ලොව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පත්වී ඇතැයි ඇමෙරිකාවේ ෆොක්ස් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටී.
ඇමෙරිකාවේ සංචාරක සමාගම් කිහිපයක සංචාරක වාර්තා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට තේරී තිබේ. එහිදී ලොව සංචාරයට සුදුසු ගමනාන්ත නම් කර ඇති අතර එහි ඉදිරියෙන්ම පසුවන්නේ ශ්‍රී ලංකාව බව ද ෆොකස් නිව්ස් වාර්තා පවසයි.
යුනෙස්කෝ ලෝක උරුමය ලෙස නම් කළ ශ්‍රී දළදා මාලිගය, සුන්දරත්වයෙන් යුතු වෙරළ තීරය, දියඇළි, තේ වගාව ඇතුළු තුරුලතා හා වනෝද්‍යානයන් ගෙන් පිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙලෙස ලොව හොඳම සංචාරක ගමනාන්තයක් හිමි රටක් ලෙස නම් කිරිමට හේතුවී ඇත.
මේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය කොලොම්බියාවටද තෙවැනි තැන ජපානයට හිමිවී ඇත.
ස්විට්ස්ර්ලන්තය, ග‍්‍රීන්ලන්තය, ඇමෙරිකාවේ ඔහියෝ, චීනය, ජෝර්ජියාව, මොන්ටිනීග්‍රෝ සහ නිකරගුවා යන රාජ්‍යයන් හොඳම සංචාරක ගමනාන්තය හිමි රටවල් දහය අතුරට තේරී පත් වී සිටිති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබාදහමින් ලැබී තියෙන දේවල් වලින් උපරිම ලෙස ප්‍රයෝජන ගන්න තවත් උත්සාහ කළොත් රටට හොඳ කලක් යයි. වැලි විතරක් තිබෙන රටවල් සංචාරක පුරවර වෙලා තිබෙන හැටි දන්නවා නේද? (නි)
මේ ලබාගත් කප් එක දිගටම රැකගැනීම අමතක කළයුතු නොවේ. එහෙත් සංචාරකයන්ට ලංකාවේ ස්වභාව ධර්මය හැර අනෙක් විනෝදවීමේ ක්‍රම සහ පහසුකම් ඉතාමත් අල්පයි. සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්නේ ඔවුන්ට අවශ්‍ය දේවල් අපට දෙන්න හැකිනම් පමණි. (නි)
මගේ රට ගැන ආඩම්බරයි..... (නි)
මහින්ද මැතිතුමාගේ උත්සාහයයි මේ (නි)
කොච්චර ලස්සන රටක්ද දේශපාළුවෝ එකතුවෙලා නැතිකරන්නේ? (නි)
මගේ ලස්සන ශ්‍රී ලංකා! (නි)
දෙනියාය පැත්තෙන් සිංහරාජයටත් යන්න එන්න අපේ රටේ සුන්දරත්වය විඳින්න. අපි සැවොම වාසනාවන්ත මිනිසුන් වෙමු. හදවතින්ම ශ්‍රී ලංකා! (නි)
මා ඉපදුන රට රත්නදීප ශ්‍රී ලංකාවයි. ආඩම්බරයි අම්මේ... දුර ඈත රටක සිටිනා මා මියයනවිට ඔබ තුරුලට පැමිණ මිය යමියි යනු මගේ ප්‍රාර්ථනයයි. එය එසේ නොවුණහොත් ඔබ සිටිනා දිශාවට හිස හරවා මා මියයන්නෙමි (නි)
මා ඉපදුන සුන්දර ලංකා මාතාවට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටාරක්ෂාව ලැබේවා....! (නි)
කැනඩා-දිසා, ඔබේ පැතුම එසේම ඉටුවේවායි ප්‍රාර්ථනා කරන අතර එය කියවද්දී මගේ දෑසට කඳුලක්ද නැගුණි...! (නි)
විවාහයෙන් පසු දුරුරටක පදිංචියට යාමට රාත්‍රී ගුවන් යානයට ගොඩවී පහළ බැලුවිට ලක් පොළව මත විදුලි ආලෝක තරු කැට වගේ පෙනුනා. මගේ හුස්ම මොහොතකට නැවතුනා. අනේ අපි නම් මවුරටින් වෙන් වුණේ මෙහි පළ කළනොහැකි පුද්ගලික කාරණා නිසා මිසක් හීනෙකින්වත් මවුරට දාලා යන්න උවමනාවක් තිබුන නිසා නොවෙයි. (නි)
තව දෙදහස් පන්සීය වසරක් ඔබ මත මියැදි පන ලැබුවත් ඔබ සතු මහා ගුණ සමුදා වටහා නොගනිමු පහදා............ (ම)
මගේ රට ගැන ඇත්තටම ආඩම්බරයි (නි)
ආඩම්බරයි මුළු ශ්‍රී ලංකාවටම ජයවේවා (ම)
සුබා, ඔබ හරි. (නි)
චුල, ඔබ හරි. සංචාරකයෝ ලංකාවට එන්නේ සිල් ගන්න නෙමෙයිනේ. (නි)
අපි සමඟ රැකියාව කරන "ලෙබනන් ජාතිකයෙක්" නිවාඩුව ගතකරන්න ලෝකයේ රටවල් වලට සංචාරය කරන්න යනවා. ගිය සියලුම රටවල් අතරින්,ඔහු වැඩියෙන්ම කැමති සොබා සෞන්දර්ය තිබෙන්නේ ශ්‍රී ලංකාවෙලු. මම මොනතරම් ආඩම්බර වුණාද ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන. (නි)
ගුවන් යානය පහත් කරද්දී පොල් ගස් ටික දකිනකොට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. (නි)
ගමනාන්තය යනු ගමනක අවසාන අවස්ථාවයි. එසේ නැතහොත් අන්තිමට යා යුතු ස්ථානයයි. සංචාරයට සුදුසු හොඳම රටවල් අතරින් ප්‍රථම ස්ථානය වශයෙන් නිවැරදි විය යුතුය. (බ)
මා ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙමි. මගේ රටට දළඳා සමිදු පිහිටයි.(කෞ)
ලෝකෙන්ම උතුම් රට ශ්‍රී ලංකා! (නි)
ඇත්ත කතා කරමු. කොපමණ සුන්දර රටක් වුනත් රට අතහැරලා විදේශගත වෙන්න කී දෙනෙක් උත්සාහ කරනවද? ඒ රටේ වරදක් නිසා නොව රට කරවන අයගේ වැරදි නිසා (නි)
ඇත්තටම අපේ රට කොච්චර ලස්සනද, අපි සියලුදෙනා මේ ලස්සන ආරක්ෂා කර ගනිමු. (කෞ)
ආඩම්බරයි. පළමු තැන රැකගන්න කටයුතු කරන්න. (නි)
ආයුබෝවන් ශ්‍රී ලංකා මාතා....(බ)
මගේ රටට දළඳා සමිදු පිහිටයි. (ම)
1977 ට පෙර තිබුණු අපේ කමත් තිබුනානම් කොතරම් අගේද ? (බ)
රටනම් ලස්සනයි එ්ත් එහි වෙසෙන ගොඩක් මිනිසුන් විශේෂයෙන් දේශපාලකයන් ගොඩක් අවලස්සනයි.ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත (බ)
කැනඩා-දිසා, මගේ පැතුමත් ඔයාගේ පැතුමත් එකයි. එය කියවද්දී මගේ දෑසට කඳුලක්ද නැගුණි...! මගේ රටට දළදා හිමි සරණයි (බ)
මගේ රටට දළඳා හිමි සරණයි ! (බ)
අපිට මේ ඉතුරු වෙලා තියෙන සුන්දරත්වය විනාශ කරන්න එපා (ම)
අප ඉපදුන පින්වන්ත භූමියේ චමත්කාරය...! ලෝකෙන් උතුම් රට ලංකාවයි..... සිරි ලංකාවයි (නි)
මගේ රට මෙන් සුන්දර රටක් තවත් නැහැ. ඒත් ඇතැම් මිනිසුන් ගන්න දෙයක් නැහැ... (නි)
කලකට පෙර මෙහි පැමිණි කවියෙකුත් ලියාතිබුනා “සෑම දෙයක්ම ඇස පිනවනවා. නමුත් මෙහි වාසය කරන්නන් නපුරු අය“ කියා. (නි)
ලංකාව හොඳයි. නමුත් කුහක මිනිසුන්ගෙන් පිරිච්ව රටක්. හැමෝම එක හා සමානව හිතන්න කරන්න පුරුදුවෙනවා නම් කොච්චර වටිනවාද? (නි)
මා ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බර වෙමි. මගේ රටට දළඳා සමිඳු පිහිටයි! (නි)
පරිසරය රැකගෙන වනාන්තර රැකගෙන රට ඉදිරියට අරගෙන යන ගමනේ විල්පත්තුව සිංහරාජ වනාතර ගැන රජයට අවධානය යොමුකරන්න වෙනවා, මතු පරපුර වෙනුවෙන්. (නි)
උපාලිගේ කීම අනුමත කරන ගමන් තව එකතු කළයුතුයි. මිනිසුන් අතර 10%ක් නරක ගොඩට වැටෙනවා (නි)
උපාලි, ඔබගේ අදහස මාද එකහෙළාම පිළිගන්නවා. (නි)
මෙච්චර ලස්සන රටක් තිබිලත්, හිම කුණාටු, භූමිකම්පා නැතුවත්, දියුණු වෙන්න බැරි එක ගැනයි කණගාටු. සංචාරක ප්‍රවර්ධනය කිසි පිළිවෙලක් නැහැ. පිටරට ටීවී වල නිතර පෙන්වන්න මේ පින්තූර ටිකවත් දාගන්න වැඩපිළිවෙලක් නැද්ද? හෝටල් ගාස්තු ඇමෙරිකාවටත් වඩා වැඩි නිසයි සංචාරකයෝ අඩුවෙන් එන්නේ. (නි)
දිනේවා ලංකා මාතා! මෙහෙ ඉන්න අයගේ කටවල් වැහුණා පින්තූර ටික පෙන්නුවට පස්සේ (නි)