IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලාංකිකයන් බේරා ගන්න රුසියාවට දූත පිරිසක්

(අංජුල මහික වීරරත්න)

රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් කඩිනමින් රුසියාව බලා පිටත් කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 600-800ක අතර ප්‍රමාණයක් රුසියාවේ සිටින බවට වාර්තා වී ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඇතැම් විට එම ප්‍රමාණය මීට වඩා අඩු හෝ වැඩි විය හැකි බව සඳහන් කළේය.



අදහස් (3)

ලාංකිකයන් බේරා ගන්න රුසියාවට දූත පිරිසක්

Udayanga Thursday, 16 May 2024 01:13 PM

ඔය බූත පිරිස ගිහින් රුසියන් වනිතාවන් සමඟ විනෝද වෙලා හොඳට කාලා බීලා, සංචාරය කරලා ආපහු එනවා. ප්‍රශ්නෙ එහෙමමයි. මොනවද ඔට්ටු?

:       4       20

Hafeel Thursday, 16 May 2024 01:56 PM

අපි විශ්වාස කරනවා මේ දූත පිරිස අපේ රණවිරුවන්ව ආපහු කිසිම කරදරයක් නැතුව රැගෙන එවී කියලා. හැබැයි, මිග් උදයන්ගගේ තෙල් මාරු කරන වැඩවලට නම්, අහුවන්න එපා.

:       3       9

පිටරටවැසියා Thursday, 16 May 2024 06:15 PM

දැන් මේ භූත පිරිස රුසියාවට යන්නම ඕනෙද, එතකොට ලංකාවේ තියෙන රුසියානු තානාපති කාර්යාලයෙනුයි, රුසියාවේ තියෙන ලංකාවේ තානාපති කාර්යාලයෙනුයි ඇති වැඩේ මොකක්ද? කොහොම වුණත් අන්තිමට වෙන්නෙ රටේ බදු මුදල් වලින් ඔය යන නාකි භූත පිරිස රුසියාවෙන් වතුර ටික මාරුකරගෙන එන එක විතරයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site