IMG-LOGO

ලංකාදීප ඡායාරූප ශිල්පී ඩික්සන් සමුගනී

ලංකාදීප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදියකු වූ ඩික්සන් වසන්ත මහතා හදිසියේ අද අභාවප්‍රාප්ත විය.

තිස් වසරකට අධික කාලයක් විජය පුවත්පත් සමාගමේ සේවය කළ ඔහු ආයතනයෙන් පළ කරන ලංකාදීප, ඉරිදා ලංකාදීප, සිරිකත ආදී පුවත්පත්වලට ඡායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කළේය.

දොඩම්ගොඩ, කොස්වත්ත ජනාධිපති විද්‍යාලයේ ආචාර්යවරියක ලෙස සේවය කරන ඩී.එස් ඉෂ්මිනී සමන්තිකා මහත්මියගේ ආදරණීය සැමියා වූ ඩික්සන් වසන්ත මහතා එක් දියණියකගේ පියෙකි.

ඩික්සන් වසන්ත මහතාගේ දේහය දොඩම්ගොඩ, ජාවිගොඩ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

 



අදහස් (0)

ලංකාදීප ඡායාරූප ශිල්පී ඩික්සන් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 639 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site