IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලංකාදීප මාධ්‍යවේදිනියගෙන් පැයක ප්‍රකාශයක්

පොලිස් වි‍ශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා මාධ්‍යයට චෝදනා කරමින් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ පොලිසිය අද (21) ලංකාදීප  මාණ්ඩලික මාධ්‍යවේදිනී ඉන්දිකා රාමනායකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා එම පරීක්ෂණය පවත්වයි.

කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ දැනුම් දීමක් අනුව පොලිස් මූලස්ථානයට ගිය ලංකාදීප මාධ්‍යවේදිනියගෙන් පැයක පමණ කාලයක් සහකාර පොලිස් අධිකාරී නවාස් මහතා ප්‍රකාශ සටහන් කර ගත්තේය.

විශේෂ කාර්ය බළකායෙන් කළැයි කියන මාධ්‍ය සාකච්ඡාවට ඇයට කතා කළ මොහොතේ සිට සිදුවූ දෑ සහ මාධ්‍ය සාකච්ඡාවේදී සාකච්ඡා වූ දෑ සම්බන්ධයෙන් මාධ්‍යවේදිනිය ප්‍රකාශ ලබා දුන්නාය.

විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා කතා කරන හඬ පටයක් සහ වීඩියෝ පටයක් ද ඇය පොලිසියට බාර දුන්නාය.



අදහස් (0)

ලංකාදීප මාධ්‍යවේදිනියගෙන් පැයක ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site