ඇතැම් පුදු්ගලයන් ජීවිතාන්තය දක්වා ජනාධිපති ධූරයේ රැදී සිටින්නට උත්සාහ දරණ කාලයක තමන් ලද ජනාධිපති ධූරය වසර හතරකට සීමා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටීම ගැන අසා තමා පුදුමයට පත්වූ බවත්, මානව හිමිකමි සුරැකීම පිළිබද හැගීමක් ඇති තවත් නායකයකු ඇතැයි තමන් නොසිතන බවත් හිටපු කතානායක වී.ජ.මූ.ලොකුබණ්ඩාර මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී කීවේය.
බුදු රජානන් වහන්සේගේ දේශනා තුළ ඇතළත් ව ඇති ආකාරයට පුද්ගලයෙකුට තනතුරක්, බලයක් හිමිවූ විට බලයට තනතුරට ගිජු නොවී, මුලා නොවී, නොඇලීමෙන් කටයුතු කළ යුතුවා මෙන්ම එන්නා වූ අනතුරු පිළිබඳව ද විමසිලිමත් විය යුතු බව ලොකුබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති ධූරයට පත්වූ පසු එමගින් උඩගු නොවී ජනාධිපති මන්දිරය පවා ප්‍රතික්ෂේප කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති, සියල්ල අතහැරීමේ මේ උතුම් ගුණාංගය ප්‍රගුණ කර ඇතැයි ද ඒ මහතා පැවසීය.
යහපාලනය අර්ථවත් වන්නේ එබදු පුද්ගලයින් නිසා බව කී ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කරන ලද උදාර සේවය කිසිකලෙක කිසිවෙකුට අමතක නොවන බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය ඇති කෙනෙක් ගැන නියම වර්ණනාව ඇසෙන්නේ බලය අහිමි උන කලටය (නදී)
ශ්‍රී ලංකා දේශපාලනය ට ගැලපෙන අන්දමේ ප්‍රකාශයක්. අද එකක් හෙට තව එකක් අනිද්දා වෙනමම එකක්. කොහොම නමුත් ජනපතිවරයා හොඳ මනුස්සයෙක් වගේ තමයි අපිටත් හිතෙන්නේ. (නදී)
කෝ මේ පිවිතුරු යහපාලගේ අදහස්? පිවිතුරු යහපාල පිවිතුරු යහපාල පිවිතුරු යහපාල කෝ මේ පිවිතුරු යහපාල (නදී)
පුතා එකක් කියනවා තාත්ත තව එකක් කියනවා. අපිට තේරෙන්නේ නැහැ. (නදී)
ලොකු බණ්ඩාර මත්තයා ඇත්ත ඇති සැටියෙන් දැක්ක කෙනෙක් එතුමා ට ප්‍රණාමය. ජනතාවත් ඇත්ත තේරුම් අරගෙන ඉන්නේ. (නදී)
ෆේස් බුක් එකේ තියෙනවා හොඳ හොඳ සංස්කෘතික පින්තුර ටිකක්. ඒවා නවත්වන්න බලන්න . අනුන්ගේ හොඳ කිය කියා ඉන්නේ නැතුව.(නදී)
පතෝල සහ කරවිල අතර වෙනස හැමෝම දන්නවා (නදී)
කෙනෙකුට බලය තියන විට වර්ණ කරනවා, ගරු කරනවා බලය නැති විට අපහාස කරනවා. ඒවා තමන්ගේ වාසියට කියන කතා (නදී)
අනේ ලොකුබණ්ඩාර මහත්තයෝ, සිංගප්පුරුව වැනි රටවල මොකද උනේ? අපිට ඕනි පෞද්ගලික දේවල් නෙමෙයි රට ගොඩ ගන්න. (නදී)
ශ්‍රී ලංකාව තවත් සිරියාවක් කරන්න ගිය ගමන පහුගිය ජනවාරි 8 වෙනිදා නතර කළා. අපගේ ජනාධිපති තුමාට අපි සදා ණය ගැතියි (නදී)
ලොකුබණ්ඩාර මහත්තයට ජයශ්‍රී! (නි)
මිනිසෙකුගේ උතුම් ගතිගුණ පෙනෙන්නේ තවත් මිනිසෙකුටම පමණයි (නි)
ලොකුබණ්ඩාර මැතිඳුණි, යන්තම් ඇති. ශ්‍රී ලාංකික බුද්ධිමත් ජනතාව ඔබට වඩා ඉදිරියෙන් . (නි)
ජනතාවගේ හද ගැස්ම තේරුම් ගන්නා අවංක දේශපාලකයන් තෝරාගන්න (නදී)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! මොකද දන්නෙ නැහැ හදිසියේම? (නි)
අනේ මහත්තයෝ! (නි)
ආයෙත් පිම්මක් පනින්නවද්ද හදන්නේ? (නි)
ඒකත් එහෙමද? අපි එහෙනම් පුතා ගැන 17 බලාගන්නම් (නි)
ආ! මම බැලුවා ඒත් මොකද මේකට මෙච්චර ප්‍රමාද කියලා (නි)
පුතා මහින්දගේ හොඳ කියනවා. තාත්තා මෛත්‍රීගේ හොඳ කියනවා. අපි තමයි බලනකොට මෝඩයෝ (නි)
මුලදී එහෙම කිව්වට අපි නම් මේ ටිකට ක්‍රියාවෙන්ම දැක්කා ඇත්ත. තව කල් යනකොට තේරෙයි අනෙක් හරියත් (නි)
මෙතුමාගේ කතාව නම් හොඳයි. (නි)
මොනවාහරි තනතුරක් බලාපොරොත්තුවෙන්වද්ද? (නි)
කවුරු අමුතුවෙන් කිවුවත් නැතත් එතුමා කොහොමත් හොඳයි තමයි (නි)
කලකට පසුව ඔබ ඇත්ත ප්‍රකාශ කිරීම ගැන අපිට සතුටුයි (නි)
මෙතුමා කියන්නේ ඇත්ත (නි)
එතුමා කොච්චර හොඳ කෙනෙක්ද? (නි)
මමත් මේ කතාවට එකඟයි (නි)
එතුමා නම් ඕවට රැවටෙන්නේ නැතිවෙයි (නි)
ඒ නිහතමානීකම අපි කවදත් දැක්කා. එයයි එතුමාගේ ජනප්‍රියත්වයට හේතුව (නි)
මොනවාහරි බලාපොරොත්තු වෙනවා වගේ මට නම් දැනෙනවා (නි)
ඒ උනාට මෛත්‍රී මහත්තයා නම් හිතන්නේ මේ අවුරුදු 5 ත් වැඩියි කියලා වැටුණු අමාරුවේ තරමට. එතුමා දැන් තමයි දන්නේ දේශපාලනයේ යෙදෙන්නේ මොන තරම් අන්ඩපාලයෝද කියලා. තව පොඩ්ඩෙන් ඔක්කොම බලතල ටික උදුරාගෙන නිකම්ම නිකම් ජනාදිපති වෙනවානේ. සෞඛ්‍ය ඇමතිකම නම් මොනවා හරි කියා කියා හිටියා ඔය වකුගඩු රෝගීන් ටික මැරුණට. (නදී)
මොකක්ද දන්නෙ නැහැ මෙතුමාගේ අලුත්ම බලාපොරොත්තුව? (නි)
දසරාජ ධර්මයට අනුව රට ගෙනියන්න සැරසෙන නායකයෙක්. සුබ පතනවා. (නදී)
දැන් නම් මහින්දගේ නැව ගිලිලා ඉවරයි. 18 වෙනිදා උදේ වෙනකොට කළ පව් වල ප්‍රතිඵල ලැබේවි (නි)
ආණ්ඩුකර කමක් ගන්න බලගෙන වගේ. (නදී)
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ! (නි)
ඇත්ත ප්‍රකාශ කිරීම ගැන බොහොම ස්තුතියි (නි)
මහත්තයෝ! ප්‍රතිපත්තියක් නැතිකමත් එක්තරා ප්‍රතිපත්තියකි. (නදී)
චන්දන -ඕස්ට්‍රේලියා, පිවිතුරු යහපාල, පිවිතුරුට දෙන්න මට උත්තර නැහැ (නි)
මේකට කියන්නේ "විජ්ජාවෙන් ජනතාව මුලකිරිම" (නදී)
ඒ වුනාට අපේ මහින්ද මහත්තයත් බලයට කවදාවත් කෑදර කෙනෙක් නෙවි නේ. (නදී)
මෛත්‍රී මහත්මයා බලයට කෑදර කෙනෙක් නොවෙයි. රටට, ජනතාවට ආදරය ඇති අවංක ජන නායකයෙක්.(නදී)
මහින්ද මහාතාට ගහපු අතුල් පහරක්. සත්‍ය නම් එ්කයි. පුතාගේ මනාප වලට මොනවා වෙයිද? (නදී)
වාසියට මෙහෙම කියන අය බණද වැදී බණද මහත්තයෝ (නදී)
එතුමා ඇත්ත ඇති සැටියෙන්ම දකින කෙනෙක්. (නදී)
පුතාටත් ගෙදර ගිහිල්ල තේරුම් කරලා දෙන්න (නදී)
කමක් නෑ තාත්තා මෛත්‍රීට පුතා මහින්දට (නදී)
ඔක්කොටම කලින් සොයා බලන්න අර අන්තර්ජාලයේ සංසරණය වන පුතාගේ පින්තුර ගැන. මෙහෙ අනුන්ගේ ප්‍රශස්ති ගීත ගැයුවා වගේ නෙවෙයි. (නදී)
ලොකුබණ්ඩාර මහත්මයාට නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ ආණ්ඩුකාර පදවියක් වත් ඕන වෙලාද (බ)
හැරෙනකොට අපි නම් දන්නවා පොල්පැලේට කියල .ලජ්ජා නැති කම දේශ පාලකයන්ගේ මුලික සුදුසුකම වෙන්න ඇති (බ)
දැන් ඉතින් ඔහොම නොකියා බැරී තැනට පත්වෙලා , කලකදී වහලු කලකදී රස වෙනවාලු, කියා අපේ පැරණි කියමනක් තිබෙනවා (බ)
ජනාධිපතිතුමා ඉතාම නිහතමානී අවංක කෙනෙක්. හැබැයි එුමන්ට වැඩේ කරන්න අනික් අය උදව් කරයිද දන්නෑ. හැබැයි එතුමාගේ වැඩපිළිවෙළ ගෙනියන්න මහින්ද මහත්තයානම් හරියන්නේ නෑ (බ)
මෛත්‍රී හොඳ නැති නම් රුපියල් කෝටි 250 ක් වියදම් කරලා තමන්ටම කියල තනියම යන්න අදි සුඛෝපභෝගී ගුවන් යානයක ඇනවුම කැන්සල් කරාවිද ?තේ කහට කෝප්පය බීල සපත්තු දෙකක් නැතිව පාසල් යන ලක්ෂ සංඛ්‍යාත දරුවන් සිටින රටක හදවතට එකඟව එහෙම කරන්න පුලුවන්ද? (නදී)