මෙවර රයිගම් ටෙලීස් (ටෙලි) සම්මාන උළෙලේදී ජනප‍්‍රියම නිළියට හිමි කිරුළ දිනා ගනු ලැබුවේ ඇය විසිනි. නෙහාරා මේ කරුළ ලබා ගත් පළමු අවස්ථාව මෙය නොවෙයි. නමුත් ජනප‍්‍රිය සම්මානය ලබා ගැනීමෙන් පසුව ඇය උත්සව ශාලාවෙන් ඉක්මණට පිටව යාම බොහෝ දෙනාගේ විමසීමට හේතුවක් වුණා. නෙහාරා එදා සම්මානය ලබා ගෙන ඇයි ඉක්මනටම යන්න ගියේ? මේ පිළිසඳරට ඒ ගැන සහ තවත් තොරතුරු කියාවි. නෙහාරා මොකද මාධ්‍යයට එන්නේ නැත්තේ? මේ එනවනෙ......... පුවත්පත් සාකච්ඡාවලට? එන්නැත්තේ නැහැ. එනවා. එකම දේ ඡායාරූපවලට පෙනී සිටන්න තරම් වෙලාවක් නැහැ. හරිම කාර්ය බහුලයි. ළඟදී ලැබුණු සම්මානය සමඟ එළියට එන්නේ නැහැ කියන්නේ? එහෙම නම් දැන් මේ කතා කරන්නෙ. එහෙම කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඉඩ ලැබෙන විදියට තමයි දායක වෙන්නෙ. මොකද ඔච්චර කාර්ය බහුල ? මෙගා ටෙලි නාට්‍ය පහක වැඩ බාර අරගෙන. ඊට අමතරව දෙරණ ‘‘ටී - බ්‍රේක්’’ වැඩ සටහන ආයෙත් ඉදිරිපත් කරන්න ආරාධනා ලැබුණා. සම්මානය ලැබීමෙන් පසුව ඔබ පිංතූර වලට පෙනී සිටීමට ආවේ නැහැ කියලත් කියන්නේ? මගේ ලොකු අම්මගෙ පුතාගේ මංගල උත්සවය තිබුණ එදා. ඉතින් එදා සම්මානය ගත්ත හැටියෙ මට දුවන්න සිද්ධ වුණා. අපේ පවුලේ දේකට නැත්නම් මගෙන් ඇති වැඩක් නැහැ. සම්මාන නම් ආයෙත් ලැබේවි, ඡායාරූප වළටත් පෙනී සිටින්න පුළුවන් වේව්. ඒත් වෙඩින් හැමදාම ගන්න බැහැනෙ. ඒ හැරත් අපේ පවුලේ උත්සවයක්නෙ. ඒ නිසා තමයි ඉක්මනටම යන්න ගියේ. නමුත් සමහරු කිව්වේ එක එක වෙබ් අඩිවි වල මේ කතාව වෙන විදියකට ප‍්‍රචාරය කරලා තිබුණු බවයි. එහෙම නේද? අනේ ඇත්තද? මම නම් ඔය කියන වෙබ් අඩවි බලන්නෙ නැහැ. ඒවා පස්සේ යන්න තරම් මට වෙලාවක් නැහැ. කලා කරුවන් විකුණ ගන්න තමුන්ට හිතෙන දේ දානවා ඇති. කොහොම වුනත් ඒවා බලන්නෙ නැති නිසා මට ඒවාට උත්තර දෙන්න බැහැ. ගින්නක් නැතිව දුමක් නගීවිද? ලංකාවේ ගොසිප් (කටකතා) වලට ගින්නක් ඕන නැහැ. ගින්නක් නැතිව දුම දාගන්නවා. පුද්ගලික තොරතුරු අහනවට ඔබ අකමැතිද? මම ගොඩාක් ආස කලා ජීවිතය ගැන අහනවාටයි. ඇයි ආසා නැත්තෙ? අමුතුවෙන් කියන්න දේවල් නැහැනෙ. මම නෙහාරා. කලා ජීවිතේ නම් විවිධ චරිත ගැන අපට කතා කරන්න පුළුවනි. ජනප‍්‍රිය සම්මානය සමඟ පුද්ගලිකත්වය ගැන දැනගන්න, විමසන්න බොහෝ දෙනා කැමතියි නේද? ලෝකයේ බොහෝ දෙනාට පුද්ගලිකත්වයක් කියලා දෙයක් තියෙනවා. මාත් මගේ පුද්ලිකත්වයට ආසයි. පුද්ගලික දේ ගැන අහනකොට කේන්ති යනවද? අනේ නැහැ බොහෝ චරිත වලදි මේනක සහ ඔබ කදිමෙට ගැලපුන බව සමහරු කියනවා. මේ ගැන කෙළින්ම සමහරු අහනවා නේද? ඔබ චරිත තෝරා ගැනීමේදී නළුවන් වර්ග කරනවද? කොහෙත්ම නැහැ. ඒත් මේනක සහ මම ප‍්‍රධාන චරිත රඟපානවාට බොහෝ දෙනා කැමති බව එයාලගෙ ප‍්‍රතිචාර වලින් කියන්න පුළුවනි. ඒ වගේම මේනක එක්ක රඟපෑ බොහෝ චරිත කතා බහට ලක්වුණා. ඒ කියන්නේ පුංචි තිරයේ පෙම්වතාට වඩාත් ගැලපෙන්නෙ ඔහු කියලද? මෙතෙක් කළ චරිත වලදී වැඩි හරියක් අපි දෙන්නා පෙම්වතුන් ලෙස චරිත රඟපෑව නිසා මිනිසුන්ට එහෙම දැනෙනවා ඇති. වෙනත් පෑහෙන චරිත කවුද? මම එහෙම හිතලා නැහැ. පුංචි තිරයේ නළුවන් අතරින් මේනක ගැන ඔබට හිතෙන්නේ කොහොමද? ඔහු සමඟ තමයි මම වැඩිපුරම චරිත රඟපාලා තියෙන්නෙ. ඇත්තටම ඔහු ඉතා දක්‍ෂයෙක්. ඒ සියල්ලටත් වඩා ඔහු හොඳ මනුස්සයෙක්. හැමෝටම ගරු කරන කෙනෙක්. නෙහාරා චරිත රඟපාන නාට්‍ය සහ ඒවට දායක වන ප‍්‍රධාන නළු චරිතය ගැන සඳහන් කළොත්? සිටුමැදුර (මේනක සමඟ), සිහින පියාපත් (මේනක සමඟ), භාර්යාවෝ (මේනක සමඟ), අරුන්දතී (පෙම්වතෙක් නැති චරිතයක්), රුවන් මාලිගා (නිනෝ සමඟ), භාර්යාවෝ සහ රුවන් මාලිගා රූගත කිරීම් ඉවරයි. මේනක සමඟ රඟපෑ තරු පිරි අහසක් විකාශයට නියමිතයි. නෙහාරා ඔබ හිතට එකඟවම ජීවත්වන චරිතයක්ද? සහතිකෙන්ම ඔව්. ජීවිතේ ඔබ සතුටුවෙනවා නම් ඇයි සතුටු වෙන්නෙ? අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කලාවෙන් මට ලැබුනු දේ බොහෝයි. මුළු රටක් මට ආදරය කිරීම තරම් දෙයක් තව තියෙනවද? ඒ ගැන මට තියෙන්නෙ අප‍්‍රමාණ සතුටක්. පේ‍්‍රක්‍ෂක ආදරය තමයි ඉහළම දේ. එයාලට මගේ ගෞරවනීය ප‍්‍රනාමය.
සටහන ඡායාරූප - සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ආසයි නාලා ගොඩට ඇවිත් ඉන්න වෙලාවක ලස්සන බලන්න.ඒත් මේගොල්ලෝ නාන්නේ බාත්රූම් වලනේ.ඉතිං කොහොමද ලස්සන බලන්නේ?
මම ආසම මංජුලා කුමාරිට..
ඔයා ආස උනාට .... එයා ආස නැහැනේ....
සිසිර , උඹට මොකටද බන් අනුන්ගේ පවුල් ජීවිත උඹේ පවුලේ වැඩක් බලාගෙන උඹ ඉඳපන් පිරිමියෙක් වගේ
සිසිර , ඔයාට මොකටද අනුන්ගේ පවුල් ජීවිත තමන්ගේ පවුලේ වැඩක් බලාගෙන ඉන්නකෝ පිරිමියෙක් වගේ.
මෙයා පිස්සු හටනක්
මෙයාගේ ආඩම්බරකම ...ඇති ලස්සනකුත් නෑ..
අනුන්ගේ පුද්ගලිකත්වය නොසොයා ලස්සන දේ අගය කළ යුතුයි
ලස්සන දේ අගය කරන්න..අනුන්ගේ පුද්ගලික දේ ගැන හිතන්න එපා...වැඩක් නෑනේ ඇත්තටම.. මටනම් නෙහාරා ලස්සනයි..
කවුරු හරි ගැනියෙක්ට හරි පිරිමියෙක්ට හරි ලස්සනයි කියන්න ඕන මේකප් දාල ඉන්නකොට නෙමෙයි ... වතුරක බැහැල නාල ගොඩට ඇවිත් ඉන්න වෙලාවකයි ...එතකොට තමයි ඔය ලස්සනයි කියන කාගේ කාගේත් ඇඟේ උලාගෙන තියෙන ලට්ට ලොට්ට දියවෙලා ගිහින් තියෙන්නේ ...
මෙයාගේ පණ්ඩිත කමයි ලොකු කමයි තමයි තියෙන්නේ......
ඒක තමයි අනුර ශාන්ත...
මරු ආ..........
වෙන වැඩක් නැද්ද මේ කාටවත්,අනුන්ගේ දේවල්මයි හොයන්නේ.ඔහොම ගියොත් මේ හැමෝටම බුදු සරණයි!
මරු නේද?
මේ සම්මානේ ගැළපෙන්නේ සුමනා ගෝමස්ට.එයා එළිපිට රගපාන කෙනෙක්
ඔයා සාරියටනම් හරිම කැතයි.කොට ගවුමට තමයි ලස්සන
ලොකකම තිබිබට ටිකක් මෝඩ පාටයි.
මට පෙන්නම බැරි මෙනකගේ පව්ල් ජීවිතෙත් විනාස කරේ මෙයා තමයි .මෙයට දැන් කව්රුවත් කැමති නැ.මේපාර නම් ඔයාට ජනප්‍රිය නිළිය වෙන්න බැ.
මොකක් උණත් මම ආසයි ඔයා අර පඩි පෙළක් උඩ ඉදන් ගත්ත ෆොටෝ වලට
කෘන්තක, රදනක දත් හොදට මැදගෙන එන්න.අතට මාලෙකුත් ගන්න
කොට වාහන ළඟ පිකප්..
කිසිම ලස්සනක් නැති නිළියක්...
කවුද කියන්නේ අපි ඔය ටෙලිඩ්‍රාමා ආසාවෙන් බලනව කියලා..
හරිම ලස්සනයි නෙහාරා
මොකක්ද මේ අමුතු යාළුකම?
නළුවෙක් නිළියෙක් උනාම එකපාරක්වත් දික්කසාද උනේ නැත්නම් වැඩක් නෑ නිකං පරිප්පු නැති හෝටලේ වගේ
බොරු
අනේ මගේ කට....
ඔහොම යන් නංගි, ඔහොම යන් ..දුම් දාල දාල දවසක පත්තුවෙයි...ඔයාල කොහොමත් යන්නේ රිවස් එකටනේ....
මේනක එක්ක තියෙන යාලු කම මොකක්ද ???
නංගී ඔය කොන්ඩෙයි, ඇහිබැමයි ඔයාගෙමද හැබෑටම...
දැනගන්නම ඕන පවුල් ජීවිතය.. කතාවනම් දහස් ගණනින් වැඩ ශත වලින්...
හරිම හොදයි නෙහරා මම කැමතිම නිළිය ඔයා .
මට නම් පේන්නනම බැරි නිළියක් මෙයා
ඔයා නිසයි **රුවන් මාළිඟා** බැලුවේ. ඒත් කර වැඩේ හරි නෑ නේද ?
ඉන්ටර්නෙට් එකෙත් නෙහාර කෙනෙක් ඉන්නවා....
පන්ඩිත ගැහැණියක්..
ලොකුකම තියෙන පණ්ඩිත ගෑනු අපිට එපා....