කොළඹ සුපිරි වෙළෙඳ සලක දී ශ්‍රී ලංකාවේ රුසියා තානාපති කාර්යාල නිලධාරියකුට බැන පහරදීමට උත්සාහ කළැයි කියන මංජුල වීරකෝන් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (14) නියෝග කළේය.
කොළඹ සුපිරි වෙළෙඳ සලක දී ශ්‍රී ලංකාවේ රුසියා තානාපති කාර්යාල නිලධාරියකුට බැන පහරදීමට උත්සාහ කළැයි කියන මංජුල වීරකෝන් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (14) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි වැඩිපුර අතේ ගැවසෙන අයට බොහොම අමාරුවක් තියනවා. එයාලා හිතන්නේ මහා කෙරුම්කාරයෝ කියලා. ඉවසීම අනුකම්පාව අහලකවත් නැහැ. හොඳ දඬුවමක් ලැබුනොත් හොඳයි (නි)
ජාත්‍යන්තර සම්බන්ධතා බාල්දු කරන මේ වගේ අයට එරෙහිව තදින් ක්‍රියාකළ යුතුයි (නි)
රාජ්‍යතාන්ත්‍රිකයෙක් වේවා සාමාන්‍ය කෙනෙක් වේවා බැණවැදීම හෝ පහරදීමට තැත්කිරීම බලවත් වරදක්. (නි)
ඔහොම අය ඕනෑතරම් ලංකාවේ ඉන්නවා. (නි)
මේයාට දෙන්න ඕන අම්මාගේ කිරි මතක් වෙන්න. නුගත්කම තමයි මේකට හේතුව (ම)
රට තුළදීම රට පැරදවීමට දායක වෙන්නේ මෙහෙම වැරදි තමයි (නි)
මත කුඩු හෝ මත් විකුණා මුදල් උපයන රාජ්‍ය තාන්ත්‍රික මෙති ඇමති වරුන්ගේ යහළුකම උඩ , නුගත් උන් සල්ලි ලැබුනාම ලොකු බි එම ඩබ්ලිව් හෝ මර්සිඩීස් අර ගත්තම තමා කවුද කියා අමතකවී , මුළු ලෝකයම ඒ අයට යටත් කියා සිතීම තුලින් ඇති වන සිද්දීන් මේවා , පසු ගිය රජය යටතේ මේවා සුලබව අපි දෙක්කා . උපරිම දඬුවම් දී මෙවැනි ක්‍රියා වල යෙදෙන අනික් අයටද පණිවිඩයක් මෙතුලින් ලබා දිය යුතුය (අ)
ආ ඇත්තද චන්න දැනගන්නවා මේ අපේ සජින් වාස් මන්ත්‍රීතුමාගේ හොඳ යාලුවෙක් කියන එක, සජින් වාස්ලා අපහු බලයට එනවා එතකොට බලාගමු. (අ)
මේ වැඩ වලින් හොඳ නැත්තේ අපේ රටේ නමට නේද? (නි)
අනේ අපේ රටේ නම! (නි)
නුගත්කමේ මෝඩ ගොන් ජෝක් (ම)
ලංකාවේ පොලිසිය සහ නීතිය දුබලයාට නම් හරියට කෙරෙනවා. රුසියාව ලංකාවට කොතරම් හිතවත් රටක්ද? නොමිලේ ශිෂ්‍යත්ව දීලා වෛද්‍යවරු රටට ලබාදීලා අපිට ටයර් කම්හලකුත් තෑගිකළ රටක්...! .මේ සමහරු ඕවා දන්නේ නැහැ සල්ලි හා බලය අතපතගෑවට. (නි)