IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලොකුම අල්ලසේ රේගු දෙන්නා යළි රිමාන්ඩ්

රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ලබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 24 වැනි දා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසු වූ රේගු නිලධාරීන් දෙදෙනා ලබන 31 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

රේගු අධිකාරීවරුන් වන ලසන්ත විමලවීර සහ උපාලි සෙනරත් වික්‍රමසිංහ ඔවුහුය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර රේගු අධිකාරීවරයෙක්, නියෝජ්‍ය අධිකාරීවරයෙක් හා අතිරේක අධිකාරීවරයෙක් සැකපිට අත්අඩංගුවටය ගනු ලැබ ඇප පිට සිටිති.

ලංගම රිය අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් එම අමතර කොටස් මුදා හැරීම සඳහා මෙම අල්ලස ලබා ගත්තේයැයි ද,  එය ශ්‍රී ලංකාවේ ලොකුම අල්ලස යැයි ද අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කළේය.

ගිය වසරේ ඔක්තොබර් 15 වැනිදා මෙම අල්ලස් සිද්ධිය වාර්තා විය.



අදහස් (0)

ලොකුම අල්ලසේ රේගු දෙන්නා යළි රිමාන්ඩ්

කින් බෙනට් Thursday, 24 March 2016 07:16 AM

රේගු බදු වල කිසිම විනිවිදබාවයක් නැහැ. කිසිම විදියටක රේගු බදු අයකරන ප්‍රතිශතය ඔවුන් ජනතාවට පෙන්වන්නේ නැහැ. ලංකාව බාල බඩු ආනයනය සඳහා පාරාදීසයක් බවට පත්කරලා තියෙන්නේ පාර්ලිමේන්තුව සහ රේගුව විසින් කියායි මම නම් හිතන්නේ. යම් බඩුවක් ලංකාවට ගෙන්වූවිට රේගුව අයකළයුතු බද්ද ගැන ලංකාවේ ජනතාවට පැහැදිලිව දැන ගතහැකි ක්‍රමයක් නැහැ (නි)

:       0       0

සම්පත් Thursday, 24 March 2016 07:31 AM

කරන කලට පවු මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site