(අංජුල මහික වීරරත්න)
ලෝක ආර්ථික අවපාතය හමුවේ බංකොලොත් වූ රටවල් අතුරින් ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබෙන බව ලෝක මූල්‍ය සමාගම් පවා පිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය ඇතුලත ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එබැවින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් රටට නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමඟ සියලුදෙනා එක්විය යුතු බවද සඳහන් කළේය.
ආනයන අපනයන පරතරය මෙන්ම අයවැය හිඟය මෙරට ආර්ථික අර්බුදයට හේතුවී තිබෙන බවද එම නිසා අපනයන ආදායම වැඩි කිරීමටත් රාජ්‍ය වියදම් අඩුකර රාජ්‍ය ආදායම් වැඩි කිරීමටත් නව සැලසුම් සම්පාදනය කර තිබෙන බව ජනාධිපතිවරයා කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදද පිලි ගත්තෙ? ඔව ගිහින් කියහන් සාගලට..
හැබැයි බෑනෝ උඹේ ගමන රට්ටු පිළිගන්න පාටක් නම් පේන්න නැහැ
වැඩ බැරි එවුන්ගෙ බොරු කයිවාරු විතරයි තියෙන්නෙ කියලා අපි දන්නවා.
1977 පටන් ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නේද? කීප වතාවක්ම අගමැති උනානේද? රට බංකොලොත් වෙනකම් මොනවද කලේ?
පිo ජනාධිපති හා කාලකන්ණි අපතයින් 225 ම පිළිගත්තට, රටේ ජනතාව මැතිවරණයේදී උඹල සියලු දෙනා පිළිගන්න, ගනුදෙනුව බේරාගන්නත් එක්ක කට ඇරගෙන බලාගෙන ඉන්නෙ. වරෙන්කො..... අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට !!!
අපේ සල්ලිවලින් රවුමක් ගහලා ඇවිල්ලා සුරංගනා කතාවක් කියනවා .පිස්සෙක්
අනේ පලයන් යන්න .උඹෙයි මගේ යන ගමන නිකමට පිම්පියන්ට හොඳයි .තුක් නෙදකින් වල් කලිසමා
හරි ලස්සනට බදු ගහනවා. ඒක consolidated fund එකෙන් වියදම් වෙන විදියත් දෙන්න වෙයි. එහෙම නොවුනොත් විශ්‍රාම සුව ඉක්මණටම ලැබෙයි.
ඒකම තමයි අපි අකමැති අය පිළිගන්න සූදානම් අයට වාසි නිසා මිසක් රටට වාසියක් වෙනවාට නොවේ...
මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා බන්කොලොත් කරපු දූෂිත, බලලෝභී දේශපාලුවෝ ඉන්න රටක් කියලා නම් ලෝකෙම දන්නවා...
බලන්න ඔයා රට වෙනුවෙන් කොච්චර මුදලක් ඔයාගේ අතින් දැම්මද රට මේ තත්වයට ගන්න. හොඳට මතක තියාගන්න ඒ කාලේ වගේ නෙමෙයි.. දැන් අපි හොඳ සිහි බුද්ධියෙන් ඉන්නේ අපි දන්නවා ඔහෙලා ලබන අවුරුද්දේ ඡන්දය බලාගෙන විශාල සහන දෙනවා කියලා. ඒ සහනවලට යට වුණු කාලේ ඉවරයි. ඔහෙලාගේ දෙන සහනත් අරගෙන අපි දන්නවා මොනවද කරන්න ඕනේ කියලා...