සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දන පත්මසිරි මහතාට වතුර වීදුරුවකින් ගැසූ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන බාලසූරිය රුපියල් පනස් දහස ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා නියෝග කළේය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙනුවෙන් නීතීඥවරුන් දස දෙනකු පමණ පෙනී සිටි අතර ඔවුන් කීවේ පැමිණිලි කාර ලේකම්වරයා කිසිදු අසනීපයක් නැතිව රෝහලේ භික්ෂු වාට්ටුවේ සිටින බවයි.
පහර කෑම නිසා ඔහුට ආබාධයක් වීනම් වෙනත් රෝහලකට නොගොස් එම රෝහලේ භික්ෂු වාට්ටුවේ සිටින්නේ ඇයිදැයි නීතීඥවරු විමසූහ.
ඔහුගේ පැමිණිල්ල බලපෑමකට කළ එකක් බව ද ඔවුහු කීහ.
පැමිණිල්ල ජනවාරි 28 වැනි දා නැවත කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ජයලලිතාට වගේ මේ මිනිසුන්ටත් දැඩි දඩුවම් දෙන්න ඕනෑ. මාසගානක් ඉර එළියවත් නොපෙනෙන තැනක තියන්න ඕනෑ. සදාචාරයක් පෙනෙන මානයකවත් නැහැ. (නි)
දෙන්නම චන්දනලද? (නදී)