තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින් වත්මන් ආණ්ඩුව අත්සන් තැබීමට නියමිත පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ගිවිසුමෙහි අන්තර්ගතයම සහිත ආර්ථික, තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට (එට්කා) එරෙහිව තොරතුරු තාක්ෂණ රැකියා සුරැකීමේ වෘත්තීය එකමුතුව අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාව නිකන් කරකවල අත ඇරියවගේ. මේකට නම් කොහෙත්ම ඉඩදෙන්න එපා . ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තය වීම පටන් ගන්නේ මෙතනින් තමයි . පට්ට ඉන්දියන් කාරයෝ බොරු සහතික හදල තමයි මම ඉන්න රටතත් ඇවිල්ල තියෙන්නේ . මේ මිනිස්සුන්ගේ හැදියාව බොහොම පහල මට්ටමක තියෙන්නේ .(කෞ)
ජයවේවා ඔබේ සටනට! (නි)
රනිල් මහත්තයාගේ ආණ්ඩු කොච්චර හොද වුණත් නොරටුන්ට ඕනේ විදියට රිලා නැටුම් නටලා ඇන ගන්නවා, මේ පාරත් උපරිම අවුරුදු 3ක් වෙයි වගේ. අපරාදේ අපේ ඡන්දේ. (බ)
එකමුතුවක් ඉක්මනට හදන හැටි දන්න කෙනෙක් කියන්න (බ)
මේ ගිවිසුමට එක හෙලා විරුද්ධ විය යුතුයි ලෝකෙම අයිටී එක කාලා තියෙන්නේ මේ පර ඉන්දියානුවෝ මම ඉන්න රටෙත් එහෙමයි අඩු මුදලට වෑඩ කරන යට අපේ රටත් කන්න ඉඩ දෙන්න එපා (බ)
තොරතුරු තාක්ෂණයට නැතුව කම්කරු රැකියා වලට ඉන්දියාවෙන් කම්කරුවෝ ගෙනාවට කමක් නැහැ. මොකද අපේ රටේ පොල් කඩන්න, වාහන සෝදන තැන් වල කම්කරුවෝ නැහැ. (කෞ)
මෙතන ඉන්න බොහෝ අය ආණ්ඩුවේ රස්සාව කරන අය. නැතිනම් බෝඩ් එල්ල ගෙන ඉන්න ගියොත් රස්සාවෙන් එලියට (බ)
අපේ රටේ පාලකයන්ට පිස්සු හැදිලා ඉවරයි. රට පාවා දෙන්න හදන්නේ (බ)
රට අන්තිම පහතටම නැවතත් ගමන් කරන බවක් තමා පෙනී යන්නේ. බහුතරයක් උදවිය මෙම ආණ්ඩුවට ඡන්දය දීම ගැන බොහෝ කණගාටු වෙනවා. රනිල් ගිය පර අගමැති වුණ වෙලාවේ සාම ගිවිසුමක් ගෙනැල්ල එල්ටීටීයට ඇති තරම් අවි ආයුද රැස්කර ගන්න ඉඩ ප්‍රස්ථාව සලස්සල දුන්න. මෙදා පාරත් රටට සහ රටේ ජනතාවට හතුරුකම් කරන එක විතරයි (බ)
කරන්න කලින් දැනුවත් කරලා කළා නම් අපිත් එනවනේ..(බ)
කවුරු මොනවා කීවත් ලංකාව ඉන්දියාවට පාවලා දෙන එක මේ ආණ්ඩුවෙන් නියම විදිහට කරගෙන යනවා. මේ ගිවිසුමට සමස්ත ලංකාවම විරුද්ධ නොවුනොත් අපේ ළමයින්ට පාරට බහින්න වෙන්නේ!!! (බ)
මේක නම් සම්පුර්ණ වැරදි අදහසක්...අපේ රටේ අයට ඉන්දියාවේ රැකියා ලබා ගන්නවා කියන්නේ සිහිනයක්....මම ඉන්නේ කුවෛට් වල ....මෙහෙ ඉන්නවා ඉන්දියන් අය ....උපාධි තියෙනවා ..නමුත් ගෙවල්වල රියදුරුන් විදියට වැඩ කරනවා ඩිනාර් 80 පඩියට ..අනික මේ සමාජ දැනුමක් නැති සදාචාරයක් දැන් නැති ජාතියක් අපේ රටට ගෙන්නගත්තොත් ....එ්කේ දුක අනාගතයේදී අපිට විදින්න ලැබේවි...අපේ නංගිලා ඔය අයට රැවටිලා කසාද බදාගෙන මෙහෙම පැලපදියන් කරගනීවි (බ)
මෝඩයො වගේ කතාකරන්න එපා ප්‍රදීප් තේජා. මේකෙන් රටට වෙන හානිය තේරුම් ගන්න. (නි)
ඉන්දියන් කාරයින්ට රස්සා දෙන්නද අපි ආණ්ඩු පත් කෙරුවේ? (කෞ)
මේ ඉන්නේ අයිටී වල ඉතාම සුළු නියැදියක් පමණි. අපි එකමුතුව වර්ජනයක් පටන් ගත්තොත් පැයක් යන්නත් ප්‍රථම මුළු රටම ඇණහිටින බව මතකතියාගන්න. (බ)
මේකට විරුද්ධ වී ඉඩ නොදිය යුතුයි. ලංකාවට තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා මේකෙන්.. රස්සාවලට අමතරව (ම)
දැනට ලංකාවෙ තියෙන්නෙත් දියුණු රටවල් එක්ක එකතු වෙලා කරන ව්‍යාපෘති (80% ). ලංකාවේ විරැකියාව එමටයි. ඔය කියන විදිහට අඩු පඩියට නම් ඉන්දියාවෙන් ගේන්නේ, ඒ වැඩ වලට ලංකාවේ අයි.ටී. වලට සම්බන්ධ නොවන අයව උනත් යොදාගන්න පුළුවන්(අයි.ටී වලට සම්බන්ධ අය ඕන තරම් ඉන්නව). එහෙම කුසලතා සංවර්ධන වැඩපිළිවෙළක් සකසන්නෙ නැතුව, කොහෙන්වත් ගෙනත් දැම්මහම, හොඳට තියෙන එකත් නැත්තටම නැති වෙලා යන එක තමා කරන්නෙ. අඩු පඩියයි, ගුණාත්මක දෙයක් කරන්නෙ කොහොමද. ඉන්දියාවට තර්ජනයක් වූ අසල්වාසියෙක් විදිහට මෙරට අයි.ටී. කර්මාන්තය නැත්තටම නැති කරන්න ඉන්දියාවට දෙන හොඳ අවස්ථාවක් මේක. ඉන්දියාවේ ඉහල සුදුසුකම් ඇති අය ඉන්දියානු ආයතන වල වැඩ කරන්නෙවත් නැහැ. එහෙව් එකේ, සාමාන්‍ය ආයතනයකටවත් සුදුසු නැති අය තමා ලංකාවට ගෙන්නන්න වෙන්නෙ. (බ)
දැනට පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් සේරම එළවන්නේ නැතුව රටට වෙන හානිය නවත්වන්න බැහැ. මේ පාහරයන් නිසා විරැකියාව අහස උසට නගීවි. එකම හොඳ, දේශපාලුවන් පස්සේ ගිහින් රැකියා බලාපොරොත්තු වෙන එවුන්ටත් මොනා වෙයිද (අ)
නාමල්, නොදන්නා දේ කතා කරන්නේ මැගී නෙමෙයි, ඔබයි. ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය ඉතාම උග්‍රව තිබෙනවා. ඔයාලා ඉන්දියාව කියලා දන්නේ අර සබන් බෝල ටෙලි ටිකයි හින්දි ෆිල්ම් ටිකයි විතරයි.මම ඉන්දියාවේ නිතරම ගැවසෙන කෙනෙක්. මෙහෙ එක ඇබෑර්තුවකට ඉල්ලුම්පත් මිලියන ගානක් එනවා. ඒ අතරම කුලබේද ගෝත්‍ර බේද මත රැකියා කෝටා බෙදෙනවා. ඉන්දියාවේ අයිටී සමාගම් තිබුනට අපිට රැකියා ලබාගන්න හිතන්නවත් එපා. කොයි අතින් බැලුවත් මේක අපිට අවාසිසහගතයි. (නි)
මමත් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක්. මෙය අපේ රටට ඉතා අහිතකර ගිවිසුමක්. මෙමගින් අපේ අයට එහි රැකියා ලැබෙන බව කීම මුලාවක්...(කෞ)
පැහැදිලිවම අපේ කම, ස්වෛරි රාජ්‍යත්වය බිඳ වැටි අවසන් බව සනිටුවහන් වෙන එක කොමෙන්ට් බහුතරයේ අදහස් වලින් තේරෙන අරුතයි. (බ)
අයියෝ ප්‍රදීප් (බ)
ලංකාවේ රස්සා නැති කීදාහක් ඉන්නවද? ඉන්දියාවෙන් ගෙනෙන්න අවශ්‍ය නැහැ. ඉන්දියන්කාරයෝ ආවොත් ඉවර තමයි. ලාංකිකයන්ගේ දුප්පත්කම නැති කරනවා කියලා කියන ආණ්ඩුවම අපේ ළමයින්ගේ රස්සාවලුත් නැතිකරන්න වගේ හදන්නේ. (නි)
මැගී දන්නා දෙයක් කතාකරන්න.. මේ ගිවිසුමෙන් ලාංකිකයින්ටත් ඉන්දියාවේ රැකියා අවස්ථා ලැබෙනවා... ඉන්දියාවේ ලංකාවේ නැති කොපමණ අයි.ටී සමාගම් තිබෙන බව දන්නවාද.. (බ)
මෙච්චරද ලංකාවේ අයි.ටී කාරයෝ ඉන්න... එහෙනම් සීපා ගේන්නම ඕනේ.. (කෞ)
නාමල්, ඉතින් ලංකාවෙත් ඒ වගේ අලුත් ආයෝජන ගෙනවිත්, ලංකාවේ රැකියා දෙන්න පුළුවන්නේ (නි)
ඉන්දියාව අතගහන කෝකත් ඔහොම තමයි.(බ)
මේක මහා අපරාධයක්. අපේ රස්සාවත් නැතිකරන්නයි හදන්නේ. යුරෝපය වැනි රටවල, ඉන්දියන්කාරයෝ වැඩ කරනවා කිව්වහම ගණන් ගන්නේ නැති ගානට තියෙන්නේ. (නි)
බොලේ උද්ගෝෂනේට සෙනගත් ඉන්දියාවෙන් ගෙන්නන්න වෙයි වගේ (බ)
ලංකාව ඉන්දියාවේ කොලනියක් කිරීමේ කාර්ය මේ රජයෙන් හොදටම කරනවා! (බ)
තව ගන්න දෙයක් නෑ, දැන් අරගෙන ඉවරයි. (අ)
හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා පාත් වෙන්නයි හදන්නේ. (කෞ)
ප්‍රදීප්ගේ කතාව හරියට හරි (ම)