ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයත් ප්‍රංශයේ මැතිවරණත් අතර බොහෝ සමානකම් දක්නට තිබේ. පෝස්ටර්, කටවුට්වලින්ද, බැනර් හා අපේක්ෂක ඡායාරූප, තොරන් හා සැරසිලිවලින්ද තොරව ශ්‍රී ලංකාව පවත්වන පළමු මැතිවරණය මෙය බව පෙනේ.
ප්‍රංශයේද මැතිවරණයද බොහෝ විට නිසොල්මනේ පැවැත්වේ. 1978 දී ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් ලක්ෂණ ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් කොපි කරන ලද නමුත් ප්‍රංශ මැතිවරණ ක්‍රමය කොපි කළේ නැත.
ඔහු එදා එසේ එම මැතිවරණ ක්‍රමය කොපි කළානම් කොපමණ ජීවිත හානි වළක්වාගන්නට තිබුණාද? කොපමණ බඩු භාණ්ඩ ආදී සම්පත් රැක ගන්නට තිබුණාද? ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යවලින් පරිසරයට සිදුවන දූෂණය කෙතරම් දුරට වළක්වා ගන්නට තිබුණාද? ඕසෝන් ස්ථරය කොපමණ දුරට රැක ගන්නට තිබුණාද?
කොළඹ - නුවර පාරේ යද්දී ප්‍රධාන පක්ෂ දෙකේ ඡන්ද රැස්වීම් දෙකක් මම දුටුවෙමි. මැතිවරණයක් ඇති බව දැනුණේ රැස්වීම් භූමියේ පමණි. එම රැස්වීම්වලට සෙනගද පැමිණ සිටි නමුත් ඔවුන් පෙළපාළි උද්ඝෝෂණ පැවැත්වූයේ නැත. තිහේ දශකයේ සිට සර්වජන ඡන්දය පාවිච්චි කිරීමේ වරප්‍රසාදය ලත් ඡන්දදායකයා දැන් හොඳට පැසී ඇත්තේය.
ඒ බව මේ ඡන්දයෙන් මනාවට පෙනී යයි. අවිස්සාවේල්ල රත්නපුරය හා කලවානේද ඡන්ද කලබල බොහෝ අඩුය. ඡන්ද උනන්දුවක් ඇතත් සාමය කඩවන හෝ පරිසරය කෙළසන දෑ දක්නට නැති තරම්ය. ජනවාරි 8 වැනිදායින් පසු ශ්‍රී ලංකාවට යහපාලනයක් උදාවූ බව කියති. නව රජයෙන් වෙන මොනවා සිදු නොවූවත් එවැනි ඡන්දයක් පැවැත්වීම අති විශිෂ්ට කර්තව්‍යයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් මැතිවරණ කොමසාරිස්ට ලැබුණු බලතල අනුව මේ වෙනස සිදුකළ බව පෙනේ. ඒ වෙනසේ මූලිකයා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඔය කියන තරම් නම් මැතිවරණ කොමසාරිස්ට බලයේ ඉන්න අයගේ නම් සහයෝගයක් ලැබිලා නෑ.වැඩිපුරම ඒ අයගේ පෝස්ටර් කටවුට් තමයි පොලිසියට අයින් කරන්න වෙලා තියෙන්නේ.රාජ්‍ය මාධ්‍ය තනිකරම බලය තියෙන පැත්තට වාසියටයි වැඩ. ඉතින් කොහොමද ප්‍රංසයට සමාන කරන්නේ. (බ)
ඕස්ට්‍රේලියාවේ මැතිවරණ ක්‍රමය මීටත් වැඩිය හොඳයි. ස්ටේජ් ගහගෙන පාරවල් අවහිරකරගෙන රැස්වීම් පවත්වන්නේ නැහැ (නදී)
ඕස්ට්‍රේලියාවේ ? (නදී)
රට යන්නේ ඉතාමත් හොඳ පැත්තට බව පැහැදිලියි නේද? මේ බව තේරුම් ගන්න බුද්ධිමත් ජනතව නිවැරදි තීන්දුවක් ගන්න දෙපාරක් කියන්න ඕනෑ නැහැ නේද? අපි බලාපොරොත්තු වන ශිෂ්ට සමාජයක් ගොඩනඟන්න, බුද්ධිමත් පිරිසක් දියවන්නාවට යවන්න ඔබට- අපිට හැකි වේවා! (නි)
වෙනස තේරෙන්න බුද්ධීය තියෙන්න ඕනි මෙවැනි යහපත් වාතාවරණයක්. සමාජය හරි මගට ගන්න ඉහළ සිට පහළටත් පහල සිට ඉහළටත් හරි දේ තේරුම් ගන්න ඕනි ! (ම)
ප්‍රංශයේ මැතිවරණය ගොඩක් සාමකාමියි.පෝස්ටර් ඇලවීම සදහා ඔවුන් සකස් කරන ලද තහඩු බෝඩ් තබනවා.ඒ වගේම මැතිවරණය වට දෙකක් පවත්වනවා.ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා රුපවාහිනී විවාදයකට කැදවනවා.භාරදීම් භාර ගැනීම් සඳහා කාලයක් දෙනවා.(ම)
ප්‍රංශයේ මැතිවරනෙත් මිනිමරා ගන්නවද ? (නදී)
ප්‍රධාන පාරවල් වල පෝස්ටර් නොතිබුනත් තිබිය යුතු ගම් ඇතුලේ ඇති තරම් පෝස්ටර් තිබෙන බව දන්නවද? (බ)
මැතිවරණ රැස්වීම් වලට මිනිස්සු නොගිහින් හිටියනම් තව හොඳයි. එතකොට රැස්වීම් තියන්නේ නෑ.(ම)
නමුත් මේ වෙනකොට මිනීමැරුම් 4යි.යුරෝපයේ කෝලාහල ,ඡන්ද උණකාරයෝ නැති තරම්. (නි)
රටේ හැමතැනම පැහැදිලි වෙනසක් තිබෙනවා (නි)
ඇත්ත තමයි (නි)
මම නම් හිතන්නේ මේ පක්ෂ දෙකේ කෙරුවාවෙන් මිනිස්සු හොඳටම හෙම්බත් වෙලා. කළයුතු දේ ඔවුන් නිහඬවම කරාවී. (නි)
අපි මේ බලාගෙන ඉන්නේ ඡන්ද ප්‍රතිඵලය එනකම්.නුගත් බහුතරයක් ඉන්නේ කොයි පළාතේද කියලා තේරුම් ගන්න පුළුවන් තමන් තෝරා එවූ අයගෙන්. (නි)
දැන් දැන් රටේ වැඩි පිරිසකට තේරිලා තියෙන්නේ මේ දේශපාලනයක් නිසා එකිනෙකා ගහා මරාගැනීමේ තේරුමක් නැතිබව.(ම)
පෝස්ටර් පාලනය දිගටම කරගෙන යාමට යහපාලනයට සුබ පැතුම්! (නි)
ගිය පර උඩින් දින්නේ මන් මේ පාර ඇපත් නෑ නේ බන් මොකද්ද කරපු වරද මන් (නදී)
රටේ උගත් ජනතාව ඡන්දයක සැබෑ තත්වය තේරුම් ගත් බව පෙනේ. තවමත් හැමදේටම විසිල් ගහන ජනතාව මෙය තේරුම් ගතයුතුව ඇත. (නදී)
දැන් දැන් රටේ වැඩි පිරිසකට තේරිලා තියෙන්නේ මේ දේශපාලනයක් නිසා පීඩිත ජනතාව එකිනෙකා ගහ මරාගෙන ලේ හලාගෙන විගඩම් කලත් ඔවුන්ගේ කරමතින් කවුන්සලේට යන දේශපාලකයන් ඔක්කොම අන්තිමේ ජනතාවට කොකා පෙන්වලා එක පතේ කන බවත් එක් එක්කෙනාගේ දෑත් ශක්තිමත් කරන්නටයි කියා මන්ත්‍රීකම වෙන්දේසි භාණ්ඩයක් කරගෙන කෝටි ගණන් මුදල් උපයන බවත්. (නදී)
ප්‍රංශයෙත් මෙහෙම ඡන්දෙ කාලේ මිනීමැරුම් වෙනවද. අලි සෝක් (නදී)