ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාව මෙවරද දසවෙනි වරටත් ලංකාදීප පත්‍රයෙන් සිදු කරයි.
විල්පත්තු මහ වනයේ සුවිසල් ගල් තලාවක් මත පිහිටි තන්තිරිමලේ පුදබිම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා විහිදේ.
කෝන්ගස්වැව විමලඥාන නාහිමියන් විසින් සොයා ගැනුනු තන්තිරිමලේ පුදබිමක් කරන ලද්දේ හිටපු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙකු වූ සිරිල් මැතිව් මහතා විසිනි.
තුන්දින අලෝක පූජාවට ලංකාදීප පත්‍රය ඵලකරණ විජය පුවත් පත් සමාගම බැතිබර දායකත්වය දෙයි.
තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම් මාලාව සංවිධානය කර ඇත.
.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි උතුම් පින්බිමක් ඉතා ශ්‍රද්ධාවෙන් පින්වතුන්ට වන්දනාමාන කරන්න ඉඩසලසාදුන් අති ගවුරවනීය මහා සංගරත්නයටත් ගිහි පින්වතුන්ටත් පින්සිදු වේවා!මෙවැනි අති උතුම් පින්කමක් කල විජය පුවත්පත් සමාගම දියුණුවෙන් දියුණුවටම පත්වේවා! (අ)
දෙමාපියන්ට කලගුණ සැළකීමට ඔවුන්ව කරේ තබාගෙන අවුරුදු සියයක් උපස්ථාන කළත් නොහැකිය කියා ගෞතමයන් දේශනා කර තිබෙනවා.නමුත් සුළුවෙන් හෝ කලගුණ සැලකීමට අපට හැකිකම තිබෙන්නේ ධර්මය අසා අවබෝද කරගැනීමට අවස්ථාවක් නොලබන දෙමාපියන් හට ධර්මය අසා දැන ගැනීමට අවස්ථාව ලඟා කර දීමෙන්ය. මෙහි පලවී තිබෙන මුල් ඡායාරූපය කියාදෙන්නේ එයයි....ඒ වෙනුවෙන් මගේ බැතිබර ප්‍රණාමය ඡායාරුප ශිල්පියාටත් , ඒ මවට උපකාර කරන සෙස්සන්ටත් පුදකර සිටිමි. (නි)
සාදු ! සාදු (අ)
මේ මහා පින්කම සංවිධානය කරන ලංකාදීප හා විජය පුවත්පත් සමාගමටත්, ආරම්භක කෝන්ගස්වැව විමලඥාන නාහිමියන්ටත්, කවදත් සිංහලයන් වෙනුවෙන් හඬ නැගු අභාවප්‍රාප්ත සිරිල් මැතිව් මැතිදුන්ටත්, දැන් මේ කටයුතු මෙහෙයවන තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන්ටත් තන්තිරිමලේ පුදබිම අප වෙත අද තත්වයෙන් දායාද කරදීමට මුල් වූ හැමටත් මේ පින් මහිමය අත්පත් වේවා!!! සාධු සාධු සාධු!!! (ස)
මතු බුදු බව පතන, මිනිසුන් සැදැහැ සිතින් බුදු පුදට යන සිල්ල්වතුනට තෙරුවන් සරණයි.(ස)
මෙම සද් කාර්යය වෙනුවෙන් දායක වන විජය පුවත් පත් සමාගමටත් අපිට නැව්ම් තොරතුරු සපයන ලංකාදීප කාර්ය මණ්ඩලයටත් ලෝකවාසී බෞද්ධ ජනතාවටත් යම් දිනෙක සසර කතරින් මිදී නිවන් පුරයට යන්නට හේතු වාසනා වේවා කියල ප්‍රර්ථනා කරනවා! (ස)
සාදු සාදු ධර්මයේ හැසිරෙන මිනිසුන් පහළවෙන ලකුණු පෙනෙනවා. ලංකාව තුල මේ වගේ දේවල් කරපු ලංකාදීපයටත් මේ පින් අයිතිවේවා. ! සාදු ! සාදු ! (ස)
පසුකලෙක තිවංක බමුණු ග්‍රාම බවට පත්වූ උපතිස්ස ග්‍රාම ලංකාදීපයෙන් ආලෝකමත්වීම සතුටක්. බොහොම ඉස්සර ලේක් හවුස් එකෙන් රුවන්වැලිසෑය ආලෝකමත් කිරීම ආරම්භ කිරීම නිසා අනුරාධපුරයට ඇදෙන ජනගඟ ක්‍රමයෙන් අතිවිශාල වුණා. ශ්‍රී මහා බෝධිය ගෙනෙන අතරතුර මේ ස්ථානයේ ලැගුම් ගත් බවත් මෙහි පිහිටා ඇති ඉපැරණි බෝධිය ශ්‍රී මහා බෝධිය සමගම ගෙනා අංකුරයකින් රෝපණය වුවක් හෝ මුල්ම ශ්‍රී මහා බෝධියම වීම වුවත් විය හැකියි. මන්ද එකවර රටතුලට එවැන්නක් ගෙන ඒමට එරෙහිව එවකට පැවති දේශපාලන බලපෑම් නිසා සහ දෙමළෙන් තන්ගේතිරුමලෙයි ලෙස මේ ග්‍රාමය හැඳින්වීමෙන් එය තහවුරු වන නිසා.(නදී)
ඇත්තෙන්ම හරි ලස්සන පුජා භූමියක්, පින්කම සංවිධානය කරන ලංකාදීප හා විජය පුවත්පත් සමාගමට ලොව සිටින සියලුම හෙළයන් ස්තුති කළ යුතුයි. මෙවැනි පින්කම් මාලා තුලින් පමණයි මිනිසා සුමගට හැරවිය හැකි එකම ක්‍රමය. ලක්වැසි සැමට සාමයෙන් සතුටින් පිරි වාසනාවන්ත හෙට දිනක් පතමි. (නි)