සත් වසරකට පෙර සෞදි අරාබියේ ජෙඩා නුවරදී හැට හැවිරිදි යේමන ජාතිකයකු මරා දැමු වරදට වැරැදිකරුවන් වු ශ්‍රී ලාංකිකයන් හය දෙනා අතුරින් තිදෙනකුට පනවා ඇති මරණ දඬුවම පිළිබඳව යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් ඇමැති රවුෆ් හකීම් මහතා සෞදි රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ජෙඩා නුවර ශ්‍රිලංකා කොන්සල් ජනරාල් ආදම් බාවා උතුමාලෙබ්බේ කියයි.
මිය ගිය අයගේ ඥාතීන්ට වන්දියක් ගෙවා හෝ දඬුවම් ළිහිල් කැර ගැනීමට උත්සාහ කරන බවද ඔහු පවසයි.
මේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියා ජාතිකයෝ පස් දෙනෙක් ද ශ්‍රී ලාංකික තිදෙනෙක් ද සිර දඩුවම් විදිති.
කේ.ඒ.පී.ගයාන් උදිත නානායක්කාර,තුෂාර දිනේෂ් පෙරේරා හෙවත් ඉසාක් ක්‍රිස්ටි,වදමානික්කම් සහ ඩබ්ලිව්. එම්. නිලන්ත බණ්ඩාර තෙන්නකෝන් යන අයට මරණිය දණ්ඩනය නියමකර ඇති අතර පි .ආර්.එම්.රන්ජිත් වසන්ත කුමාර,නුරා මොහොමඩ් සහ රජියා අබ්දුල් සමාඩ් යන යට පිළිවෙළින් වසර දහයක්,හතරක්,සහ දෙකක් වශයෙන් සිර දඩුවම් ද කස පහර ලබාදීමට ද ජෙඩා අධිකරණය නියෝග කර ඇත. ඉන්දියානු ජාතිකයන් පස් දෙනාට ද සිර දඩුවම් ද කස පහරද ලබාදීමට නියෝග කර ඇති බව ඇරැබ් නිවුස් පුවත් පත සදහන් කරයි,
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකිකයන් ගහෙන් බේරා ගන්න හකීම් සෞදියේ
ප්‍රසාන් Wednesday, 18 February 2015 07:00 AM
ඒ කතාව සම්පුර්ණ හරි. (ර)
ජනක Wednesday, 18 February 2015 07:32 AM
ජාති බේද නැතිව ඔබ කරන උත්සාහයට පින්. (අ)
ගයන් Wednesday, 18 February 2015 07:38 AM
මම ඕනෑම ඔට්ටුවක් දානවා මේ යන ගමනේ සත පහක වැඩක් වෙන්නෙත් නැහැ,(අ)
දිනේෂ් Wednesday, 18 February 2015 07:41 AM
රිසානාව බේරගන්න වැඩටත් මුල් වුණේ මේ ඇමැතිවරයාම නේද? (අ)
මොහාන් Wednesday, 18 February 2015 07:50 AM
මේ මිනිස්සු හරිම පුදුම ජාතියක් .බේර ගන්න හදනකොටත් එක එක ඒවා කියනවානේ (දිල්)
නන්දලාල් Wednesday, 18 February 2015 09:56 AM
රකිම් ඇමතිතුමා එහේ පින්සෙන්ඩු වෙන්න ගියාට ඒ ගමනින් වැඩක් වෙන එකක් නැහැ. අරාබි රටවල නීති බොහොම තද බව දැනගෙනත් එයා ගියේ චුදිතයන්ගේ පවුල්වල අයගේ ඉල්ලීම මත බව කවුරුත් දන්නවා. ඒ වගේම රටවැසියන් කිහිප දෙනෙක් මරණින් බේරාගැනීම සඳහා, රජයක යුතුකමක් වශයෙන්. වතුපිටි ගෙවල්දොරවල් විකුණලා හෝ උගස්කරලා රැකියාවන් සඳහා පිටරට ගිහින් නොහොබිනා වැඩකරලා, සමහරවිට හිරගෙවල්වල අනන්ත දුක්විඳලා එහෙමත් නැත්නම් මිනිපෙට්ටියකින් මව්බිමට ආපහු එනවාට වඩා හොඳ නැද්ද, තියෙන දෙයක් කලාබීලා දරුපවුල් එක්ක මෙරටේම ඉන්න එක? (අ)
කෝලිත Wednesday, 18 February 2015 05:35 AM
වැඩ පෙන්වන්න. බොරුවට ගමන් යන්න එපා. මැරුන කෙනාගේ ජීවත්වෙලා ඉන්න පවුලේ අයගෙන් ඝාතකයන්ට සමාව ලැබුනේ නැත්නම් තීරණය කාටවත් වෙනස්කරන්න බැහැ (නි)