ලෝකයේ ලොකුම ලොන්ඩ්රි කර්මාන්ත ආයතනය ඇමරිකාවේ පිහිටා තිබුණත් ලෝකයේ ලොකුම එළිමහන් ලොන්ඩරිය පිහිටා තිබෙනුයේ ඉන්දියාවේ මුම්බායි නුවරයි. මහාලක්ෂ්මි දුම්රිය පොළ ආසන්නයේම පිහිටා ඇති එම ලොන්ඩරි ආයතනයට පසුගියදා එසැණ ගියේය.
විදේශිකයින්ට මග පෙන්නන්නෙකු වශයෙන් එහි සිටින අමීර් සලීම් මහතා බුම්බායි ලොන්ඩරිය මෙසේ හඳුන්වයි.
අවුරුදු 150 ක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට මේ මිනිස්සුන් රෙදි හෝදනවා. මෙතන පන්සියක් පමණ වැඩ කරනවා. මේ කුඩා කොන්ක්‍රීට් ටැංකි වලට අයිතිකරුවන් සිටිනවා. ඔවුන්ගේ සේවකයෝ තමයි මේ වැඩ කරන්නේ.
ඔවුන් වෙන වෙනම වැඩ බාරගන්නවා. එක් සේවකයෙකුගේ මාසික වැටුප ඉදියානු රුපියල් 6000යි. දවසකට රෙදි කැලි ලක්ෂයක් මෙතන හෝදනවා. රෝහල්වල හෝටල්වල වගේම පෞද්ගලික අයගෙත් රෙදිත් මෙතනට ගෙනාවා. පැය 24ක් ඇතුළත නැවත බාරදෙනවා. සියයට අනුවක් පිරිමි තමයි වැඩ කරන්නේ. ඔවුන්ගේ ජිවිත හරිම දුකයි. විශේෂ ස්තුතිය ඉන්දියා ආර්නෙග් කර්මාන්ත ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ෆාබියෝ ලුප්පි මහතාට.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක මිනිස්සු! (නි)
රට මෙතරම් දුප්පත් උනත් යුක්තියක් සහ නීතියක් තිබෙනවා. (ර)
ලෝක වාර්තාවක් නේද...? (ර)
පවු නේද මේ අය... අඟහරුට රොකට් යවලා ලෝකෙට පරකාස පෙන්නුවාට න්‍යෂ්ඨික ශක්තිය පෙන්නලා නිෂේධ බලය අරගත්තාට වැඩක් තියනවාද මෙහෙම රටවල් පාලනය කරලා. අපිටත් මේවා පාඩම් තමයි..(හේ)
ඒ වුනාට දැන් ලොකුම ලොන්ඩරිය තිබෙන්නේ ලංකාවේ..... (ස)
ඒ වුනාට දැන් ලොකුම ලොන්ඩරිය තිබෙන්නේ ලංකාවේ.(හේ)
අපේ ඇමති මණ්ඩලේ හෝදන හේදිල්ල මේගොල්ලන්ට හිතාගන්නවත් බැහැ .(හේ)
මේ මොන රෙදි හෙදිල්ලක්ද අපේ මාමල ඔයිට වැඩිය රෙදි හෝදන්නේ... (ර)
ඉන්දියාවේ තියෙන්නේ ලොකු අපායක් දැක්කම හිරිකිතයි !!! ඉන්දියාව දොඩක් තැන් ඔයවගේ තමයි කිසිම පිරිසිදු කමක් නැහැ මළමිනී කුණු ගංගා වල පාවෙනවා.(හේ)
ඉන්දියාවේ තියෙන්නේ ලොකු අපායක් දැක්කම හිරිකිතයි !!! ඉන්දියාව ගොඩක් තැන් ඔයවගේ තමයි කිසිම පිරිසිදු කමක් නැහැ මළමිනී කුණු ගංගා වල පාවෙනවා. (ස)
මේ රෙදි හෝදන පිළිවෙළ දැක්කහම පිරිසිදුකම ගැන නම් ඇතිවෙන්නේ අමුතුම හැඟීමක් (නි)
මම හිතුවේ ඕක තියෙන්නේ අපේ ජනමාද්‍ය අමාත්‍යාංශයේ කියලා (ස) .
පිරිසිදු කමක් නම් නෑ.(හේ)
මේ පින්තුර දිහා බැලුවහම,මේ මිනිසුන් ගැන පුදුම කනගාටුවක් ඇති වෙනවා.ලෝකයේ ලොකුම එළිමහන් ලොන්ඩරිය තියෙන්නේ ඉන්දියාව කිව්වාට ඒක වැරදියි මම හිතන්නේ.ඒක තියෙන්නේ අපේ මේ ලංකාවේ.(හේ)
පච වන්සගේ වංශ කතාවේ තියෙන කතා වලට අනුව ලොකුම ලොන්ඩරිය තියෙන්නෙ ලංකාවේ(අ)
දුක හිතෙනවා මේ මිනිස්සු ගැන .නමුත් අපිරිසිදු ආකාරයක් පෙනෙන්නේ.මේවගේ හෝදලා ඇන්දොත් හැදෙන ලෙඩ ගැන හිත ගන්න බැහැ.(හේ)
වෙන්න බෑ , ලොකුම ලොන්ඩරිය තියෙන්නේ ලංකාවේ දියවන්නාව ආශ්‍රිතව..(හේ)
දුක්බර ජීවිතයක්.(හේ)
මේ මිනිස්සු පඩි හම්බ වුනත් ඉතා දුක්බර ජීවිතයක් තමයි ගත කරන්නේ, සමහර මෙවැනි ආයතන වල ළමයි වහල්ලු වගේ වැඩ කරනවා. (හේ)
හරිම පවු. වහිද්දි කොහොමද රෙදි වේලන්නේ?(හේ)
මේකේ උපාධිධාරියෙක් වෙන අපේ කවුරුවත් නැද්ද? (නි)
මේ ප්‍රවෘත්තිය දැක්කහම අපේ ඇමතිතුමාලට මොනවා හිතෙයිද දන්නේ නැහැ. (නි)
ඉන්දියාවේ පැත්තේ තියෙන ලස්සන කොහොමද?(හේ)
ඒ විදියට රෙදි හොදනවා දැක්කම ඇදුම් අදින්නත් අසා නෑ.(හේ)