එළවළු මිල ඉහළයාම පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළවීමත් සමග ජනමාධ්‍යයට තොරතුරු නොදෙන ලෙස වෙළෙඳ අමාත්‍යංශය සියලුම ආර්ථික මධ්‍යස්ථානයන්ට ලිඛිතව දැනුම් දී ඇත.
මේ ගැන විමසීමට අමාත්‍ය ලේකම් හෝ අතිරේක ලේකම් හෝ දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
මාධ්‍ය ලේකම් නිපුණ ඒකනායක මහතා පැවසුවේ තමා මේ ගැන කිසිත් නොදන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ශෝක් නේ ....පපුවේ අමාරුව වැඩි වෙනවා එළවළු මිල ඇහුවහම .... කලින් දැනගෙන යන එක කෝකටත් හොඳයි (ස)
එළවළු කාලා හමාරයි (ස)
දැන්වත් බඩු මිල අඩුකරන්න (ස)
එහෙම වුණා කියලා පුදුම වෙනන දෙයක් නෑ. අපි නොදන්න රටක්ද මේක? (ස)
තොරතුරු දැන ගැනීමේ අයිතිය අපේ ප්‍රජාතන්ත්‍රවාදි අතිවාසිකම් වලින් එකක්. මෙහෙම වසන්කරනවා කියන එකේ තේරුම මොකද්ද ??? ඔහොම යන් (ස)
නියමයි, අන්න එහෙම "විනිවිද භාවයෙන්" හැම ආයතනයක්ම කටයුතු කලයුතුයි. (ස)
ඇත්තටම මොකටද පාරිභෝගිකයාට මිල ගණන්? නව ප්‍රතිපත්තියට අනුව දෙන දෙයක් අරගෙන, ඉල්ලන ගානක් දීලා ඉන්න පුරුදු වෙන්න ඕනෑ. (ස)
ඔන්න දැක්කද අමාත්‍යංශයෙන් ලැබුනු විසදුම.. එළවලු මිල ජනමාධ්‍යයට අමුතුවෙන් දෙන්න ඕන නැහැ.. කඩේට ගිහිං ගණං ඇහුවාම නිකම්ම දැන ගන්නවා ඕනෑම කෙනෙක්.. මොනවා කරන්නද ඒකවත් නොතේරෙන නිලධාරීන් මේකට විසදුමක් දෙයිද? (නු)
ලෙහෙසිම හා පහසුම දේ දන්නෑ කියන එකයි (ස)
ඔව් ඔව් එයාලා එකතුවෙලා පොඩි මිනිහා අමාරුවෙ දානඑකනේ වැඩේ. තව වැඩිකරමු.. ඡන්දය දීපු අපිට ජය වේවා.!(නු)
මේවගේ වෙැඩ නොකර වෙන රටවල වගේ විශාල සීත කාමර හදලා එළවලු ගබඩා කරන්න. එළවලු වලින් අතුරු නිශ්පාදන කරන්න. එළවලු ටින් කරන්න. ඉඹේම මිල අඩුවෙයි..!(නු)
තණකොළ වල මිල වැඩිඋනේ නැහැනේ.. එහෙනම් හොදටම ඇති..!(නු)
සිඟිති ආතල් එකක්නේ ... හරි බලමුකෝ. තොරතුරු දැන ගැනීමේ අයිතය අවහිර කිරීම යටතේ මානවහිමිකම් යන්න වුනත් පුළුවන්. (ස)
ඔන්න ඔන්න ඕනි නැති වැඩ කරන්න පටන්ගෙන (ස)
මෙහෙම අය පත්කරගන්නෙත් අපිමනේ. ඉතින් අපිම ඵල විපාකත් විදිමු. (නි)
අතරමැදියාගේ වැට කඩන්න බැරිද? (නි)
මාධ්‍යයට නෙමෙයි වැට ගහන්න ඕනෑ, වැඩිවන එළවලු මිළට. (නි)