මියගිය ගායක ගුණදාස කපුගේ මහතාගේ බෙන්ස් මෝටර් රථය සම්බන්ධ නඩුව සමථයකට පත්කරගන්නා බව මහර අධිකරණයේදී සඳහන් විය. කපුගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ බර්නි අල්විස් මහත්මිය මෙම නඩුව ලංකාදීප පුවත්පතේද ලංකාදීප වෙබ් අඩවියේද පළවීමෙන් ලොව පුරා ප්‍රචාරයක් ලැබුණු බව කීවාය. නඩුව සමථයකට පත් කර ගැනීමට කැමැති බවත් ඒ සඳහා කෙටි දිනයක් දෙන ලෙසට ඉල්ලා සිටියාය. මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය : නඩුවේ හදිසි සම්මථයක් කර ගන්නේ ඇයි? නීතීඥවරිය - ලංකාදීප වෙබ් අඩවියේ පළවීම නිසා කපුගේ මහත්මියට පිටරට හිතවතුන්ගෙන් ඇමතුම් ලැබුණා. ඒ නිසා නඩුව අවසන් කර ගැනීමට අදහස් කරනවා. එතෙක් රථය මීගහවත්ත පොලීසිය භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරිය නියම කලාය. කපුගේ මහතාගේ මෝටර් රථය අලුත්වැඩියාව සඳහා දෙල්ගොඩ පිහිටි ගරාජයකට බාරදී තිබේ. රුපියක් හය ලක්ෂයක් පමණ වන බිල නොගෙවීයැයි ගරාජ් හිමියා කපුගේ මහත්මියට එරෙහිවදල කාරය අලුත්වැඩියා නොකළැයි කපුගේ මහත්මිය ගරාජ් හිමියාට එරෙහිව නඩු දෙකක් පවරා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මිනිස්සුනේ නුඹලා කපුගේ මහත්තයාගේ සින්දු ඇහුවට ඒ මනුස්සයාගේ පවුලට සත 5 දීල තියෙනවද ජීවත් වෙන්න? නිකන් බොරුවට කට තිබුණු පලියට කියවන්න එපා.. ඒ මනුස්සයා අමාරුවෙන් හම්බු කරලා තමන්ගේ පවුලේ අයට අරගෙන දුන්නු වාහනයක් වෙන්න බැරිද ඔය කියන කාර් එක? අනිත් එක ඒ මනුස්සයාට කියලා කාර් එකක් ගන්න බැරිද? ගන්න අයිතියක් නැද්ද? ඔය කපුගේ කියන මිනිසා රත්තරන් හදවතක් තිබ්බ මනුස්සයෙක්.
මම බෙන්ස් එකක් ගත්ත ගනන ලක්ස 3යි.ඉතින් ඔයතරම් කලබල මොකද?
බෙන්ස් කියන්නේ කාර් එක්ක මිසක් ප්ලේන් එකක් නෙමෙයි.ඇරත් ඒකේ වටිනාකම ලක්ෂ 10-2්‍ත් අතර ගැණක් වෙන්නේ.ඒකේ නමට බය වෙන්න එපා
මේ උසස් පුද්ගලයා ඉපදුනේ මගේ ගමේ.ගොඩක් මිනිස්සු දන්නවා ඔහු කොච්චර දයාබර, කරුණාබර, සරල මිනිසෙක්ද කියලා.අපි ඔක්කොම සැප විදින්න කැමති නම් ඔහු කළාම මොකද?
ඇයි මිනිස්සු බෙන්ස් කියන නමට මෙච්චර බය...බෙන්ස් පාවිච්චි කරන අයට ඉරිසියා කරන්නෙ.....ගරහන්නෙ.....
දිනූෂි, ඔයා හරි.ඔය කාර් එක එච්චර වටින්නේ නැති එකක්.අලුත් වැඩියාවට ගිය ගාණෙන්ම පේනවා ඒක.කපුගේ ගැන දන්න අය දන්නවා.
තමන්ට සල්ලි තියෙනව නම් බෙනස් බැරිනම් ලිමොසීන් ගත්තම මොකද? කවුරුවත් නිකම් බොරුවට දුක්විදින්න අවශ්‍ය නෑ.
සමාජවාදියෝ කී දෙනෙක් විවිධ දේ පාවිච්චි කරනවද?අපි හැමදාම ඕවා හොයන්න ගිහින් අතරමං වෙලයි ඉන්නේ.දැන් ඔය ඕනතරම් ඉන්නේ අපිට සේවය කරන්න ගිහින් ඕනතරම් මොන්ටෙරෝ වල,බෙන්ස් වල යන කට්ටිය.කෝටි ගණන් වල ගෙවල් හදපු ධර්ම රාජ්‍යයේ කට්ටියත් ඉන්නේ.කපුගේ සාධෘරණයි!
සමාවෙන්න.ඔහු හොද ගායකයෙක්.ඔහුට අගෞරව කිරීම මිනිස් කමටත් නිගාවක්
කපුගේ මහත්තයට බෙන්ස් එකකුත් තියෙනවද? වෙන්න බෑ. ඒ කපුගේ නෙමෙයි මම හිතන්නේ. වෙන කපුගේ කෙනෙක් වෙන්න ඇති.පිඩිත පංතියට සින්දු කිවුවෙ. සමාජවාදී පක්ෂයේ හිටියේ. එතකොට බෙන්ස් ගන්න විදිහක් නෑනේ.මේක රවුන්රෝල් කතාවක්. පිස්සු හැදෙනවා. මොලේ විකල්ප වෙනවා.ආකල්ප අදහස් එන්නෙම නෑ මොලේට.
සයිබර් ලොක්කා කියන කතාව ඇත්ත
කරුණකරලා කපුගේ කියන මනුස්සයා ගැන නොදැන ගරහන්න එපා
සමාවෙන්න.ඔහු හොද ගායකයෙක්.ඔහුට අගෞරව කිරීම මිනිස් කමටත් නිගාවක්.කරුණකරලා කපුගේ කියන මනුස්සයා ගැන නොදැන ගරහන්න එපා
ගුණදාස කපුගේ බෙන්ස් රියක ගියාම තිබෙන වැරැද්දක්ද?එහෙම නම් මිනිස්සුන්ගේ දුක වේදනාව ගැන ගිරිය පුප්පගෙන මැතිවරණ වේදකාවල ගෑගහලා බලයට ආවාම ඉන්ටකූලර්, ප්‍රාඩෝවල ආරක්ෂකයොත් පිරිවරාගෙන ඉගිලෙන එකද හරි ? ගුණදාස කපුගේ කියන්නේ මමත් ඉතාම ප්‍රියකරන ගීත ගායනා කරපු මහ පොළොවේ පය ගහලා ජීවත් වුණු ශිල්පියෙක්.එතුමා නැති අඩුපාඩුව යළි අපේ සමාජයට කෙසේවත් පියවන්න නම් බැහැ.නමුත් ජීවතුන් අතර නැති කෙනෙකුගේ නැති ගුණ කියන මිනිසුන් සිටින සමාජයක ජීවතුන් අතර නැති කෙනෙකුගේ නැති අඩුපාඩු ඉස්මතු කරමින් තිබෙන හොඳ ගතිගුණ යටපත් කිරීමට උත්සාහ දරන කෙළෙහිගුණ නොදන්න මිනිසුන් අතර ජීවත්වීමට ලැබීම අපේ අභාග්‍යයක්.මිනිස්සු මහන්සි වෙලා හොයා ගන්න දෙයින් බෙන්ස් බැරිනම් මොක ගත්ත මොකද? බෙන්ස් කියන්නේ කාර් එක්ක මිසක් ප්ලේන් එකක් නෙමෙයි.ඇරත් ඒකේ වටිනාකම ලක්ෂ 10-20ත් අතර ගාණක් වෙන්නේ.ඒකේ නමට බය වෙන්න එපා
කපුගේ මහත්තයා මිනිස්සු සනසන්න ගීත ගැයුවා මිසක් මිනිස්සු රවට්ටන්න ගීත ගැයුවේ නෑ
බොහෝ දෙනක් හරි.නමුත් සමහරක් ඉන්නවා හරක් වගේ හිතන.කපුගේ මහත්තයාගේ බෙන්ස් එක පරන මොඩ්ල් එකක් වෙන්න බැරිද?අනික එතුමා බෙන්ස් එකක් ගත්තත් ඒ ගත්තේ ඕනි නෑති වැඩ කරලා නෙමෙයි.උගුර ලේ රහ වෙනකල් සිංදු කියලා
වාහන වර්ගයක් දුටු ගමන් හිත සසල වන්නේ ඇයි? කපුගේ උනත් වාහනයක් ගත්තේ අවසාන කාලයේ. විදපු දුක් දන්න කපුගේ ගේ පවුලේ අයයි. වාහනය ගත්තේතත් අවසාන කාලයේ බැරිම තැන සන්ප්ලවර් සමග කැසට් පටියක් කරල. මේ ලොකුවට කථාකරන කිසිවකු කපුගේ උන්නාද මලාද කැවැද නැද්ද කියා දන්නේ නැති අයයි. මනුස්සයෙක් වාහනයක් ගෙයක් දොරක් ගත්තාට සිත කම්පා කරගන්න එපා. හැමෝටම වාහනයක් ගෙයක් දොරක් හදාගෙන සන්තෝසයෙන් ඉන්න පාර්ථනා කරන්න. ඔබේ හිතේ වේදනාව තේරෙනවා. කමක් නැහැ මහත්වරුනේ හොරකම් නොකර දක්ෂතාවයෙන් හරි හම්බකරලා වාහනයක් ගන්න බලන්න. හිතට වේදනාව ඇතිවෙනවා තමයි. ඉතින් මොනවා කියල කරන්නද? කමන්ට් දැම්මම තුනී වෙනවායැ.
කපුගේ මහත්තයා නැති උනාට ඒ පවුලේ අය ඉන්න එපායැ.එයාලා ඒ නඩුව බේර ගනීවි.අපි නිකන් කලබල වෙන්න ඕනි නෑ
මේ කමෙන්ට් දාන බොොහ් දෙනෙක් කපුගේ ගැන දන්‍ේන නැති හැඩයි.. කරැණාකරල කපුගේ ගෙ චරිතය ගැන හොයල බලලා දැනගන්න ලියන්න.. එයාට තිබුණෙ පරණ කහ පාට බෙන්ස් කාර් කෙක් 7 ශ්‍රී වගේ මතක..
ගුණදාස කපුගේ යනු ලංකාවේ මැක්සිම් ගොර්කිය.අවාසනාවකට බොහෝ අය ඔහුගේ වටිනාකම වටහා ගත්‍තේ නැහැ.මාවත්,මගේ පියාවත් ඔහු තරම් ප්‍රකම්පනය කළ වෙනත් ගායකයෙකු නැත.කපුගේ,හැකිනම් අපට සමාව දෙන්න.
කවුරු හරි එකෙක් එතුමාව අමාරුවේ දාන්නද කොහෙද ඇගේ ගහපු පරණ බෙන්ස් තඩියක්ද කොහෙද?
කපුගේ මහත්තයා ප්‍රසංග කීයක් නම් කරල ඇතිද සත පහක්වත් ගන්නෙ නැතිව.. ඉස්සර අරකට මේකට ආධාර පිණිස කියල කිව්වහම නොමිලේ සිංදු 14-16 කියපු ප්‍රසංග තියෙනවා.. ලංකාවේ බිහිවූ සැබෑ අවිහිංසාවාදී කළාකරැවා ගුණදාස කපුගේ.. ඔහු අමරණීයයි. ඔහුට ගරහන්න එපා...
ගුණදාස කපුගේ කියන්නේ මමත් ඉතාම ප්‍රියකරන ගීත ගායනා කරපු ශිල්පියෙක්.එතුමා නැති අඩුපාඩුව යළි අපේ සමාජයට කෙසේවත් පියවන්න නම් බැහැ.නමුත් ජීවතුන් අතර නැති කෙනෙකුගේ නැති ගුණ කියන මිනිසුන් සිටින සමාජයක ජීවතුන් අතර නැති කෙනෙකුගේ නැති අඩුපාඩු ඉස්මතු කරමින් තිබෙන හොඳ ගතිගුණ යටපත් කිරීමට උත්සාහ දරන කෙළෙහිගුණ නොදන්න මිනිසුන් අතර ජීවත්වීමට ලැබීමත් අපේ අභාග්‍යයක් කියලයි මට හිතෙන්නේ
මම දැන් කියන්නෙත් කලින් කියපු දේමයි. ඒකේ කිසිඳු වෙනසක් නෑ...
ගුණදාස : ඕක මොකක්ද, ඔයිට වඩා ලොකු කාර් වල ධර්ම රාජ්‍යයට යන්නේ සමහරු.
කපුගේ මහත්තයට බෙන්ස් එකකුත් තියෙනවද? වෙන්න බෑ. ඒ කපුගේ නෙමෙයි මම හිතන්නේ. වෙන කපුගේ කෙනෙක් වෙන්න ඇති.පිඩිත පංතියට සින්දු කිවුවෙ. සමාජවාදී පක්ෂයේ හිටියේ. එතකොට බෙන්ස් ගන්න විදිහක් නෑනේ.මේක රවුන්රෝල් කතාවක්. පිස්සු හැදෙනවා. මොලේ විකල්ප වෙනවා.ආකල්ප අදහස් එන්නෙම නෑ මොලේට.
පීඩිත පන්තියට සින්දු කිව්ව කියල බෙන්ස් කාර් එකක් ගන්න තහනමක් නෑනෙ? ඒක ඒ මනුස්සය දුක් මහන්සියෙන් සින්දු කියල හම්බ කරපු සල්ලි වලින් ගන්න ඇති. මන් අහල තියෙනව කපුගේ මහත්මයා සින්දු කියල උපයපු මුදල් වලින් දුප්පත් අයටයි අසරණ කලා කරුවන්ටයි ගොඩක් උදවු උපකාර කල කෙනෙක් කියල. ඔබ යලි අප අතරේම ඉපදේවා...!!!
කලබල වෙන්න ඕනේ නැහැ. මේක හාමුදුරු මොඩෙල් බෙන්ස් එකක්. වැඩිය ගණන් නැහැ.
සමාජවාදී අදහස් දරණ,පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී සිටින ගුණදාස කපුගේ බෙන්ස් රියක ගියාම තිබෙන වැරැද්ද මොකක්ද?එහෙම නම් මිනිස්සුන්ගේ දුක වේදනාව ගැන ගිරිය පුප්පගෙන මැතිවරණ වේදකාවල ගෑගහලා සංවේදීකම ගැන වැදිබණ දේශනා කරලා බලයට ආවාම ඉන්ටකූලර්, ප්‍රාඩෝවල ආරක්ෂකයොත් පිරිවරාගෙන ඉගිලෙන ඉගිල්ලිල්ලට ඒ උත්තමයන්ට චන්දය දුන්නු මහජනතාව පාරේ කාණුවලට බැහැළ අර ඉස්සර බ්‍රාහ්මණයෝ එනකොට ඉන්දියාවේ ක්ෂුද්‍රයෝ කාණු වලට බැහැල ඉඩ දුන්නා වගේ ඉන්න එකද හරි ක්‍රමය?
මේ මිනිස්සුන්ගේ තියෙන ඉරිසියාවනේ.නැතිනම් මොකද ගුණදාස කපුගේ බෙන්ස් එකකින් ගියාට තිබෙන වැරැද්ද?මේ ගොල්ලෝ චන්දේ දීපු අය ඔය යස අගේට ඊට එහා අධි සුඛෝපභොගී රථවාහනවලට ඔය ඉගිල්ලෙන්නේ අපිව කාණුවලට බස්සාගෙනම..ඒවා හොඳ වැඩද?ඒවා අනුමත කරනවාද? අනුමත කරනවා නම් ඔබට හෘද ශාක්ෂියක් නැත.වහාම ළඟම ඇති ළය චිකිත්සාගාරය ගොස් එක් රේ එකක් ගෙන ඔබට හදවතක් ඇතිදැයි පරීක්ෂා කරවා ගන්න.
ඒ මනුස්සයට යන්න කියන්නේ පයින්ද ??
තෙරුවන් සරණයි මේ උපාසක මහත්තුරු කවුරුවත්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා විවේචනය කරන්න එපා.ඒක චීවරේ ගෞරවයට හොඳ නැහැ. හාමුදුරුනමකගේ යම්කිසි අඩුපාඩුවක් තිබේ නම් උන්වහන්සේලාට පමණක් පෙන්වා දෙන්න.බැරිනම් නායක හාමුදුරුවන්ට කියනවා මිසක් අතන මෙතැන ඉන්ටනෙට් එකේ හාමුදුරුවරුන්වවයි උන්වහන්සේලාගේ ප්‍රතිපදාවයි විවේචනය කරලා උඩ බලාන කෙළ ගහ ගන්න ලෑස්ති වෙන්න එපා කියලා මේ දරුවන්ට බොහෝම ආදරෙන් මතක් කොරලා යන්න ආවේ..වරදවා තේරුම් ගන්න එපා. තෙරුවන් සරණයි..!!!
මේ රටේ අසරණ මිනිස්සුන්ගේ දහඩිය මහන්සියෙන් උපයන බදු මුදලින් සුර සැප විඳ අවසානයේ අවුරුදු 5කට පසු අති විශාල පැන්ෂන් එකක්ද හිමි කරගන්නා භාග්‍යවන්ත දියවන්න ඔය පැත්තේ ඉන්න ඇත්තන්ගේ කෙරුවාව ඇයි සිහිපත් කරලා තව තවත් රැවටී රැවටී ඒ අයව දියවන්නාවටම යවන අතර අහිංසක මිනිසුන් වෙනුවෙන් ගායන දිවිය කැප කළ ,සමාජවාදී කළාකරුවෙකුට ඇයි නින්දා කරන්නේ.එතුමා ළඟ ෆර්ෆියුම් සුවඳ නැතිව දාඩිය ගඳ ගහන නිසාද?
පිඩිත පන්තිය ගැන සින්දු කිවේ, හිට්යේ සමාජවාදී පක්ෂ වල .ඒ උනාට මෙයා යන්නේ බෙන්ස් වල.
රංග ශානී, ඔයාගේ කීමට මාත් එකඟයි...
සමාජවාදය ගල් කැටයක් වුණ කාලේ ඔහු හොද සමාජවාදියෙක්. සමාජවාදය අයිස් කැටයක් වුණ කාලේ ඔහුට සිදුවුණේ වැල යන පැත්තට මැස්ස ගහන්න
මමත් රාජා ගුණරත්න මහතාගේ අදහසම තමයි දරන්නේ.මොකද රංගා ශානි කියන එකේ ලොකු ඇත්තක් තියෙනවා.අද බොරුවට පම්පෝරි ගහන අය මිසක් වැඩක් කරන හරි හමන් නායකයෙක් නැහැ.ඔය පංචායුධ වගේ අයට කවදා හරි වෙන්නේ වැලේ වැල් නැතිව අත්තෙන් අත්තට පනින තෙමිච්ච මොකාටද සතාට වුන හරියම තමයි.වැඩේ කියන්නේම ඒ වගේ අයව පුම්බ පුම්බා හොඳ අයව වළ පල්ලට යවන ක්‍රමවේදයක් දිගින් දිගටම පවත්වා ගැනීමට ආත්මාර්ථකාමී අදහස් අති අය යොමුවී සිටීමයි.
කපුගේ මහත්තයා බෙන්ස් එකක නෙමෙයි ජෙට් එකක ගියත් ඒකේ ප්‍රශ්නයක් නෑ
මමත් රංගා ශානි මහත්මියගේ අදහසට එකඟ වෙනවා.
කපුගේ කියන්නේ හොද ගතිගුණ තියෙන මහ පොළොවේ පය ගහලා ජීවත් වුණු කෙනෙක්.
මිනිස්සු මහන්සි වෙලා හොයා ගන්න දෙයින් බෙන්ස් බැරිනම් මොක ගත්ත මොකද? අනික නරක වැඩ කරල සල්ලි හෙව්වෙ නෑනේ.
මටනම් ලංකාදීප කියවද්දි ලංකාවේ ඉන්නවා වගේ.එසැන පුවත් කරන්නේ ලොකු සේවයක්..
ජීවිතයේ වැඩි කලක් නොයෙක් කෙණෙහිලිකම් වලට බදුන් වුණත්,ඒවා ඉවසාගෙන, ජනතාවගේ හදවත් ප්‍රකම්පනය කළ ඒ ගායකයාට බෙන්ස් එකක් නෙමෙයි rolls ryce එකකු වුණත් අරන් දෙන්න වටිනවා.වෙන රටවල නම් මෙවන් අය ජාතික වීරයන්