සත් වසරකට පෙර සෞදි අරාබියේ ජෙඩා නුවරදී හැට හැවිරිදි යේමන ජාතිකයකු මරා දැමු වරදට වැරැදිකරුවන් වු ශ්‍රී ලාංකිකයන් හය දෙනා අතුරින් තිදෙනකුට පනවා ඇති මරණ දඬුවම පිළිබඳව යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් ඇමැති රවුෆ් හකීම් මහතා සෞදි රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ජෙඩා නුවර ශ්‍රිලංකා කොන්සල් ජනරාල් ආදම් බාවා උතුමාලෙබ්බේ කියයි.
මිය ගිය අයගේ ඥාතීන්ට වන්දියක් ගෙවා හෝ දඬුවම් ළිහිල් කැර ගැනීමට උත්සාහ කරන බවද ඔහු පවසයි.
මේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියා ජාතිකයෝ පස් දෙනෙක් ද ශ්‍රී ලාංකික තිදෙනෙක් ද සිර දඩුවම් විදිති.
කේ.ඒ.පී.ගයාන් උදිත නානායක්කාර,තුෂාර දිනේෂ් පෙරේරා හෙවත් ඉසාක් ක්‍රිස්ටි,වදමානික්කම් සහ ඩබ්ලිව්. එම්. නිලන්ත බණ්ඩාර තෙන්නකෝන් යන අයට මරණිය දණ්ඩනය නියමකර ඇති අතර පි .ආර්.එම්.රන්ජිත් වසන්ත කුමාර,නුරා මොහොමඩ් සහ රජියා අබ්දුල් සමාඩ් යන යට පිළිවෙළින් වසර දහයක්,හතරක්,සහ දෙකක් වශයෙන් සිර දඩුවම් ද කස පහර ලබාදීමට ද ජෙඩා අධිකරණය නියෝග කර ඇත. ඉන්දියානු ජාතිකයන් පස් දෙනාට ද සිර දඩුවම් ද කස පහරද ලබාදීමට නියෝග කර ඇති බව ඇරැබ් නිවුස් පුවත් පත සදහන් කරයි,
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කතාව සම්පුර්ණ හරි. (ර)
ජාති බේද නැතිව ඔබ කරන උත්සාහයට පින්. (අ)
මම ඕනෑම ඔට්ටුවක් දානවා මේ යන ගමනේ සත පහක වැඩක් වෙන්නෙත් නැහැ,(අ)
රිසානාව බේරගන්න වැඩටත් මුල් වුණේ මේ ඇමැතිවරයාම නේද? (අ)
මේ මිනිස්සු හරිම පුදුම ජාතියක් .බේර ගන්න හදනකොටත් එක එක ඒවා කියනවානේ (දිල්)
රකිම් ඇමතිතුමා එහේ පින්සෙන්ඩු වෙන්න ගියාට ඒ ගමනින් වැඩක් වෙන එකක් නැහැ. අරාබි රටවල නීති බොහොම තද බව දැනගෙනත් එයා ගියේ චුදිතයන්ගේ පවුල්වල අයගේ ඉල්ලීම මත බව කවුරුත් දන්නවා. ඒ වගේම රටවැසියන් කිහිප දෙනෙක් මරණින් බේරාගැනීම සඳහා, රජයක යුතුකමක් වශයෙන්. වතුපිටි ගෙවල්දොරවල් විකුණලා හෝ උගස්කරලා රැකියාවන් සඳහා පිටරට ගිහින් නොහොබිනා වැඩකරලා, සමහරවිට හිරගෙවල්වල අනන්ත දුක්විඳලා එහෙමත් නැත්නම් මිනිපෙට්ටියකින් මව්බිමට ආපහු එනවාට වඩා හොඳ නැද්ද, තියෙන දෙයක් කලාබීලා දරුපවුල් එක්ක මෙරටේම ඉන්න එක? (අ)
වැඩ පෙන්වන්න. බොරුවට ගමන් යන්න එපා. මැරුන කෙනාගේ ජීවත්වෙලා ඉන්න පවුලේ අයගෙන් ඝාතකයන්ට සමාව ලැබුනේ නැත්නම් තීරණය කාටවත් වෙනස්කරන්න බැහැ (නි)