2016-08-28-ent-22

ලොව ධනවත්ම නිළියන් අතර පළමු දස දෙනා තුළට ඇතුළත් වීමට බොලිවුඩ් සුපිරි නිළි දීපිකා පදුකෝන්ට අවස්ථාව ලැබී ඇති බව "කෝයි මෝයි" වෙබ් අඩවිය සඳහන් කරනවා. ගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ ගෙවී යන අගෝස්තු මාසය තෙක් දීපිකාගේ ආදායම් උපයා ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් බව සඳහන්.

මෙම ලැයිස්තුවේ මුල්තැන දිනාගෙන ඇත්තේ හොලිවුඩ් සුපිරි නිළි ජෙනිෆර් ලොරේන්ස්ය. වර්ග ගත කළ කාලය තුළදී ඇයගේ ආදායම් උපයා ගැනීම සඳහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 45ක් ලෙසිනුයි.

ජෙනිෆර් හා දීපිකාට අමතරව මෙම ලැයිස්තුවේ පළමු දස දෙනා අතරට මෙලිසා මැකාර්ති, ස්කාලට් ජොන්සන්, ජෙනිෆර් ඇනිස්ටන්, ජුලියා රොබ්ට්ස්, ඇමි ඇඩම්ස් හා මිලා කුනිස් ඇතුළත්ව සිටිනවා.

 

2016-08-28-ent-23