පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා මාධ්‍යයට චෝදනා කරමින් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ පොලිසිය අද (21) ලංකාදීප මාණ්ඩලික මාධ්‍යවේදිනී ඉන්දිකා රාමනායකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා එම පරීක්ෂණය පවත්වයි.
කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ දැනුම් දීමක් අනුව පොලිස් මූලස්ථානයට ගිය ලංකාදීප මාධ්‍යවේදිනියගෙන් පැයක පමණ කාලයක් සහකාර පොලිස් අධිකාරී නවාස් මහතා ප්‍රකාශ සටහන් කර ගත්තේය.
විශේෂ කාර්ය බළකායෙන් කළැයි කියන මාධ්‍ය සාකච්ඡාවට ඇයට කතා කළ මොහොතේ සිට සිදුවූ දෑ සහ මාධ්‍ය සාකච්ඡාවේදී සාකච්ඡා වූ දෑ සම්බන්ධයෙන් මාධ්‍යවේදිනිය ප්‍රකාශ ලබා දුන්නාය.
විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා කතා කරන හඬ පටයක් සහ වීඩියෝ පටයක් ද ඇය පොලිසියට බාර දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd