බත්තරමුල්ලේ පැලවත්තේය. ලක්දිය මැදුරයි. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය පිහිටියේ ඒ මැදුරේය. මැදුර ඉදිරිපිට මැසි මදුරු මැදුරකි. කුණු කාණුවකි. කෙටල, ගහල, මානා, හබරල වැනි වගුරු බිම් ශාඛයෝය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිනිය අඟහරුවාදා එහි වැඩ බාරගත්තාය. ඇය පිළිගැනීමට අමාත්‍යංශය ඉදිරිපිට තොරණකි. තොරණ ගැසූ අයට ඉදිරිපිට තිබූ කුණු කාණුව පෙනී නැති සැටියකි. ලක්දිය මැදුරේ නම කුණු දිය මැදුර යනුවෙන් වෙනස් කළ යුතු යැයි එහි සිටි පිරිසක් කියනු ඇසිණි.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd