ආයෝජනය සඳහා හිතකර පරිසරයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇතැයි ආර්ථික සහ ව්‍යාපාරික කටයුතු පිළිබඳ අමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් එච්. රිව්කිං පැවසීය.
ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ සහකාර රාජ්‍ය ලේකම්වරයා, අමෙරිකාවේ ඉහළ පෙළ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කෙරෙහි යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව කීවේය.
වත්මන් රජය බලයට පත් වීමෙන් පසු රට තුළ සිදු ව ඇති ආර්ථික වෙනස්කම්, ශ්‍රී ලංකාව හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා මනා ප්‍රවේශයක් බව ද කී රිව්කිං මුදල් අමාත්‍යාංශයේදී අමාත්‍ය රවී කරුණානායක හමු වී මේ බව ප්‍රකාශ කළේ ය.
යාපනයේ සංචාරයකට එක්වෙමින් ඇමෙරිකා තානාපති අතුල් කේෂාප් මහතා කියා සිටියේ වත්මන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳව අමෙරිකානු රජය බෙහෙවින් සතුටට පත් වන බවයි.
යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට රජය ගෙන ඇති යාන්ත්‍රණය පිළිබඳව සහ නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව බෙහෙවින් සතුටට පත් වන බවත් සියලු ජාතීන්ට එකහා සමානව සැළකීමට වත්මන් රජය ගෙන යනු ලබන ක්‍රියාමාර්ග අගය කරන බවත් ඊට සෙසු පක්ෂ ලබාදෙන සහය පිළිබදව සතුටට පත් වන බවත් කේෂප් මහතා කීවේය.
විදෙස් ආයෝජනයට ශ්‍රී ලංකාව හිතකර බව ඇමරිකාව කියන කථාව හරිද ?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට ගොට්ට අල්ලන්න (අ0
ඇමෙරිකාව ඉස්සරහා අපේ රට හිස නමන බව ඔවුන් දන්නවා (නි)
ඇමරිකාව කියන්නේ ටයි කෝට් දාගත් රස්තියාදුකාර හිඟන්නෙක ලෙසයි මම දකින්නේ. ඔවුන්ගෙ බලය තියෙන්නෙ අවි නිසා. ජේත්තුවට හිටියට ආර්ථිකය කඩාගෙන වැටිලා. ඔවුනුත් ණය ගන්නේ චීනෙන්. අනේ ඉතින් ඔවුන් ලංකාවෙ ආයෝජන කරනවා නම්, පරිස්සමෙන් ඉන්නවෙයි (නි)
දිලිප්, පොඩ්ඩක් ඉංග්‍රීසි භාෂාවෙන් ලෝකය ගැන කියවන්න. ඔබ ලෝකය ගැන හොයන්නේ ලංකාවේ සිංහල පත්තර වලින් වගේ. මහා ආයෝජන කර ඇති ඇපල්, මයික්‍රොසොෆ්ට්, ඔරකල්, ටෙස්ලා වැනි සියලු සමාගම් ඇමරිකානු ඒවා. චීනුන් විශාල ප්‍රමාණයක් ඉන්න ඇමරිකානු විශ්ව විද්‍යාලයක ඉගෙනගත් මම දන්නවා චීනුන්ගේ සිහිනය එවැනි සමාගමක වැඩ කිරීම බව.
මට කියන්න තියෙන්නේ අම්මා තාත්තා කියන දේ අහන්නේ නැති දරුවන්ට මොකද වෙන්නේ? සමහර දරුවෝ හිඟාකන තත්වෙට වැටෙනවා. පසුව දුක්වෙලා නැවත ටික ටික අම්මට ළංවෙන්න බලනවා. අම්මා බාරගනියි. නමුත් තාත්තාගෙන් කිසිම සමාවක් නැහැ. ඇමරිකාවත් ඒ වගේ. අපේ රටට නොමිලේ ලැබෙන උපදෙස් කෝටියක් වටිනවා. මොළය තියෙන ඇත්තන්ට එය වටිනවා (නි)
සිරියාවේ ඇෆ්ගනිස්තානේ ඉරාකයේ වගේ ලොකු ආයෝජනයක් කරන්න වගේ.. අපේ බටලන්දේ ලන්දේ ත් ඉන්නවානේ. හරි හරි අපිට හරි (හේ)
මේ සහතිකය රාමුකර සෑම නිවසකම ප්‍රධාන දොරට ඉහළින් සවිකිරීම සුදුසු යැයි මම යෝජනා කරමි. එතකොට ඇමෙරිකාව තවත් සතුටුවේවි. අපට තව තව දේවල් ලැබේවි. (නි)
නාමල්, ඇමෙරිකාව පය තිබ්බ නිසා දියුණු වූ එක රටක් නම් කරන්න. හැමතැනම හැමදාම ගැටුම්. පොඩ්ඩක් මොළය යොදවලා බලන්නකෝ. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු එකහමාරක්. කෝ ඇමෙරිකන් ආයෝජන. ආණ්ඩුව චීනෙට හිඟමනේ යනවා. ලැජ්ජයි. (නි)
දහම්, ද.කොරියාව, තායිවානය, මැලේෂියාව පමණක් නෙමෙයි චීනයත් මෙච්චාර දියුණුවෙලා තියෙන්නේ ඇමරිකානු ආයෝජන නිසා තමා. පොඩ්ඩක් චීනෙකුගෙන් අහලා බලන්න ඒ රටේ චීනුන් කී දෙනෙක් ඇමරිකානු සමාගම් වල වැඩ කරනවාද කියා. (නි)
සුදාර, මෝඩ කතා කියන්න එපා. පුරසාරම් දොඩන ඇමරිකාවත් සල්ලි ණයට ගන්නේ චීනෙන්. හොඳට හොයලා බලන්න ඇමරිකාවට බිලියන කීයක් චීනෙන් දීලා තියෙනවද කියලා (නි)
සුදාර, ඔය වගේ පටු විදියට හිතන තව කොච්චර මිනිස්සු ලංකාවේ ඇද්ද? චිනය ගොඩ ගිහිල්ලා තියෙන්නේ ඇමරිකාව නිසා නම්, ඔවුන් අදම ඒ ආයෝජන එළියට අදිනවා. මොකද චීනය ආර්ථික වශයෙන් බලවත් වෙන එක නතර කරන්න ඔවුන් පුළුවන් හැමදේම කරන නිසා. ලෝකේ අතිවිශාල ව්‍යාපාර වල ඇමරිකන් නම් තිබ්බට එ්කේ සැබෑ අයිතිකාරයෝ ඇමරිකානුවෝ කියලා හිතන්න තරම් ඕගොල්ලෝ මෝඩයෝ වුණේ කොහොමද (නි)
දැන් ඇමෙරිකාව කිවුවහම ආයෝජකයෝ හෝ ගාලා එයිද? එහෙමනම් මොකද පසුගිය කාලේ ආයෝජකයෝ අපේ රටින් පිටට ගියේ? රටක් වට්ටන්න ඕනෑවුණාම ඇමෙරිකාව කැමති ඕනෑම දෙයක් කරලා එක සාධාරණය කරන්න හේතුත් කියනවා. එ්ක තමයි සිරියාවට කළේ. ඒ රටේ ජනතාවට තිබුණු පහසුකම් මොන රටේද දෙන්නේ? අද ඒ මිනිසුන්ගේ අතලොස්සක් වුණු අවස්ථාවාදීන් ඇමෙරිකාවට කත්ඇදීමේ ප්‍රතිඵලයක් විදියට මුළු රටේම ජනතාව අන්ත දුක් විඳිනවා. (නි)
සිරියාවේ, ඉරාකය විනාශ වෙන්නේ එරටවල මිනිස්සු හිසමත තියාගෙන ඉන්න මුස්ලිම් අන්තවාදය නිසා.. රටක් හැටියට ලෝකයේ බලවත්ම රාජ්‍ය දුන්න මේ සහතිකය අපට ඉතා වටිනවා.. (හේ)
දැන් එයාලට අවශ්‍ය විදිහට අපේ කට්ටිය ඔක්කොම කරලා දෙනකොට මීට වඩා හොද රටක් කොයින්ද (බ)
ඇමරිකාවට පුදුම කැක්කුමක් තියෙන්නේ අපේ ශ්‍රී ලංකාව ගැන. මෙයාල පයතිබ්බ රටවල් සේරම විනාශයි. සිංහල දෙමල සහජීවනය නැතිකනමයි (හේ)
නාමල්, ඉරාකයේ ලිබියාවේ ඊජිප්තුවෙ එ්කාධිපතියෝ හිටියා. හැබැයි ඔවුන් අන්තවාදීන් නෙමෙයි. ඒ රටවල මිනිස්සු කවදාවත් අන්තවාදී නැහැ. ඔවුන්ට වැරදුනේ ඇමරිකාවේ පදයට නටපු නැති නිසා. අද ඒ මිනිස්සු අන්තවාදීන්ට යටවෙලා ඉන්නේ ඇමරිකාව නිසා. (නි)
කලින් එවැනි දෙයක් ප්‍රකාශ කළේ නැත්තේ මොකද? මට දැන් තමා තේරෙන්නේ, යහපාලනේ කියන්නේ ඒගොල්ල කියන කියන තාලෙට නටන්න පුළුවන්නේ. අහෝ ඛේදයකි! (නි)
මුරුංගා අත්තේ තබාගෙන කියන දෙයක් වගේ මට නම් තේරෙන්නේ (නි)
චීනය දියුණු වුණේ ඔවුන් නියම කොමියුනිස්ට් ප්‍රතිපත්ති , සමාජවාදී පිළිවෙත් අනුගමනය කළනිසා. ඔවුන්ගේ (චීන) රජය ඇමරිකාවේ ගොවිපළවල්, ඕස්ට්‍රේලියාවේ ගොවිපළවල් මිලට ගත්තා. චීනය තම මුදල් ආයෝජන ඇමරිකාවෙන් එළියට ගත්තානම් ඇමරිකාවේ පස්ස බිම ඇනෙනවා.(ම)