IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකාව ගොඩනගන්න චීනයෙන් තල්ලුවක්

(අංජුල මහික වීරරත්න)

චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටුවේ උප සභාපති වැන්ග් ඩොංමින් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර නිල හමුවක්  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් ස්වභාවික ආපදා තත්ත්වයේදී  චීන රජය ලබා දුන් ක්ෂණික ආධාර පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ස්තූතිය පළ කළ අතර, අපදා තත්වයෙන් පසු  ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ සහ නැවත ගොඩනැගීමේ අදියරට පිවිස ඇති බව ද අග්‍රාමාත්‍යවරිය  පෙන්වා දුන්නාය.

ආපදාවෙන් පීඩාවට පත් වූවන්ට සිය කනගාටුව  ප්‍රකාශ කළ  වැන්ග් ඩොංමින් මහතා, ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද චීනයේ උපරිම සහාය ලබා දෙන බවට සහතික විය.

මෙම අවස්ථාවට  චීන තානාපති චී ෂෙන්හොං , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් ද සහභාගී වූහ.



අදහස් (2)

ලංකාව ගොඩනගන්න චීනයෙන් තල්ලුවක්

විදුලකා Wednesday, 17 December 2025 05:26 PM

ඊලඟට ඉල්ලන්නේ ලංකාවේ මොන කෑල්ලද?

:       20       23

Nihal Dharmatileke Wednesday, 17 December 2025 09:02 PM

Kalle ” කියන්නේ ගැහැණු ළමයින්ට නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site