ශ්‍රී ලංකාවේ සියලූ ජන කොටස්  හමුවී ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන ඇහුම්කන් දෙන බව මෙරට නිල සංචාරයක නිරත මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු කොළඹදී ප‍්‍රකාශ කළේය.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා නවාතැන් ගෙන සිටින කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී ඔහු මේ බව කීය.

ඔහු මෙසේද කීය

“මම ශ්‍රී ලංකාවට පැමිණීම ගැන සතුට පත් වෙනවා.කාලයක සිට මම ලංකාවේ සංචාරයකට එන්න බලාපොරොත්තුවෙනුයි සිටියේ. මේ සංචාරයේ රජයේ බලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ වගේ මේ රටේ සිටින සියලූ ජන කොටස් වල නියෝජිතයින් හමුවී ඔවුන්ට ඇහුම්කන් දීමට බලාපොරොත්තු වෙනවා."

ඔවුන් ප‍්‍රකාශ කරන හැම දෙයකට මම ඉතා සාවධානව අවධානය යොමු කිරීමට කැමැත්තෙන් සිටිනවා. එසේම ඉදිරි දින කිහිපයේ දී ඉතාම ඵලදායි සාකච්ඡාවට කිහිපයකට සභාගීවීමට අපේකෂා කරනවා”