් එකෙන් මේඩ් ඉන් ශ්‍රීලංකා තේකොල පැකට් 100 තියෙනවා ඇමරිකන් ඩොලර් එකයි, එක කෝප්පයක් හදන්න පැකට් 2 දමන්න ඕන, කවුරු හරි කුණු ගොඩක් එවල ලා, මම ලංකාවටත් එව්වා පවුලේ අයට ,
හදපිරි සුභ පැතුම් ....හරිම ආඩම්බරයකි
අපේ මිනිසුන්ට ලංකාවේ හොඳ දේවල් හරියට ඉදිරිපත් කරන්න දැනුම දෙන්න ඕනේ රජයෙන්. ඒත් එහෙම වෙන්නේ නෑ. මේ ශ්‍රී ලංකාවේ
ලංකාව ගැන මෙවැනි ප්‍රවෘත්තියක් අසන්නට ලැබීමත් හිතට ලොකු සතුටක් දැනේ.
මේ වගේ තේ එකක් බොන්න ලංකාවේ අපට පිනක් නෑ වගේ නේද?
මේ තේ , අර රසයි මෙරසයි කියල විශාල මුදලක් ගසා කනවා නමුත් හේ දළු නෙලන අයට ලැබෙනවද ? අමතර දීමනාවක් මොනවද / මේ කතා .පොහොසත් කම කියන්නේ දුප්පත් කම තිබෙන නිසයි.
හොඳම තේ කෙන්නියා තේ