නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තම අමාත්‍ය ධූරයේ වැඩ බාරගන්නා දිනයේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම අමාත්‍යංශයේ (ලක්දිය මැදුර) ඉදිරිපිට තිබූ කුණු කාණුව මේ වන විට පිරිසිදු කර ඇතැයි වාර්තාවේ.
ඇමැතිවරිය වැඩ බාරගන්නා දිනයේ මැසි මදුරුවන් පිරී දුඟද හමන කාණුවක්ව පැවැති එය ලංකාදීප එසැණ මගින් පෙන්වා දීමෙන් පසු මෙසේ පිරිසිදු කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (නි)
හොඳ වෙලාවට ඉක්මන් කරලා පිරිසිදු කළේ. (නි)
ඇයි කාණුව ඇතුළේ පිරිලා තියෙන මඩ ගොඩ ඉවත් කරලා නොදැම්මේ? තව සති තුනෙන් ආයෙත් තිබුනා වගේම වෙයි. නගර සභාවේ අයට කියලා වැඩේ හොඳටම කරන්නයි තිබුනේ. අපේ ලංකාදීපේ ගිහින් ඇඟිල්ලෙන් ඇනලා කැමරාවට දාලා නොපෙන්වන්න ඔය කුණුගොඩ කල්ප විනාශය වෙනකම්ම ඔතන. (නි)
වැඩ බාරගත් දිනයේ පමණක් පිරිසිදු කර මදි. එය එලෙසින්ම පිරිසිදු කර තබාගන්න. (නි)
මෙන්න මේවා තමයි කරන්න ඕනෑ (නි)
සුද්ද කළ බවක් මට පෙනෙන්නේ නැත (ම)
කෝ මේකේ මොනාද සුද්ද කරලා තියෙන්නේ? අලුතින් කණුවක් කපල නේ.(අ)
ඇමතිනි ඇවිත් අවට පරීක්ෂා කරලා මේවා දැක්කොත් වග කිවයුතු අයට දොස් කියාවි කියන බයට තමා මෙහෙම පිරිසිදු කරන්ට ඇත්තේ. මේවා නඩත්තු කිරීමට සහ පිරිසිදු කිරීමට කම්කරුවන් නැතුව නොවෙයි. (බ)
බාගෙට වැඩේ කරලා තියෙන්නේ කණුවේ මඩ තියෙන්නේ මොකද ?(ම)
ලෝකේ ලස්සනම පුරවරට වුණ දේ (ම)
හරියට වැඩේ කර නැහැ බෝක්කුව තුල සහ කණුවේ ඇති පස් ඉවත් කර දමන්න (ම)
සරුසාර් කුඹුරු යායක් කියා මානම් පඳුරු පෙන්නු රාජ්‍ය නිලධාරින් ඉන්න රටක්. කොහොම නමුත් දිගටම පිරිසිදුකම පවත්වා ගැනීමට කටයුතු කරන්න. (ම)
අඩියට ගල් අල්ලලා ලස්සනට හදන්න ගොඩක් කල් තියෙන්න (නි)
පඩි අරගෙන වැඩ කරන අය වෙලත් මේ වැඩේ හරියට කරලා නැහැ (ම)
මේවා මීට කලින් කළේ නැත්තේ ඇයි කවුරුවත්? (නි)