ප්‍රංශයේ ලෙමොන් නගරයේ දී ගෙයක් ගිනිගැනීමෙන් මීරිගම ජයලත් ආර් විජේරත්න මහතා මිය ගියේය.
උණුසුම් වීම සඳහා දල්වා නින්දට ගිය ඔහු ගින්නෙන් පිළිස්සී මිය ගිය බවත්, ගිනි නිවන බටයන් පැමිණෙන විට ඔහු නිදා සිටි නිවස අලු ගොඩක් වී තිබූ බවත් කියති.
ඔහු වසර තිහක් පමණ ප්‍රංශයේ පැරිස් අග නුවර පදිංචි වී බොහෝ දෙනාගේ කාර්මික හා තාක්ෂණ වැඩවලට උදව් දුන්නේය.
‘විජේ අයියා‘ යනුවෙන් හැදින් වූ ඔහු කලක් පංශයේ ට්‍රයිකෝ ආයතනයේ ද සේවය කළේය.
ඔහුගේ අලු ශ්‍රී ලංකාවට එවීමට නියමිතය.
ඔහුගේ අවසන් කටයුතු ගැන පංශයේ ට්‍රයිකෝ අධිපති රංජිත් කුලතුංග මහතාගෙන් දැන ගත හැකිය. (00 33 6 77 28 01 70)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන්ති පැරිස්, අපිත් ඔය පැත්තේ එනවා එහෙනම් ඇසුරු කරන්න හොඳේ? (නි)
පෙරේරා මහතා,ඔබ දන්නා "අමුතු" ඇමරිකාව හා එංගලන්තය ගැන මම නම් මේ ඇහුවමයි!! මිනිස්සු දුක් මහන්සි වෙලා වැඩ කරලා හම්බකරගෙන ගෙයක් දොරක් හදාගන්නේ අනෙක් අයට පේන්නද? ලංකාවේදී හෝ විදේශ ගතවෙලා තමන්ගේ උත්සාහයෙන් දියුණු වී ඉන්න අය දකිද්දී ඇහැට කටු අනිනවා වගේ නේද? ලෝකෙන් උතුම් රටේ ඉපදී වෙනත් රටවලට සංක්‍රමණය වීමට බලපාන හේතුව ගැන බුද්ධිමත්ව කල්පනා කරන්න. මට, වික්ටර් රත්නායකයන්ගේ ගීයක පදපෙලක් මතක් උනා, මෝහෙන් මුලා වෙලා...මානෙන් උදම් වෙලා....තණ්හාව ක්‍රෝධ ඊර්ෂාවෙන් මිනිසා කොහෙද මේ.... රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුනේ සැමදා බැබලේ.... එය රැකීම අප උරුමේ වේ . .....මා හරි උගතා.... මා හරි ජගතා....සිතනා මිනිසා මෝඩයකි....අනුන් හෙලන්නට වලක් කපන්නා....ඒ තුල වැටිලා මිය යන්නා.... කල දේ පල දේ එලෙසේ.... (නදී)
පිටිගල මහත්තයෝ ඔයා නොලිය ඉන්නව නම් ගොඩක් හොඳයි . මොකද ඔයා ලියන දේ වලින් ඔයා මෝඩයෙක්ද ? කියල හිතෙනවා . (නදී)
බොස්ටන් වික්‍රම මහතාණනි, ඔබ ඔය මගදී හමුවෙන අයගේ ගෙවල් වලට රිංගන්නේ බිරිඳට හොරෙන්ද නැත්නම් සිය පවුල සමගද? (නි)
විජේ අයියා හිත හොඳ කෙනෙකි. ඔහු වටා සිටි යාළුවො ඔහුට හොඳින් බොන්න දී වැඩ ගත්ත බවද මම හොඳින් දනිමි. මොහු මිය යන අවස්ථාවේ අධික බීමතින් නින්දේ ගොස් සිටින්නට ඇති යයි මම විශ්වාස කරන අතර ඔහුට එදා බොන්න දුන්නේ කවුද? ඔහුගෙන් එදා වැඩ ගත්තේ කවුද? ඒ අයත් ඉහලින් ආවේගාත්මක අදහස් දමලා තියෙනවද? පිටිගල, ඔබට කවුරු බැන්නත් මම නම් බනින්නේ නැත. ඔබ කිසිම වැරදි දෙයක් ප්‍රකාශ කර නැත. බනින්න නම් ඕනේ විජේ අය්යාට බොන්න දීලා 'දෙන්නම් කාසි' වලට ඔහුගේ ආත්මය බිලිගත්ත වුන්ටයි. (ස)
මම හිතන්නේ පිටිගල මිලානෝ කියන කතාවේ සුළුවෙන් හෝ සත්‍යයක් තිබෙන්න පුළුවන්. ඔහු කියනා පැරිසියේ ප්‍රදේශ බොහෝ දමිල අනාථයන් ජිවත් වන කොටසක්. පිටිගල මහතාගේ පරිසරයේ හැටියට ඔහුට සිංහල කෙනෙක් හමුව නොමැත. එසේත් නැත්නම් සරණාගත සිංහලයෙක් ඔහු වගේම ඔහුට මුණගැසි දුටුව අත්දැකීමක් වෙන්නට පුළුවන් (නි)
මම මේ දන්නේ නැති නිසා අහන්නේ ...පිටිගල කියන කතාව ඇත්තද .. විජේරත්න මහතාට නිවන් සුව අත්වේවා (නදී)
අනේ මන්ද මේ මිනිස්සු ඉරිසියාවේ පැලෙනවා ලද දෙයින් සතුටු වන්න මිනිසුනේ (නදී)
සාකි පැරිස්, මම ඔබව අනුමත කරමි . මම විජේව දන්නේ අවුරුදු 20 ක කාලයක් . ඔහුට කෑම වේලක් දීලා හොඳට පොවලා වැඩ ගන්න අය ඉන්නේ . විජේට මැරෙන්න උනෙත් බිමත් කමින් හොඳ සිහියෙන් නොසිටි නිසා කියලා සිතමි . කෙසේ නමුත් හිත හොඳ සල්ලි පසුපස නොදුවා ගොඩක් අයට උදව කරපු විජේ මහතාට අමා මහ නිවන් සුව පතමි . එහෙත් මේ පිටිගලව අනුමත නොකරමි. (ස)
බොස්ටන් වික්‍රම, ඊළඟ සැරේ එනකොට හිස් බෙලෙක්කෙකට කාසි ටිකක් දාලා හොල්ල හොල්ලා යන්න. ඔබ බලාපොරොත්තු වන ආගන්තුක සත්කාරය උපරිමෙන්ම ලැබෙයි ටින් එකට. (නි)
සුජ් ගට්ට පෙරේරා ඔය දැන් ඔය කොහේ ඉදන්ද කතා කරන්නේ අගේට ඔය හතර පොලේම පදිංචි වෙලා හිටය වගේ දැන් සුද්දන්ට යන එන මන් නැති වෙනවා ප්‍රංස-ඉතාලි ඉන්න කට්ටිය ඔක්කොම ඇමෙරිකාවට ,එංගලන්තේ පැනල සුද්දන්ගේ ජොබ් කරන්න පටන් ගත්තම , පාර්ට් ටයිම් ගහන්නේ සුද්දෝද (නදී)
‘විජේ අයියා‘ දැක නැත....අසා නැත.. ඔබට ලැබේවා සගමොක් සුව. (නි)
පළමුව විජේරත්න මහතාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා , සමහරු කියන පරිදි දර උදුන් මගින් ගෙවල් උණුසුම් කරගන්නේ දුප්පතුන් කියන මතය මම ප්‍රතික්ෂේප කරනවා. ලංකාවේ ඉන්න කෝටිපතියන් පවා දර ලිපෙන් මැටි වැළදෙන් උයපු කෑම කන්න කැමතිවගේම , මම දන්න යුරෝපයේ ඉන්න කෝටිපති කිහිප දෙනෙක් ඉන්නවා පාරම්පරික ක්‍රමයට දර උදුන් මගී ගෙවල් උණුසුම් කරන , එම ක්‍රමය නිසා පිරිසිදු වාතය නිතරම ගෙවල් වලට ලැබෙනවා , නමුත් ආරක්ෂක ක්‍රම පිළිපැදිය යුතුය. ඒකත් හරියටම අපේ දරලිප වගේම තමයි.(නදී)
සකි, අපි ඔබ ගැන හිතා හිටි විදිය වැරදියි. (නි)
අනේ මාගලි ප්‍රනාන්දු දන්න ලංකාව! (නි)
පිටිගල දන්නා පැරිසිය...විජේරත්න මහතාට නිවන් සුව අත්වේවා! (නි)
පිටිගල මිලානෝ,ඉතාලියේ ගෙවල් ලොකුද?අනේ අපි නොදන්න ඉතාලිය.නොදන්න දේවල් කතා කරන්න එපා (නි)
ඔබට නිවන් සුව පතමි. මෙයා මීරිගම කොහෙද? කව්රුහරි කියන්නකෝ (නි)
දැන් මෙතෙන මැරිලා ඉන්නේ විජේ ද පිටිගලද මරනේකදිවත් රණ්ඩු නොවී හිටපල්ලා.(නදී)
පිටිගල මහතා, ඔබ ප්‍රංශය ගැන අල්ප වසයෙන් දන්නේ. අවුරුදු 20 විතර කලින් අපේ මිනිස්සු අඩු පහසුකම් සමග ජිවත් වෙන්න ඇති. අද තත්වය ගොඩක් වෙනස්. අපේ අය ලස්සනට ජිවත් වනවා. සමහරවිට ඉතාලියේ ඔය තත්වය වෙන්න ඇති (නි)
බොස්ටන්ගේ කතාවට බොහෝ දෙනෙකුට තරහා ගිහිල්ලා වගේ (නි)
පිටිගල, නිකන් අනවශ්‍ය දේවල් ලියලා සවුත්තු වෙන්න එපා (නි)
පිටිගල,මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා (නි)
මිලානෝ පිටිගලගේ කතා වලින් ඉතාලියත් ජරා වෙනවා. (නි)
මහගෙදර ඇඹිලිපිටියගේ අදහස හොදට මාගලි ප්‍රනාන්දුට වැදිලා වගෙයි. (නි)
ලලිත් රණවකට පිටිගලගේ තොප්පිය හරි යනවා වගේ. ඔයත් අටවෙනි තට්ටුවේ දිව්‍යය ලෝකෙකද ඉන්නේ? (නි)
පිටිගලගේ කතාව හරි. මමත් දන්නවා එහෙම තැන්. (නි)
විජේ අයියාට නිවන් සුව! පැරිසියේ කොටසක් 'ඔබ නැති මේ ලොව මේ ලොව අඳුරුයි පාලුයි' කියමින් දුක බෙදා හදාගෙන මධු විතෙන් ප්‍රීති වන්න දිනයක් දමා ගන්න ලහි ලහියේ සුදානම් වෙනවා. (නි)
මෙම පිටිගල මිලානෝ කියන මනුස්සයා ගිය තැන ගඳ ගස්සනවා. මේ විජේ මැරුනේ ඔහු සිටින නිවසේ නොව ඔහු වැඩ කරන තැනින් ලබා දුන් කාමරයක. (නි)
පිටිගල මහතා කියන දේ ඇත්ත. රට ඉන්න අපි හැමෝම ඔහොම ගෙවල්වල තමා ඉන්නේ (නි)
පිටිගල මිලානෝ, ඔබ පැරිස් වල වෙසෙන ලාංකිකයන් ගැන දන්නේ නැහැ වගේ. තමගේ ජීවිතය අනුන්ට ආදේශ කරන්න එපා පිටිගල මහත්තයෝ. මත්තයෙක් වන්නට මහත්මා ගතිගුණත් ඔබට නැත (නි)
හැමෝගෙම ප්‍රතිචාර දැක්කහම මට මගේ රට ගැන දුක හිතෙනවා. හැමෝටම කියන්න ඕනේ තමන්ගේ තත්වය ගැන, කියන්නේ ලෝකේ තියෙන හොඳම රටක තමයි අපි ඉන්නේ කියලා. එහෙම කියන ගමන ලංකාවටත් බනිනවා. අනේ ඔයාලට ඔය රටවල හොඳයි නම් පින් සිද්ධ වෙයි ඕවට වෙලා ඉන්න. ලංකාවේ පත්තර බලලා බොරුවට තමන්ගේ තත්වය පෙන්වන්න ප්‍රතිචාර දන්නා ඕනේ නැහැ. අපිට අපේ රන්බණ්ඩයි , හීන් මැණිකෙයි හොඳයි. අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ දහදිය සුවඳින් සුවඳ අපිට වටිනවා. මේ රටේ මිනිසුන්ගේ දහදිය මහන්සියෙන් උපයපු සල්ලි වලින් තමයි ඔයාලට නිදහස් අධ්‍යාපනය ලැබුනේ. ඒක අමතක කරන්න එපා. පිට රටට සේවය කරලා සල්ලි ලැබෙනවා තමයි. ඒත්, අපේ මිනිසුන්ගේ දහදිය මහන්සියෙන් ඉගෙන ගත්ත කියලා අමතක කරන්න එපා. (ස)
මේ අහිංසක මනුස්සයා වෙනුවෙන් නිවන් සුව පතමි . නැති නම් සර්ව බලදාරි දෙවියන්ගේ පහස පතමි . මේකේ ප්‍රතිචාර දමා බොහෝ දෙනෙක් මෙහි අර්ථය විකෘති කරලා තියන්නේ (ස)
මොහාන්, පිටිගල මහත්තයාට මොනවද කැවිලා මරණ ගෙදරට ගොඩවෙලා, (නි)
ඔය කියන සැප පහසුකම් ප්‍රංශයේ හැම තැනකම තියෙනවා නම් මෙම පුද්ගලයා ගිනි ඇවිලෙන සුළු තාපකයක් කාමරේ තියා ගත්තේ ඇයි? මධ්‍යගත තාපක(සෙන්ට්‍රල් හීටින්) තවම මෙම කාමර වල භාවිතය අඩුද? එවැනි ක්‍රමයක් සහිත ආරක්ෂාකාරී තැනක සිටියා නම් මොහු අද ජීවතුන් අතර නේද? මෙවැනි අනාරක්ෂාකාරි තැන් වලින් ඉවත් වෙන ලෙස විශේෂයෙන් දරුවන් ඇති පවුල් වලින් ඉල්ලා සිටිමි. (ස)
මෙම වෙන් වූ විජේ මහතාට නිවන් සුව පතන ගමන්,මට කීමට වචන කීපයක් තිබේ. මම දැනට අවුරුදු දෙකකට පෙර ඇමරිකාවේ සිට යුරෝපයේ සංචාරය සඳහා පැමිණියෙමි. මම ලන්ඩන්,පැරිස්, ස්විස් , ජර්මනිය සහ ඉතාලිය රටවල් පහේම සංචාරය කළෙමි. ඉතාලිය හැරුන විට අනික් සෑම රටකම මට හමුවූ ලාංකිකයන් ඉතා ගරු විදියට කතා බහ, ත්‍යාගශීලිභාවය, බොහෝවිට මට නොමිලේ නවාතැන් කෑම බිම, සංචාරක උපදෙස් පෙන්නීම කළහ. මම දුටුවේ ඔවුන් හොඳින් ජිවත් වන බවය. සමහරු මිලට ගත් ඔවුන්ගේම නිවෙස් වලද සමහරු කුලියටද එහෙත් ඉඩ කඩ ඇතුවද වාසය කරති. නමුත් ඉතාලිය ඉතාම වෙනස් රටකි. බොහෝ විට දුටුවේ කිසිම භාෂාවක් හරියට කතා කර ගැනවත් බැරි අයවයි. කිසි විටෙක උදව්වක් ලැබුනේ නැත. මේ පිටිගල කියන තැනැත්තා මානසික හිනතාවයකින් පෙලෙන අනුන්ට ගරහන කෙනෙක් කියා , ඔහු දමන සෑම ප්‍රතිචාර වලින්ම මම දුටුවෙමි (නි)
පිටිගල ගැන කණගාටුයි (නි)
නන්ද පැරිස්, ඔයා මාමත් එක්ක එන්නකෝ පරණ ට්‍රැක්ටර් හොයා ගෙන ලංකාවට යවන්න. හොඳ තොප්පියක් දෙන්නටම දාන්නම්. (ස)
පිටිගල වලිගය තදින්ම පාගාගෙන. (නි)
පිටිගල, ඔබේ මන්ද මානසිකත්වය ලෝකයට පෙන්වන්න එපා. තනිකඩ අය එවැනි කාමර වලත් ඉන්නවා ඇති. පැරිසියේ කුඩා කාමරයක් පවා මාසික කුලිය යුරෝ 650 ක750 ක් වෙනවා. සමහරවිට මේ මරණය සිගරැට්ටුවකින් වුණාවත්ද? (නි)
ලක්සිත පැරිසිය, මම ඔයාගෙන් ට්‍රැක්ටර් ඉල්ලුවේ නැහැනේ. පුළුවන් නම් ඔය තොප්පිය දාන්නකෝ මටයි මාමටයි කියන විදියටම. (නි)
පිටිගල ලොක්කා ඉදලා ඉදලා ඇත්තක් කියලා තිබෙනවා. (නි)
පිටිගල මිලානෝ,නිකන් මෝඩ කථා කියන්න එපා මනුස්සයො.මෙතන මරණයක් වෙලා තියෙන්නෙ. (නි)
පිටිගල, ඔය කියන්නේ එයා ඉන්න මිලානෝ වල ජීවත් වෙන අන්දමයි. ප්‍රංශයේ ජීවිතය ඊට වඩා ඉහළ තත්වයක තියෙන්නේ. ස්විට්සර්ලන්තයේ ජීවිතය ඉතාමත් ඉහළම තත්වයකයි තියෙන්නේ. (නි)
මරණය සැකසහිතයි. හරිම අපරාධයක් (නි)
නිවන් සුව පතමි. (නි)
පිටිගල ඇත්තෝ, ඔබතුමා දන්නා දේවල් විතරක් කියන්න කියා මා කියනවා. 1950 තට්ටු 8 බහින්න ඈති. පිටිගල මහත්තයෝ, ඔයා නොලියා ඉන්නවා නම් ගොඩක් හොඳයි. මොකද ඔයා ලියන දේ වලින් ඔයා මෝඩයෙක් වගේ පෙනෙන්නේ (නි)
අඩු කලේ සෙලවේ..... (ස)
ලෝකයේ දියුණු රටවල් වලට සංක්‍රමණය වුණ ගොඩක් විදේශිකයන් මුල් කාලේදී අපමණ හිරිහැර විඳිනවා. බොහෝ විට කණ්ඩායම් වශයෙන් කාමර වල ඉන්නවා. ඒ කාමරවල හය හත්දෙනා එකට ඉන්න හන්දා ඉඩකඩ අනිවාර්යෙන්ම සීමිත වෙනවා. මම අහලා තියෙන්නේ එහෙමයි. ලලිත්, චමත් දෙන්නා ඒ අත්දැකීම විඳලා නැතුව ඇති. නමුත් පිටිගල නම් හොඳට තෙම්පරාදු වෙලා තියෙන බව පේනවා. (නි)
පුක්කුස වීරේ මහතා කියූ කතාවේ යම් සත්‍යයක් තිබෙනවා. මාගේ දියණිය විවාහ කරගන්න යෝජනාවක් එංගලන්තෙන් ගෙන ආවා. ඔහු එංගලන්තයේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරු ගණකාධිකාරීවරයෙක්.ගෙයක් සහ වාහනයක් හිමි පුරවැසියෙක් වැනි වදන්ද අන්තර්ගත වුණා. නමුත් දන්නා අඳුනන ලන්ඩනයේ කෙනෙක් ලවා මොහු ගැන පොඩි විමර්ශනයකුත් අප සිදු කළා. එහිදී දැන ගන්න ලැබුනේ මොහු තවත් මාස කීපයට පමණක් සීමා වී ඇති අධ්‍යාපන වීසාවක් ඇති, වීසාව පවත්වා ගැනීමට පමණක් අප්‍රසිද්ධ කොලීජියකට ගිය එහිදීවත් කිසිම විභාගයකට නොලියූ, පැට්‍රල් ෂෙඩ් එකක සහ විවිධ සුළු රැකියා කීපයක් කරපු පිරිමින් රාශියක් සමග කුලී නිවසක සිටින පුද්ගලයෙක් ලෙසය. ඒ නිසා තමා ආදරයෙන් හැදු වැඩු දියණියන් එංගලන්තයට දීග දීමේදී ප්‍රවේශම් වන්න. (නි)
මිතුර, ඔබට නිවන් සුව අත්වේවා! (නි)
මෙතන කරදරයක් වෙලා තියෙන්නේ පැරිසියට ගිය වෙලාවක යහළුවෙක් මුණ ගැහෙන්න හෝ තට්ටු අටක් නැග වැසිකිළි යාමට හදිස්සි වී නැවත තට්ටු අටක් බහින්න වී මගදීම අකරතැබ්බයකට මුහුණ දුන් පිටිගලද? නැත්නම් විජේ අයියාද? (නි)
වැසිකිළි යාමට තට්ටු අටක් බහින්න තියෙන්නේ කොහෙද? කරුණාකරලා අපට ලිපිනය එවන්න. (නි)
දෙව් මව් තුරුලේ සැතපේවා . ඔබ අප අතරින් වෙන්වීම මිතුරන් වූ අපට දරා ගත නොහැකි ශෝකයකි . අප ඔබ වෙනුවෙන් දෙවියන් ඉදිරියේ පුජාවක් කර ස්වර්ගයට ලබා ගැනිමට කන්නලව් කරන්නෙමු . ඔබගේ කතෝලික මිතුරන්.... (ස)
ද සිල්වා බර්ලින්ට 'අමු' කැවිලා වගේ. නැත්නම් බීලා. ප්‍රංශයේ ඉන්න ලංකාවේ අය අතර ඔය කියන දර පත්තු කරන කෝටිපතියෝ නැහැ. අපි නොදන්නා බර්ලින්! (නි)
පිටිගල, ඔහේ නම් පිස්සෙක්. මරණයකදී ශෝකය පළකරන්නවත් නොදන්නා මෝඩයෙක් (නි)
ඇත්තටම මේ ලියලා තියෙන ඒවා දැක්කම හරිම පුදුම හිතෙනවා. ලංකාවේ ඉඳලා අපු සමහර අය ලංකාව අමතක කරලා, බනිනවා. ඔයාලා හැමෝම අවසාන මොහොතේ හරි ලංකාවට යන්න ඕනේ. ලංකාව තරම් උතුම් රටක් වෙන කොහෙවත් නෑ. ලංකාවේ ඉන්න මිනිස්සු තමා හොඳ නැත්තේ. මේ ලියලා තියෙන ඒවා දැක්කම අර මැරිලා ඉන්න මනුස්සයාටත් අගෞරවයක්. හොඳම දේ ඔයාලා හැම දෙනාම මුකුත් නොලිය ඉන්න එක (ස)
පිටිගල මිලානෝ, අවුරුදු 25 කට පෙර ගත කරපු ජිවිත නෙමෙයි දැන් ප්‍රංශයේ ලාංකිකයන් ගත කරන්නේ. ඔවුන් හොඳට ලස්සනට ඉන්නවා. ළමයින් මෙහි ඉපිදගෙන හොඳ රැකියා කරනවා. සමහර ළමයින් දොස්තර ඉංජිනේරු නිතිය පිළිබඳ හෝ හමුදා සේවය කරනවා.තමන්ට ගන්න මුදල් මදි නම් රජයෙන් කොටසක් ගෙවනවා.ඔබගේ තත්වය මෙහෙට ආදේශ කරන්න පිටිගල (නි)
මට ඇති ප්‍රශ්නය සමහර පිස්සෝ නොගැළපෙන අදහස් දැරීමයි (නි)
පිටිගල නම් මහ මෝඩයෙක් (නි)
පිටිගල වැන්නන් ගැන ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි (නි)
මරණය සැකසහිතයි (නි)
සහෝදර විජේරත්න අපේ මිතුරාට නිවන් සුව ලැබේවා.රන්ජිත් මල්ලි, අවශ්‍ය දෙයක් තිබේ නම් අපව දැනුවත් කරන්න. (නි)
මාගලි ප්‍රනාන්දු, ඉන්න හිටින්නවත් තැනක් නැතුව ඉඳලා ආපු හින්දා ඔයාට ප්‍රංශය ගොඩක් ලොකු වෙන්න පුළුවන්. ඔයාට හොඳ වුණාට ප්‍රංශකරයන්ට නම් එහෙම නැහැ. (නි)
පිටිගල, ඔයා නැවත පැරිසියට යන වෙලාවට අලුත් ඇඳුමකුත් අරන් යන්න. බැරිවෙලාවත් වැසිකිළියට යන්න තට්ටු අට බහිනකොට කරදරයක්වත් වුනොත්. (නි)
මෙතන බහුතරයක් කතා කරල තියෙන්නේ පිටිගල කියන කෙනා ගැන මිසක් මියගිය විජේ අයියා ගැන නෙමෙයිනේ,ලංකාවේ බහුතරයකට ඕක තමා වෙලා තියෙන්නේ.යන්නෙ කොහෙද මල්ලේ පොල් කියන්නෙත් ඕකටනේ.නිවන් සුව විජේ අයියේ!!! (නි)
අපි නම් ගමනක් යන්න පෙර හෝටල් වෙන් කරගන්නවා. (නි)
බොස්ටන් වික්‍රම, ඔබ ගමන් යන්නේ පාරේදී හමුවන ලාංකිකයන්ගෙන් කාලා බීලා ඔවුන්ගේ ගෙවල් වල නවතින්න බලාගෙනද? ඔබතුමාගේ තරම අපිට හිතා ගන්න පුළුවන්. (නි)
ශ්‍රීලාල් අයියේ, වැසිකිළි යාමට තට්ටු අටක් බහින්න තියෙන්නේ කොහෙද? (නි)
මම ගමන් යන්න කලින් හොටල වෙන් කරන්නේ නැහැ. ගියාට පසුව අඩු මුදලට නවාතැන් සොයා ගන්නේ. එහෙත් යන්නට කලින් අන්තර්ජාලය හරහා හොටෙල් කිහිපයක් සහ ලිපිනයන් ළඟ තබා ගන්නෙමි. මා දැමු ප්‍රතිචාරයට සමහර දෙනෙකුට ගොඩක් රිදිලා වගේ (නි)
මා මෙහිදී යම් අදහස් කීපයක් දැක්වුවේ හුදෙක් මියගිය පුද්ගලයට 'අනිච්චාවත සංඛාරා' කියනවාට වඩා තවත් කෙනෙක්ට හෝ දරුවෙක්ට මෙවැනි විපතක් අත්වීමට ඇති ඉඩකඩ සාකච්චා කිරීමටයි. 'ල ගාර් දු නොඩ්' සිට රෙපබ්ලික් දෙසට යන විට ඇති පිරනීස්, ගොම්බෙට්ටා, රූ දු චීනා වැනි ස්ථාන වල ලාංකිකයන්ගේ සඳලු තල වලට තට්ටු අටක්, දහයක් මම නැග ඇත්තෙමි. අවම ආපදා කළමනාකරණයකින් වත් තොරව ඇති සමහර කාමර වල මෙවැනි භයානක තත්වයන් ඇති විය හැක.(නදී)
මුලින්ම කියන්න ඕනෙ මම දාන ගොඩාක් ප්‍රතිචාර ලංකාදීපය ප්‍රසිද්ධ කරන්නෙ නෑ... මරණයක් උනහමත් අපේ මිනිස්සු ගහ මරා ගන්නවා ඕනෙම තැනක......මම ප්‍රතිචාර ඔක්කොම ටික කියෙව්වා..... මම ඉන්නෙ ඉතාලියෙ...ඔය කොයි රටේ හිටියත් ලංකාවෙ සමහරු ජීවත් වෙන්න සුදුසු නැති ගෙවල් වල ජීවත් වෙනවා..... කොයි රටවල් වල හිටියත් සමහරු හොඳ තත්වයේ නිවෙස් වල ජීවත් වෙනවා......තම තමන්ගෙ මට්ටම් වලින් තමා මෙතන මිනිස්සු කොමෙන්ට් කරන්නෙ.... හේතුව ඔය මොන රටක හිටියත්, උගත් උනත් නූගත් උනත් අඩු ගාණට ඉන්ටර්නෙට් ගන්න පුළුවන්... ඉතින් ඕනෙ කෙනෙක්ට මේකට ලොග් වෙලා කොමෙන්ට් දාන්න පුළුවන්......හැමෝම උත්සාහ කරන්නෙ තම්න් ඉන්න තැන වඩ හොඳයි කියලා පෙන්වන්න.....පිටිගල මිලානෝගෙ උත්සාහය උනේ ඒකයි......පොදුවේ ගත්තහම ලංකාවෙ මිනිස්සු තරම් කිසිම දේකට කුලක් කා ගන්න මිනිස්සු වෙන කොහෙවත් නෑ.....බොරු මාන්නය විතරයි (නදී)
ඔබතුමාට නිවන් සුව! මීරිගම කොහෙද?මමත් මීරිගම නිසා දන්නා කෙනක් විස්තර දාන්න.අවුරුදු 30ක් ඉතාලියේ ජීවත් වෙලා, අර පිටිගල ඉන්නවා වගේ කාමරයක උන්නද කියලා හිතාගන්න අමාරු දෙයක්.පසුවට සත්‍ය දැනගන්න ලැබේවා ! (ස)
විජේ රත්න මහතා ඔබට නිවන් සුව පතමි! ඇත්තෙන්ම මෙහි ලියා ඇති සමහර අදහස් බලන්නත් ඉතාම පිළිකුල් සහගතයි. වැරැද්ද තියෙන්නේ ඉතාලියෙවත් ප්‍රංශයේවත් නොවේ, එම රටවලට පය තැබීමටවත් නුසුදුසු ලාංකිකයින් කීප දෙනෙක් එම රටවලට සංක්‍රමණය වී තිබීමයි. එම රට වල තියන නිවාස පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් ගැන මා අමුතුවෙන් මෙහි ලිවිය යුතු නැහැ. ඒ රටවල වෙසෙන ජනතාව දන්නවා ඒ රටවල තිබෙන සබැ තත්වය. ලෝකයේම ඉන්න ජනතාව යුරෝපයට සංක්‍රමණය වීමට උත්සහ කරන්නේ එම රටවල තියන යහපත් තත්වය නිසා තමයි. ලංකාවෙන් එම රටවලට ගොස් ඇති බොහෝ දෙනෙකුත් ඉතාලියේ හා ප්‍රංශයේ ත් හොඳින් ජිවත් වන බවත් රහසක් නොවේ. නමුත් අවාසනාවකට, යම් කිසි හේතු මත යමෙකුට මේ තත්වයන් වෙනස් වීමට පුළුවන. "පිටිගල මිලානෝ" මහතා ඔබගෙන් මා කාරුණික ඉල්ලීමක් කරනවා. කරුණාකර හැකි ඉක්මනින් මානසික වෛදය වරයෙකු මුණ ගැසෙන්න. එය සමාජයටත් කරන යහපතකි. (ස)
පිටගල මිලානෝට කැපිල පේන්න පුදුම ආසාවක් තියෙනවා වගේ.තට්ටු අට බහිද්දි මගදිම වැඩේ වෙනවනෙ හලෝ. (නි)
පිටිගල, අපි ප්‍රංශය ගැන බලා ගන්නම්. ඔයා මිලානෝ නගර සභාවට ඡන්දෙ ඉල්ලනවා කියලත් ආරංචියි. ඉතින් ඒකත් කරගෙන මිලානෝ ඉන්න වෙන්නප්පු අයියලාට වැඩක් කරගෙන ඉන්න බලන්න. වැඩිය ලියන්න නම් එපා ඡන්ද අඩුවෙයි. (ස)
බොස්ටන් වික්‍රම පාරේදී ලංකාවේ ගැහැණු කෙනෙක් හම්බවුනොත් කන්න බොන්න සහ නවතින්න ඉල්ලනවද?(නදී)
පිටිගල නිසා විජේ අයියගේ මරණය අමතක වෙලා. කතාව වෙන දිහාවකට යනවා. විජේ අයියාට නිවන් සුව පතමි. (නි)
බොස්ටන් කියන කතාව ඇත්ත කට්ටියට රිදිලා. ලාංකිකයෙක් මෙහි ආවම අපිත් ඒ පැමිණි පුද්ගලයත් දෙපාර්ශවයම කැමැති තම තමන්ගේ උදවිය ඇසුරු කරන්න , පිටිගල ,ඉතාලි ගිය මෝඩ කමට අනුන්ට ඉරිසියා කරන්නේ නැතුව , ඔය ලැබෙන යුරෝ 600 අරගෙන ආච්චිල නාවා නාවා හිටියොත් නරකද ? (නදී)
ඔය ප්‍රංස-ඉතාලි -රටවල් දෙකෙම මිනිස්සු දුක් මහන්සි වෙලා වැඩ කරන්නේ රටවල්වල ගිහිල්ල මහන්සි වෙලා මුදල් සොයාගෙන ලංකාවේ ගෙවල් හදල ලෝකෙට පෙන්නුවට, ඔය රටවල ඉන්න ලංකාවේ අය අසරණයි. ඒ මිනිස්සුත් අරාබි ගියා වාගේ තමයි ගෙවල් වල වැඩ කරලා යමක් සොයන්නේ . අහම්බෙන් රෙස්ටුරන්ට් එකක වැඩ ලැබෙයි,දුක් ජිවිත ලංකාවේ කව්රුත් හිතන්නේ ඉතාලි, ප්‍රන්සේ ගියා කියන්නේ ඇමෙරිකාවේ ,එංගලන්තේ ගියා වගේ කියලා. ප්‍රන්සේ ඉතාලි කට්ටිය එංගලන්තේ වගේ රටවලට හොරෙන් පනිනවා. ඒ රටවල් දුක නිසා. ඒක තේරුම් අරගෙන හරවත් දේවල් කතාකරන්න.(නදී)
මර්සි ලංකා, ඔබ ප්‍රංශයට සංක්‍රමණය වුනේ ලංකාවේ කුමන විභාගය පාස් කරලද? කියන්නකෝ ලංකාවේ තවත් අයට නීත්‍යානුකූලවම යන්න. (නි)
හොඳ වෙලාවට මෙහෙට බෝට්ටු වලින් එන්නේ දකුණු ඇමරිකානු කට්ටිය විතරයි. මං අහලා තියෙන්නේ ගිහින් ආපු සැමගෙන් ඉතාලිය කියන්නේ යුරෝපේ මැද පෙරදිග රටක් වගේ කියලයි (නි)
මෙතනට අදහස් දාන ප්‍රංශයේ ඉන්න ගොඩක් අයට ප්‍රංශයේ වැරැද්දක් කියනකොට හරියට තරහා යනවා. හේතුව තමයි තමන් ඉන්න රට ලෝකේ හොඳටම රට කියලා හිතාගෙන ඉන්න එක. නමුත් ලංකාවේ ඉපදිලා ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබලා පිටරට ගිහින් ඉන්න මේ මහත්තුරු නෝනලා ඔක්කොම ලංකාවේ දකින්නෙම වැරදි. නුගත්, නොදියුණු, අශීලාචාර මිනිස්සු ඉන්නේ ලංකාවේ කියලයි එයාලා හිතාගෙන ඉන්නේ. ලංකාවේ මාළු කඩේ මැස්සෙක් ඉගිලෙනවා දැක්කහමත් නහය වහගෙන දුවන අය තමයි ඔය පිටරටවල ඉන්නේ. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ලංකාවේ තිබුනා නම් ඔය කාටවත් පැරිසියේ අසිරිය බලන්න ලැබෙන්නේ නැහැ. (නි)
විජේ ප්‍රන්සයේ ජීවත් උන දක්ෂ බාස් කෙනෙක් මේ සිද්දිය උනේ ඔහුගේ වැඩකරුපු චතෝ (මාලිගාවක) අලුත් වැඩියාවක් කල තැනක ප්‍රන්සයේ ශ්‍රීලංකා සමාජයට විශාල පාඩුවක් පන්සල්වලට කල සේවය අගය කරමි කිසිවෙකුට කරදරයක් නොකර පාඩුවේ අහිංසක ජීවිතයක් ගතකල විජේ ඔහු නවාතැන්ගෙන සිටි නිවසේ සිදුවුණු ගින්නකින් (නිදා සිටියදී ) මරණයට පත්වුණි ලංකාවේ ලිපිනය (නදී)
විජේරත්න 3 ගිරිඋල්ල පාර කණ්ඩලම මීරිගම විජේ අය්යේ පතමි නිවන්සුව (නදී)
විජේ ඔබ වෙනුවෙන් මමත් මොනවාහරි කරනවා. ඔබට අමා මහා නිවන් සුව පතමි! (නි)
එංගලන්තයේ වැඩි කොටසක් ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ ලංකාවේ ඉන්න බැහැ මරනවා යයි කියා සරණාගත භාවය ලබාගත් අයයි. ලංකාවෙන් යන අයගේ ඉංග්‍රීසි භාෂාව ඉතාමත් දුර්වල නිසා හරි හමන් රැකියාවක් මෙහෙදී ලැබෙන්නේ නැත. වැඩි හරියක් කරන්නේ ආණ්ඩුවෙන් දෙන සහනාධාරයෙන් (බෙනිෆිට්) වලින් සමාජ සේවා නිවාස වල ජීවත් වෙන එකයි. ලංකාවෙන් යන වෛද්‍යවරු හැරුණු විට වැඩි හරියක් වැඩ කරන්නේ පැට්‍රල් ෂෙඩ්, කුකුල් මස් බදින කඩ වල් වල සහ මහලු පුද්ගලයන් බලාගැනීම වැනි නුපුහුණු වෘතීන්ය. මේ හැම රටකින්ම යන අය ලංකාවට ගොස් ලොකු ලොකු තානාන්තර කරන බව පවසා බොරු කියා සමහරු විවාහ පවා කරගන්නවා. නමුත් ප්‍රංසයේ සහ ඉතාලියේ සිට එංගලන්තයට එන ශ්‍රී ලංකික සංක්‍රමණිකයින් මුදල් බෙහෙවින් රැගෙන එන, යුරෝපීය පිළිවෙලට අඳින, ඉංග්‍රීසි ඇතුළු ප්‍රන්ස, ඉතාලි,ජර්මන් වැනි යුරෝපීය භාෂා කීපයක් කතා කරන සහ යුරෝපීය විදේශ ගමන් බලපත්‍ර සහිත අයයි. ඒ නිසා මෙම සංක්‍රමණිකයන් හොඳ ගෙවල් මිලදී ගෙන හොඳ රැකියා කරමින් ජීවත් වෙනවා. එංගලන්තයේ වැඩි හරියකට තවම ඇත්තේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයයි. (නදී)
මම මේ කල්පනා කළේ වැසිකිළි යන්නවත් නිදහසක් නැත්නම් ඇයි මෙයාලා ලංකාවට නොඑන්නේ කියලා (නි)
මම හිතන විදියට පිටිගලගේ මොලේ සෛල ගොඩක් දුර්වල වෙලා වගේ ඔහු මේ ලිව්වේ එයාගේ වර්තමාන ජීවන තත්වයයි. මගේ අත් දැකීමේ හැටියට ප්‍රන්සයේ ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිස හොඳ ජීවන රටාවක් සහිත ලොකු ගෙවල් වල ජීවත් වන පිරිසක්. වගේම මේ අය ලංකාවේ නැති බැරි අයටත් උදව් කරමින් තමයි ජීවත් වෙන්නේ. පිටිගල මහත්මයට වගේම සුප් ගැට්ට පෙරේරා මහත්මයටත් මේ කාරණා ගැන කිසිම අවබෝධයක් නැති හැඩැයි(නදී)
පුක්කුස වීරේ එඩ්මන්ටන්, ඔබ ඕවා හිතේ දුකට කියන කතා.(නි)
පැරිස් බෞද්ද විහාරය ඉදිකිරීම්වලදී විසාල වැඩකොටසක් කරපු මගේ හිතවත් විජේ මහතාට නිවන් සුව පතමි. (නදී)
මහගෙදර ඇඹිලිපිටියට .ඔයා පිටගල මිලානෝ ගේ කවුද?ප්‍රංශයේ වැරදි කරන අය අඩුයි .ඉතාලියේ වගේ හොරු මකොල්ල කාරයෝ. නෑ.පත්තරේ බැලුවොත් ඉතාලියේ එක්කෝ ගහගෙන මරාගෙන මරලා. ඔය කියන විදිහට ප්‍රංශයේ ඉන්න අය විතරද මැස්සන්ට බය.අනික මලු කඩේ විතරද මැස්සෝ ඉන්නේ ? මාළු කඩේ මැස්සෙක් ඉගිලෙනවා දැක්කහමත් නහය වහගෙන දුවලා වැඩක් නැ.මෝඩ කතා කියන්න එපා .දුගඳට තමයි නහය වහගන්නේ.ඔබ තුමා ගඳ සුවඳ දන්නේ නැ ඒකයි. මැස්සෝ මදුරුවො පිරිලා හැම තැනම .ලංකාවේ පිරිසිදු කම ගැන ඔයා කියන්න ඕනි නෑ අපිට.අනික මේ රටවල ඉන්නේ ඉගෙන ගන්නේ අපු අය විතරක් නෙමේ.ඉගෙන ගන්නේ ගොඩක් යන්නේ එංගලතය කැනඩාව ඕස්ට්‍රේලියා වගේ රටවලට....ලංකාවේ ඉන්න අය දියුණුද නොදියුණුද කියලා දන්නෝ දනිති.ප්‍රංශයේ ලෝකේ හොඳටම රටක් තමයි කොහොමත් .... හැම අතින්ම නිදහස තියෙන ... (ස)
පිටිගල අයියේ, පැරිසියේ 'ගොම්බෙට්ටා' කියල ප්‍රදේශයක් තියනවා කියල ඔබගෙනුයි මම දැන ගත්තේ. ලංකාවේ කට්ටිය ඔක්කොම එහේද ඉන්නේ? (දී)
ලේක්කෝ ගලබඩ මහතෝ ...... රටකින් රටකට ගියාම අප ලාංකිකයන් හැටියට තව ලංකාවේ කෙනෙක් මුණ ගැසුනම කතාකරනවා. ඒ වගේම කැම වේලක් දෙන්න එන්න කිව්වම යනවා . මොකද ලංකාවේ විදියට කන්න ලැබෙන්නේ නැහැ. ඔබ සංචාරකයෙක් හැටියට . එක මදි කමක් නෙමේ . අනික වෙනත් රටවල සිටින ලාංකිකයන් යහළු වෙනවා . අදහස් උදහස් දැන ගන්නවා . එහෙත් මේ ලේක්කෝ ගලබඩ ඉතාලියේ නිසා ඔහු එන මිනිහගෙන් කනවා ඇති . එකනේ ඔබට තරහ ගියේ බොස්ටන් වික්‍රම කියපු එකට . ඔය පිටිගල වගේ ඔබ වගේ අයට මේවා පුරුදු නැතුව ඇති . සංචාරය නොකරන නිසා (නදී)
පළමුව මිය ගිය ජයලත් ආර් විජේරත්න මහතා වෙනුවෙන් මම නිවන් සුව පතමි . මෙම පිටුවම ඉතාලියේ වසන වසලයෙක් ජරා කර තිබේ . ඉතාලියේ වෙසෙන දෙනුමක් ඇති උගත් අයටද මේ කරන්නේ නිගාවකි . පිටිගල මිලානෝ ලේක්කෝ ගලබඩ . ගල උඩ මල පහ නොකරන්න (නදී)
ප්‍රංශයේ ගොඩක් අය ජීවත් වෙන්නේ තට්ටු අටක් විතර පයින් ගොස් ඉහලම මාල වල සමහර විට හිට ගන්න වත් බැරි කුඩා කාමර වලයි. මේවා වහලයට ආසන්න නිසා සීතල කාලයේදී හරිම සීතලයි. සමහර තැන් වල වැසිකිලි යාමට තට්ටු අටම බහින්න අවශ්‍යයි.(නදී)