රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ලබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 24 වැනි දා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසු වූ රේගු නිලධාරීන් දෙදෙනා ලබන 31 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
රේගු අධිකාරීවරුන් වන ලසන්ත විමලවීර සහ උපාලි සෙනරත් වික්‍රමසිංහ ඔවුහුය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර රේගු අධිකාරීවරයෙක්, නියෝජ්‍ය අධිකාරීවරයෙක් හා අතිරේක අධිකාරීවරයෙක් සැකපිට අත්අඩංගුවටය ගනු ලැබ ඇප පිට සිටිති.
ලංගම රිය අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් එම අමතර කොටස් මුදා හැරීම සඳහා මෙම අල්ලස ලබා ගත්තේයැයි ද, එය ශ්‍රී ලංකාවේ ලොකුම අල්ලස යැයි ද අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කළේය.
ගිය වසරේ ඔක්තොබර් 15 වැනිදා මෙම අල්ලස් සිද්ධිය වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගු බදු වල කිසිම විනිවිදබාවයක් නැහැ. කිසිම විදියටක රේගු බදු අයකරන ප්‍රතිශතය ඔවුන් ජනතාවට පෙන්වන්නේ නැහැ. ලංකාව බාල බඩු ආනයනය සඳහා පාරාදීසයක් බවට පත්කරලා තියෙන්නේ පාර්ලිමේන්තුව සහ රේගුව විසින් කියායි මම නම් හිතන්නේ. යම් බඩුවක් ලංකාවට ගෙන්වූවිට රේගුව අයකළයුතු බද්ද ගැන ලංකාවේ ජනතාවට පැහැදිලිව දැන ගතහැකි ක්‍රමයක් නැහැ (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)