IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලේකම් භික්ෂු වාට්ටුවේ : ප්‍රා මන්ත්‍රීට ඇප

සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දන පත්මසිරි මහතාට වතුර වීදුරුවකින් ගැසූ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන බාලසූරිය රුපියල් පනස් දහස ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා නියෝග කළේය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙනුවෙන් නීතීඥවරුන් දස දෙනකු පමණ පෙනී සිටි අතර ඔවුන් කීවේ පැමිණිලි කාර ලේකම්වරයා කිසිදු අසනීපයක් නැතිව රෝහලේ භික්ෂු වාට්ටුවේ සිටින බවයි.

පහර කෑම නිසා ඔහුට ආබාධයක් වීනම් වෙනත් රෝහලකට නොගොස් එම රෝහලේ භික්ෂු වාට්ටුවේ සිටින්නේ ඇයිදැයි නීතීඥවරු විමසූහ.

ඔහුගේ පැමිණිල්ල බලපෑමකට කළ එකක් බව ද ඔවුහු කීහ.

පැමිණිල්ල ජනවාරි 28 වැනි දා නැවත කැඳවීමට නියමිතය.

 

 



අදහස් (0)

ලේකම් භික්ෂු වාට්ටුවේ : ප්‍රා මන්ත්‍රීට ඇප

රූපවතී Friday, 24 October 2014 04:37 AM

අර ජයලලිතාට වගේ මේ මිනිසුන්ටත් දැඩි දඩුවම් දෙන්න ඕනෑ. මාසගානක් ඉර එළියවත් නොපෙනෙන තැනක තියන්න ඕනෑ. සදාචාරයක් පෙනෙන මානයකවත් නැහැ. (නි)

:       0       0

කුමාරි Friday, 24 October 2014 04:50 AM

දෙන්නම චන්දනලද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site