ඉදිරි දශක දෙකක කාලයකදී ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කරන බවත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික සංවර්ධනය විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය මත පදනම් වනු ඇති බවත් රනිල් වික‍්‍රමසිංහ අගමැති වෝටර්ස් එජ්හිදි අද (8) පැවැසීය.
විද්‍යාව හා තාක්ෂණය ප‍්‍රවර්ධන කිරීම රටේ අනාගතයට වැදගත් වන්නේ කෙසේද යන්න පිළිබඳවත් අගමැති ‘සමාජය උදෙසා හා විද්‍යාව හා තාක්ෂණය’ ශ්‍රී ලංකා 2016 සමුළුවේ තාක්ෂණික සැසිවාරවල ආරම්භක සැසිය අමතමින් කීවේය.
වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.
‘‘ජාතික විද්‍යා තාක්ෂණ ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ පළමු පියවර ලෙස මෙම සමුළුව පෙන්වාදිය හැකිය. විද්‍යාව හා තාක්ෂණය ශ්‍රී ලංකාවත් තුළත් කලාපය තුළත් විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත. කි‍්‍රකට් කී‍්‍රඩාව මෙන් කලාපයේ රටවල් සහයෝගීතාව ඇති කිරීමට විද්‍යාව හා තාක්ෂණය හේතුවනු ඇත.
ශ්‍රී ලංකාව ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිටිනවා. සියලූ ක්ෂේත‍්‍ර හා පාර්ශවවල ඇතුළත්වීම, තිරසාරත්වය හා ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම යන ප‍්‍රධාන කරුණු තුන මත පදනම්ව අපි අපේ අනාගතය ගොඩනගනවා.“



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොරනවා, කොරන්න බලාපොරොත්තු වෙනවා, අපි අහගෙන ඉන්නවා. බදු වැඩි වෙනවා, කාලය ගෙවී යනවා, වා, වා, වා, වා, අන්තිමට ඡන්දෙ දීපු අපි කාගෙන ඉන්නවා කර ගත්ත මෝඩ කමට. (බ)
වැඩ කරන මිනිස්සු කියව කියවා ඉන්නේ නැහැ. වැඩ කරලා පෙන්නලා තමය් කතා කරනවානම් කරන්නේ. බතල කොළ පැලවෙනකොට බබාට ළමයත් හම්බවෙයි (බ)
බදු ටිකවත් එකතු කරගන්න බැරිව එකත් පෞද්ගලීකරණය කරනවානම් ඕවා සිහින විතරයි. පාර්ලිමේන්තුවත් පෞද්ගලිකරණය කරමු !!! (ම)
මෙන බෙරුද කියනවා විතරයි ඔහොමෝ තමයි එහෙත් ඒහෙමයි මෙහෙත් ඒහෙමයි . (අ)
තව අවුරුදු තුනක් තියෙනවනේ.(හේ)
වියදම් ගැන මොනවද කියන්නේ? (නි)
ඔහොම කියලා තමයි බඩු මිල වැඩි කරන්නේ.(හේ)
කතා නම් එමටයි. වැඩ නම් ඉබිගමනින්. (හේ)
අපිත් ඒකට උදව් කරනවා.(හේ)
ඒක හොදයි.(හේ)
අවුරුදු පහකින් කරන්න පුළුවන් වෙයිද?(හේ)
බොරු සෝභන කතා විතරයි.වැඩ නැත, (ම)
මොනවද හෙට අනිද්දා වෙනකොට ඡන්දෙ දුන්නු අසරණ මිනිසුන්ට ඇගට/බඩට දැනෙන හෙන ගහන බදු ගැහිල්ලක් ගහවි. (බ)
හැමදාම කියන එක තමයි අන්තිමට ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (ර)
දැන් දවල් හීන පෙනෙන්න පටන් අරගෙන. (ර)
කියන්නා කෙසේ කිවුවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි (ම)
අදායම් වැඩිකරන්න පුළුවන් සල්ලි අච්චු ගහල. එතකොට අනිත්පැත්තෙන් ඉහළ වියදම් ඇති රටක් වෙනවා , උද්ධමනය වැඩි වෙනවා. රටක අදායම ඉහල නංවන්න නම් නිෂ්පාදනය වැඩි කළ යුතු වෙනවා. භාණ්ඩ හා සේවා අපනයන අදායම ඉහල දැමිය යුතු වෙනවා. පුනරාවර්තන වියදම් අවම කළ යුතු වෙනවා, (බ)
කරුණාකර කරන්න පුළුවන් දෙයක් කියන්න. එවිට අපිද සහය වන්නෙමු
දශක දෙකක් ඉවසන්න බැ.. අද නිදාගෙන හෙට නැගිටිනකොට මේ රට සංවර්ධනය වෙලා තියෙන්න ඕනේ. (බ)
කතා විතරයි වැඩ නෑනේ (බ)
එය මෙසේ නිවැරදි විය යුතුයි ලංකාව ඉහළ බදු අයකරන රටක් කරනවා (ම)
තව ෆොක්ස් වැගන් කොම්පැනි එකේ වැඩ පළවල් දෙකක් විතරයි අරින්න ඕනේ. දැන් එකක වැඩ යනවනේ බරටම කුරුණෑගල. මේ යන විදියට තව වසරකින් අපිට බලවත්ම රට වෙන්න බැරි නැහැ.. නැද්ද මන් කියන්නේ! (බ)
දින 100 මාස 60 වුණා. දැන් මාස 60 අවුරුදු 20ක් වුණාද? කාවද මේ රවට්ටන්නේ (බ)
දින 100 ඇතුලෙත් ඕක තිබ්බ නේද ? (ම)