මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ජයපතමින් සෙනසුරාදා ගාමිණී ලොකුගේ මහතා බස්නාහිර පළාතේ රැස්වීමකදී පැවසූයේ ලබන 17 වැනිදා ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට බලාසිටින බවයි.
රැස්වීමේ සිටි අය ඔහු නිවැරදි කළහ. ඉන්පසු ලොකුගේ මහතාද වරද පිළිගත්තේය. ‘මට වැරදුණා. මහින්ද දිනවන්නයි ජනතාව සූදානමින් ඉන්නේ‘ යැයි කියමින් ඔහු කථාව හමාර කළේය.
ලොකුගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ බොහෝ කලක් මැති ඇමැතිකම් දැරූ අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිව දෙකේ කබරගොයින්ගෙන් පරිස්සන් වන්න. (නදී)
කෙසේ හෝ ලොකුගේ මහතා සත්‍ය හෙළිකළාට ස්තුතියි (නි)
බොහෝ වෙලාවට බොරුව කියන්න ගියත් සිතේ තිබෙන සත්‍ය ඉබේම කියවෙනවා. පසුව වැරදීමක් කියලා , අර මවපු බොරුව කියනවා. (නි)
කින් බෙනට්, මොනවා වෙන්නද? තව ලොකු ගෙයක් හදාගනිවී. (නි)
වයස නිසා අමතකවීම වැඩියි (නි)
නියම කතාව! (නි)
එහාට මෙහාට පැන පැන ඉන්න අයට තමන් දැන් ඉන්නේ කොතනද කියලවත් මටක නැහැ. එක කකුලක් සන්ධානේ අනික යූඑන්පියේ. අනේ මොවුන්ටනේ මිනිස්සු ඡන්දේ දෙන්නේ. (නි)
නිදිමතෙන් ද කොහෙද කියවන්නේ. පව් මේ ටිකේම හරියට නින්දක් නැතුව ඇති. රට වෙනුවෙන් නේ නේද දිවා රෑ නොබලා වැඩ කරන්නේ.(ම)
තමන් විශ්වාස කරන , තමාට හැගෙන දෙය තමා නිකම්ම කටින් පිටවන්නේ , මේ ගොල්ලෝ පරාජය පිළිගෙන ඉවරයි , එහෙත් ආයාසයෙන් බොරුවක් කිවූ බව පේනවා (බ)
මහින්ද මේ පාර දිනුවොත් ලොකුගේට මොනවා වෙයිද? (නි)
දැන් 70ත් පැනලානේ ගෙදරටම. යවන්න කාලේ හරි (බ)
ඒකනේ කියන්නේ කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ කියලා (නි)
දැන් වයස නිසා මෙතුමාට වැරදීමක් වෙලා එනිසා වැඩිය ගන්නගන්න එපා නමුත් වැරදීමෙන් හරි ඇත්ත කියල තියනවා (බ)
ඉන්න තැන අමතක වුණාම ඔහොම වෙනවා මහත්තයෝ. (නි)
දැක්කනේ ඉතින්. ඔන්න ඕකම තමයි 17 වෙන්නේ. රනිල් මහත්තයා අගමැති වෙනවා කියලා එයාලගේ යටිහිත කියනවා (නි)
ඒ කාලේ යුඑන්පී ආණ්ඩුවේ හිටපු හොඳ වැඩකාරයෙක් තමයි මේ. (බ)
එහෙම නොකර ඉතින් ආයෙත් පාරවල් වහගෙන කොළඹයි නුවරයි කාර් රේස් තියනවා බලන්නද? (නි)
මේ වෙනකොට බොහෝ නිදහස් පක්ෂ පාක්ෂිකයින් පරාජය බාර අරගෙන ඉවරයි. (නි)
අලුත් අයට අවස්ථාව දෙන්න.(නදී)
සමීරගේ කතාව හරියටම හරි (නි)
ඒකත් පුදුම වැඩේ තමයි (නි)
මෙතුමාට රෑට හරියට නින්දවත් යනවද මන්දා? (නි)