ලංඩන් සිට මෙරටට පැමිණි ගුවන්යානයක් තුලදී බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට ලිංගික අපයෝජනයක් කළැයි සැකපිට මෙරට උපත ලද බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු හතලිස් එක් හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු මඩකලපුව ප්‍රදේශයේ උපන් අයෙකි. ඔහු කුඩා කළ බ්‍රිතාන්‍යයට ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා ඇත. බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ද ආහාර පාන සැපයුම් ආයතනයක කම්කරුවෙක් බව කියන සැකකරු මෙරටට පැමිණ ඇත්තේ ඥාතියෙකුගේ අවමගුලකට බව පොලිසියට පවසා ඇත.
ලිංගික අපයෝජනයට පත් වු බව කියන බ්‍රිතාන්‍ය තරුණිය 27 හැවිරිදිය. ඇය ඇයගේ පෙම්වතා සමග සති තුනක නිමාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිණ ඇත. දෙදෙනාම වෘත්තියෙන් වෛද්‍යවරුය.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 504 දරණ ගුවන් යානයෙන් ඊයේ සවස 3.10 ට පමණ මෙරටට පැමිණ ඇත.
ගුවන්යානයේදී දෙදෙනාටම නින්දගොස් ඇති බවත් එම අතරවාරයේ සැකකරු ඔහුගේ ආසනය ඇය දෙසට හරවා ඇයගේ දෙකකුල් ස්පර්ශ කරමින් ලිංගික අපයෝජනයක් කළ බව ඇය පොලිසියට පැමිණි කර ඇත.
සැකකරු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් තොටුපොළ පොලිස් ස්ථානාධිපති ඡන්නක කොබ්බෑවල මහතාගේ උපදෙස් පිට කටුනායක පොලිසියේ පොලිස් නිළධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා සැහෙන කාලයක් ලංකාවේ බස් වල හිටගෙන ගිය කෙනෙක් වෙන්න ඇති. (හේ)
බ්‍රිතානයේ නෙමේ ලෝකේ කොහේ පුරවැසිකම ගත්තත්, ජන්ම ගතිය අරින්න බැහැනේ..(හේ)
කැලය මාරුකළාට, කොටියාගෙ පුල්ලි මාරුවෙන්නෙ නැහැනේ. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කිව්වාට ලංකාවේනේ ඉපදුනේ! (නි)
දයාන් මහත්තයෝ ගොඩාක් මිනිස්සු නොවේ. සමහර. කියලා. (ර)
ආදරේට වෙන්ට, තරහ ගන්න දෙයක් නෑනේ... (ර)
මේ තුන්දෙනාම බ්‍රිතාන්‍ය ජාතිකයෝ නේද? (නි)
ගුවන් යානයේ යනකොට දෙනවනේ උණුසුම් වෙන්න ඕනෑ අයට පොඩි බ්ලැන්කට් එකක්.ඒකෙන් මුළු ඇඟම වහගෙන යනවා නම් ඕවා පෙනෙන්නේ නැහැ.අපේ අප්පුහාමිලා ඉතින් දන්නේ නැද්ද? (නි)
එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවද ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළ? ඔප්පු කරන්න සාක්කි නැත්නම් ඔහුව නිදහස් කළයුතුයි වහාම (නි)
ගුවන් යානයක සාමාන්‍ය පන්තියේ ආසන මෙහෙම හරවන්න බැහැනේ? අනික අපි මොකට කලබල වෙනවද , එකම රටක කට්ටියනේ මේ; කොහොමත් කොතනත් "සම-හරක්ට" ඕනෙම ජරා වැඩක් කරන්න තැනක් නොතැනක් නැහැ. (ස)
මෙතන අදහස් දාන සමහර අය මේ ප්‍රශ්නයට වාර්ගික හේතුත් ගාවාගෙන... (නි)
මේ වැඩේ හරිම අශෝභනයි. (අ)
පොඩි කලේ ඉදන් හරියට නොහැදුනොත් ලෝකේ කොතනකින් හරි පාඩමක් ඉගන ගන්න වෙනවා. (ස)
සනුහරේ වැරැද්ද..!! (අ)
අපි හුඟක් දෙනෙකුට මෙවැනි ආසා විටින්විට පහළවෙනවා.නමුත් එය පාලනය කරගෙන,තැනට සුදුසු නුවණ පාවිච්චි කළ මැනවි. (නි)
කොටියා කියල හදිස්සියකටවත් ලියන්න නම් එපා. සමහර අයවලුන්ට වාර්ගික ප්‍රශ්න ඔලුවට එනවා. අපි කොටියට මීට පස්සේ එළුවා කියමු එළුවට කොටියා කියමු. (නදී)
සමහර අසහන කාරයින්ට තැනක් නොතැනක් නැ. දැඩි දඬුවම් දිය යුතුයි. (බ)
මෙපමණ බුධිමත් සමාජයක ජීවත් වෙලත් මේ මිනිසුන්ට හැදෙන්න බැරි හැටියක්..? (හේ)
මම දන්නා තරමට ගුවන් යානයක පළමු පන්තියේ ආසනයක්වත් ඕන ඕන පැතී වලට හරවන්න බැහැ.(හේ)
ලංකාවේ ඉපදුනාට මෙයා දැන් බ්‍රිතාන්‍ය පුරවෙසියෙක් නේ.මෙයාව එහෙටම දෙන්න තමයි තියෙන්නේ.හැබැයි මේ කාන්තාව කියනදේය ඇත්තද කියලා පරීක්ෂණය කලානම් හරි.(හේ)
මේ වගේ අයව හඳට ඇරලා එහෙ පුරවැසිකම දුන්නත්, උපන් ගතිය යන්නේ නැහැ. අපේ රටත් ගඳ ගස්සලා එංගලන්තෙත් ගඳ ගස්සනවා (නි)
දෙදෙනාම බ්‍රිතාන්‍ය පුරවැසියෝ .(හේ)
බස් වල පුරුද්ද ගුවන් යානා වලටත් ගිහිල්ලා....! (හේ)
විලි ලැජ්ජයි.(හේ)
මෙයත් හීනෙන් ඇවිදින එක්කෙනෙක්ද දන්නේ නැහැ?(හේ)
ලංකාවේ ගොඩක් අයවලුන් මේ වගේ බලු වැඩ තමයි කරන්නේ.මේ වගේ මිනිසුන් රටටත් අප්ප්‍රසාදයක්.(හේ)
ලංකාවේ ගොඩක් අය මේ වගේ වැඩ තමා කරන්නේ.මේ වගේ මිනිසුන් රටටත් අප්‍රසාදයක්. (නි)
ලංකාවේ ගොඩක් අයවලුන් මේ වගේ බලු වැඩ තමා කරන්නේ.මේ වගේ මිනිසුන් රටටත් අප්‍රසාදයක්. (බ)
අපොයි ..බස් කෝච්චි වල මේවා ඕනතරම් වෙනවනේ...(බ)
බස් රථයේ,දුම්රියේ තිබු ක්‍රමවේද, දැන් ගුවන් යානය දක්වාද ව්‍යාප්තවී වැඩිදියුණු වී ඇති හැඩයි (නි)
මේවා ඕනෑතරම් උඩුගුවනේදී වෙනවා.මේවා අපි අත්දැකීමෙන් කියන්නේ. (නි)