එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව ශ්‍රී ලංකාව පිළිබඳව පදනම් විරහිත කරුණ මත සකසා ඇතැයිද එම නිර්දේශ ස්වාධීන රටක් වශයෙන් පිළිගත නොහැකි තත්ත්වයක ඇතැයිද මහජන එක්සත් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසූ ගුණවර්ධන මහතා ත්‍රස්තවාදය මැඩලීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන යම් අකටයුතුකම් වෙතොත් ඒවා පරීක්ෂා කර සුදුසු ප්‍රතිකර්ම සැලසීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වෘත්තීය දක්ෂතාවයන්ගෙන් යුතු කීර්තිමත් විනිසුරුවරුන්ගෙන් සමන්විත ස්වාධීන අධිකරණ පද්ධතියක් අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව පවති බව කියා සිටියේය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මහත්තයෝ ඕක හැමදාමත් කියන දෙයක්නේ. ඕකට බැනර් ගහගෙන මෙහෙ දහයක් පහළොහක් අටවාගෙන කියව කියව ඉඳල වැඩක් තියෙනවද? අනික හැමෝම දන්නා දෙයක්නේ ඔය ආයෙත් ආයෙත් කියන්නේ. දැන්වත් රට ගොඩ ගන්න ක්‍රියාමාර්ගයක් ගැන හිතන්න බලන්නකෝ? (අ)
ඕක අහන්නත් දෙයක්ද මහත්තයෝ. ඕනේ හරකෙකුට තේරෙනවා ඕක බොරුවට හදපු එකක් කියල. ඔහොම දේවල් වුණා නම් අච්චර හමුදාවේ දරුවෝ මැරෙන්නේ කොහොමද අන්තිම සටනේදී (අ)