(විමුක්ති එස් රුද්‍රිගු)
ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් 2023 වාර්තාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පසුගිය වසරට සාපේක්ෂව පහළ ගොස් ඇත.ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් වාර්තාවට වසර 50ක ඉතිහාසයක් තිබෙන අතර දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස පිළිබඳ ගෝලීය ප්‍රවණතා නිරීක්ෂණය කරමින් වාර්ෂිකව වාර්තාව පිළියෙළ කරනු ලබයි.
මෙවර වර්තාවේදී ශ්‍රී ලංකාවට ලකුණු 100 න් 53ක් ලැබී තිබේ.“දේශපාලන අයිතිවාසිකම්” අතින් ශ්‍රී ලංකාවට ලකුණු 40 න් 22 ක් ලැබී ඇති අතර “සිවිල් නිදහස” වෙනුවෙන් ලකුණු 60 න් 31 ක් ලැබී ඇත.පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ලකුණු 100 න් 55 ක් ලබා ගැනීමට සමත් විය.
දේශපාලනඥයින් සහ රජයේ ඉහළ නිලධාරීන් සිදුකරනු ලබා දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් දඬුවම් ලබා නොදීමේ සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම මෙසේ පහළ ගොස් ඇතැයි යුරේසියා වෙබ් අඩවිය පෙන්වා දී ඇත.බලයේ සිටින දේශපාලනඥයින් තම ප්‍රතිවාදී දේශපාලනඥයින් බලයේ සිටින විට සිදුකරන ලද දූෂණ වලට දඬුවම් ලබා දීමට මැලිකමක් දක්වන බවත් එයට හේතුව බලය අහිමි වූ විට ඔවුන්ටද දඬුවම් විඳීමට සිදුවෙතැයි තිබෙන බිය බවත් යුරේසියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලංකිකයන්ගේ නිදහස අහුරලා
dilan Thursday, 16 March 2023 01:51 PM
හරියට හරි .ඔයාලා අපේ සැබෑ තත්වය තේරුම් ගැනීම ගැන විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ
Bamunuarachchi Saturday, 18 March 2023 12:11 PM
ලාංකිකයින්ට නිදහස වැඩියි. අඩුකළාට කමක් නැහැ.